අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ අටක් ලබාගෙන ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ සිට කොළඹ ආනන්ද විද්‍යාලයයට පැමිණි ඉසුරු මහේෂ් සිසුවා මෙවර කලා අංශයෙන් දිවයිනේ 18 වැනි තැනට පත් විය.
ඔහු උපදින්ම දෑස් නොපෙනෙන සිසුවෙකි.
පාසල් අධ්‍යාපනය නිමවා නිවසට ගිය පසු ඔහුට ඇසෙන පරිදි පොත් පත් කියවන්නේ ඔහුගේ මවයි.
‘අම්මා රෑ 12, 1 වෙනකම් පොත් කියෙව්වා. මගේ ජයග්‍රහණය පිටුපස ඇති සෙවණැල්ල මගේ අම්මා.‘ යැයි ඉසුරු මහේෂ් තම ජයග්‍රහණය ගැන කතා කරද්දී මුලින්ම කීවේය.
කොළඹ ආනන්ද විද්‍යාලයයේ අද පැවැති උත්සවයක දී ඉසුරු මහේෂ් සිසුවා විශේෂ ඇගයීමකට ලක් විය.
එම උත්සවය ඇමතූ සිසුවා තම පාසලේ සහෝදර සහෝදරියන්ට ඉදිරියට යෑම සඳහා ඔවදන් දුන්නේ තමන් උදාහරණයට ගෙනය.
‘දෙමාපියන්ට කරන ලොකුම ගෞරවය මෙවැනි ජයග්‍රහණයක් අත් කර ගැනීමයි. මට වගේ නෙවෙයි, ඔබට දෑස් තිබෙනවා. ඔබට පුළුවන් පොත් පත් පාඩම් කරන්න. දෙමාපියන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග එයයි.
උපතින්ම මට ලොකු දෙයක් දෛවය විසින් අහිමි කරලා තිබ්බා. ඒ අහිමි දේ ගැන හිත හිත හිටියා නම් මට තවමත් අඬ අඬ විතරයි ඉන්න වෙන්නේ. තමන්ට තිබෙන දේවල් පාවිච්චි කරලා ජීවිතය ජය ගන්න උත්සාහ කරන්න.‘ යැයි ඉසුරු මහේෂ් කියද්දී උත්සව සභාවේ සිටි බොහෝ දෙනකුඟේ දෑස් කඳුලෙන් තෙත් වී තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස් පෙනෙන බොහොමයක් අයට නැති ඔබට ඇති නුවණැස ඉතා ප්‍රභලයි පුතා. අනිවාර්යෙන්ම ඔබ රටට, ජාතියට විශාල මෙහෙවරක් කළ හැකි වටිනා පුද්ගලයකු වෙනවාමයි. ඔබට ජය! (නි)
පුතා ඔබ සැබෑ දක්ෂයෙක් දීප්තිමත් අනාගතයක් පාර්ථනා කරමි උණුසුම් සුබ පැතුම් ඔබට තෙරුවන් සරණ අාශිර්වාදය ලැබේවා (හේ)
ඔබට ජය වේවා (ම)
තව තවත් ඉදිරියට යන්න චිත්ත ධෛර්ය ලැබේවා.(හේ)
ඇස් තිබිලත් පිස්සු නටන පොඩි උන් ඉන්න කාලෙක ,පුතාගේ ජය ගැන අපි උපරිමයෙන් සතුටු නොවී කොහොමද .සුභ අනාගතයක් (අ)
ඇස් දෙක පේන කන් දෙකත් ඇහෙන අපි මොක්කුද කියල හිතෙනවා. ඔබට ජය . (අ)
සුබ පැතුම් පුතා (අ)
