IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මගේ දුර්වලකම් දැනගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්න ඉඩක් තියෙනවා

2016-05-13-ent-21

2016-05-13-ent-23හිමද්‍රි මනි තිවාරි යනු ඉන්දියානු නිරූපිකාවක් වෙයි. ඇය නිරූපණය පිළිබඳව දකිනා ආකරය සහ ඇයගේ තොරතුරු බිඳක් මෙහි දැක්වේ

මම මුම්බායිවල ඉන්නේ. ඒත් මම අයිති වෙන්නේ ලක්නව්වලට. රංගනය කියන්නේ මගේ ජීවිතයේ ආශාව වගේම මගේ මුළු ලෝකයම. ඒ වගේම මම ආදරේ කරන තවත් දෙයක් තමයි මගේ අම්මා. සිංදු කියන්නත් මම ඉතාම ආසයි කිව්වොත් වැරදි නැහැ.

මම විලාසිතා ලෝකයට, නිරූපණ ශිල්පයට පය තියන්නේ මගේ ළමා කාලයේදීමයි. ඇත්තටම කියනවා නම් මම කුඩා කාලෙදී මගේ තාත්තා මට කිව්වා බොලිවුඩ් ලෝකයේ චරිතයක් වෙන්න ඔහුගේ තිබුණු ආසාව. ඒ මොහොතේ ඉඳන් මම සිනමා කර්මාන්තයට ආශක්ත වුණා කිව්වොත් නිවැරදියි. ඒ වගේම තමයි බොලිවුඩ්වල මගේ වාසනාව හොයාගෙන යන මගේ ගමනට මගේ පවුලේ හැමදෙනාම සෑහෙන සහයෝගයක් දුන්නා.

මම ආශක්ත වෙන්නේ, අගය කරන්නේ මොන වගේ පිරිමියෙක්ටද? හොඳ ප්‍රශ්නයක්. ඒ කෙනා හොඳ මනුස්සයෙක් වීම ප්‍රමාණවත්. මට මගේ ගැන බලා ගන්න පුළුවන්. මගේ පවුලේ අයගෙන් සහ මගේ සමීපතමයන්ගෙන් මම ජීවිතේ ගැන, ජීවත් වීම ගැන ඉගෙන ගෙන තියෙනවා. ඒ නිසා මාව ජීවිතේ ඇතුළේ බලාගැනීම මම පිරිමියෙක්ගෙන් කිසිම කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට වුවමනා පිරිමියා හොඳ, යහපත් මනුෂ්‍යයෙක් නම් ඒ හොඳටම ඇති.

මගේ ගැන විස්තර කරනවා නම්, මාව මට හඳුන්වන්න පුළුවන් සාමාන්‍ය පුද්ගලයෙක් කියලා තමයි. අහස උසට විහිදිලා ගිය බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම අරමුණු කරගෙන ඉන්න සාමාන්‍ය ගැහැනු ළමයෙක්. අනෙක් අතට මගේ හොඳ ගතිගුණ කියලා මට විශේෂයෙන් දෙයක් කියන්න බැහැ. මගේ දුර්වලකම් ගැනත් මම විශේෂයෙන් කියන්නේ නැහැ. මොකද මගේ දුර්වලකම් දැනගන්න කෙනෙක් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඉඩක් තියෙන නිසා. ඒ නිසා මම හිතනවා මගේ දුර්වලකම් හරි හොඳ ගතිගුණ ගැන හරි කතා නොකරන එක වඩාත් හොඳයි කියලා.

මේ ලෝකේ මිනිස්සු ජාති, ආගම්, කුල, හමේ පාට මේ හැම දෙයක්ම සලකමින් බෙදිලා ඉන්නවා. ඒක ඇත්ත. කොහොම වුණත් මම හිතන්නේ අපි හැම කෙනෙක්ම කොයි තැනක ඉපදුණත්, කොතන ජීවත් වුණත් යම්කිසි ජීවන අරමුණක් කරා කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් නම්, අනෙක් මිනිසුන් සමගින් සෘජුව ගනුදෙනු කරන්න පුළුවන් නම්, හැමවිටම ධනාත්මකව දේවල් දකින්න, ධනාත්මක ප්‍රවේශයකින් හැම දෙයක්ම කරන්න පුළුවන් නම්, අපේ ජාතිය මොකක් වුණත්, කොයි වගේ ජාතිවාදී අදහස් තියෙන තැනක හිටියත් අපිට හැකිවෙයි සමාජයට යහපතක්, වෙනසක් කරන්න. අපිවම හොඳ උදාහරණයක් විදියට පෙන්වන්න හැකි වෙයි.

 

Model: Himadri Mani Tiwari

Photography: Malaka Weligodapola

Hair & Make-up: Dayan Indrajith

Assistance: Ruwinda Uduwarage / Shameera Rajapaksha

Graphics: Anushi Danthanarayana

Text: Pathum Punchihewa

 

2016-05-13-ent-19
2016-05-13-ent-22
 2016-05-13-ent-24
2016-05-13-ent-25
2016-05-13-ent-26
2016-05-13-ent-27
2016-05-13-ent-28
2016-05-13-ent-29
2016-05-13-ent-30
2016-05-13-ent-31
2016-05-13-ent-32
2016-05-13-ent-33
2016-05-13-ent-34
2016-05-13-ent-35
2016-05-13-ent-36
2016-05-13-ent-37
2016-05-13-ent-38
2016-05-13-ent-39
2016-05-13-ent-40
2016-05-13-ent-41
2016-05-13-ent-42



අදහස් (0)

මගේ දුර්වලකම් දැනගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්න ඉඩක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site