පසුගිය වසරේදී සිදු වූ මාර්ග අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 2910 බව රථවාහන නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව පසුගිය වසරේ  මාරක අනතුරු 2753 වාර්ථා වූ බවත් ඉන් 1148 ක් යතුරුපැදි සහ 352 ක් ත්‍රිරෝද අනතුරු බවත් ඔහු පවසයි 

මෙම මාරක රිය අනතුරු වලට ප්‍රධාන හේතු ලෙස වමෙන් රිය ධාවනය,අනාරක්ෂිත ස්ථානයන්හී රිය ඉස්සර කිරීමට යාම,අනවධානයෙන් රිය පැදවීම,රියදුරු බලපතු නොමැතිව රිය පැවීම සහ බීමතින් රිය ධාවනය බවද ඔහු පැවසීය

මෙම රිය අනතුරු සිදුවීම පාලනය කිරීමට පොලිසිය සෙනසුරාදා දිනයන්හී විශේෂ උපදෙස් පංති ආරම්භ කොට ඇති බවත් මේ වසරේදි එම උපදෙස් පන්ති වඩා විධිමත්ව පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා අනතුරු වලක්වා ගනිමින් තම ජීවිත මෙන්ම පදිකයන්ගේද ජීවිත රුක ගැනීමට 2017වසරේ සෑම රියදුරෙක්ම සිතට ගත යුතු බවද වැඩි දුරටත් පැවසීය

phalitha fernando copy