මවගේ සෙනෙහස යෝධ ඇලේ බැම්මටත් එහායින් පිටාර ගලාගිය ආදර්ශමත් කතාවක්. පුතේ, ඔයා ඔතනට ගෙනා අම්මාට මගේ ප්‍රණාමය පුදමි. (නි)
අහන්නත් සතුටුයි.අපේ ඇස්වලටත් කදුළු එනවා.දෙමව්පියන්ගේ සල්ලි වලින් පිස්සු වැඩ කරලා ජීවිතේ අවුල් කරගන්නා බොහෝ පුතුන්ට ලොකු ආදර්ශයක්.බුදු සරණයි දරුවෝ ඔයාට.(අ)
උදාරයි පුතා! (නි)
අම්මා... පෙම්බර අම්මා... (නි)
ඔබට උණුසුම් සුබ පැතුම්! ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබගේ ශක්තිය ඔබගේ අම්මාය. (නි)
රත්තරන් දෙමව්පියෝ! මල්ලියේ, ඔබට තෙරුවන් සරණයි! (නි)
මේ රත්තරන් දරුවා අභියෝගයකට අභියෝග කරලා ඇස් පෙනෙන අනෙකුත් පාසල් සගයන්ට පෙන්වූ විල්ලුද පලස ඉතා අලංකාරයි. දරුවාගේ කටහඬේ ඔහුගේ දීප්තිමත් අනාගතය සනිටුහන් කර ඇත. (නි)
ඔබ වැනි පුතෙක් දෑස් පෙනෙන අපට හොද ආදර්ශයක්. (අ)
ඔබට සියළු දෙවි රැකවරණ ලැබේවා! (නි)
කුඩා කල ගාල්ල ශාන්ත ඇලවිසියස් විදුහලේ අකුරු කළ ඔබට ඉදිරියට යන්න සියළු රැකවරණ ලැබේවා! (නි)
පුතේ ඔයාගේ කතාව අහලා මගේ ඇස් වලට කඳුළු ආවා. ඇස් ගෙඩි දෙක තියාගෙන මගඩි වැඩ කරන අය ඉන්න මේ රටේ ඔයා වගේ රත්තරන් දරුවෙක් වදපු දෙමව්පියන් හරිම වාසනාවන්තයි. ඒ වගේම ඔය අනික් යට ලොකු ආදර්ශයක්. ඔයාගේ අනාගතේට මම හද පතුලින්ම සුබපතනවා. ඒ වගේම මතු උපදින කිසිම සංසාර බවයක කිසිම අඩුවක් නැතිව ඉපදීමට වරම් ලැබේව කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා.! (ර)
සුබ පැතුම් මල්ලියේ. ඇත්තටම ඔය ගැන ආඩම්බරයි. (නි)
පුතේ, ඔයාගේ කතාව සජීවීව අහපු ආනන්ද විද්‍යාලයේ ගුරුවරියක් මම. ඒ මොහොතේ මම ඇතුළුව අනෙක් සියලු දෙනාගේම දෑසට කදුළු නැගුනා. ඔබ විශිෂ්ටයෙක්!! ඔබ සැමටම අදර්ශයක්. ඔබට තෙරුවන් සරණයි! (නි)
ලංකාවේ සිද්ධවෙන පිස්සු වැඩ කියවලා ඔලුව අවුල්වෙලා ඉන්න අයට මේ වගේ දෙයක් අහන්න ලැබීමත් පිනක්. ඔබට ස්තුතියි පුතා. අපේ ඇස් වලත් සතුටු කඳුළු. ඔබේ ධෛර්යය ඔබට ආශිර්වාදයක් වේවා! (නි)
මොනවා වුණත් ඔබ අද හොඳ තැනක ඉන්නවා. ගොඩක් සතුටුයි. ජය වේවා....! (නි)
ගොඩාක් ලොකු ආදර්ශයක්. හැමදාමත් ඔබට වාසනා! (නි)
ඔබ වැනි දරුවන් අපේ රටට වාසනාවක්. මගේ දෙනෙත් කඳුලින් තෙත් වුණා. ඔබටත් ඔබේ සෙවණැල්ල වුණ ඔබේ රත්තරන් අම්මාටත් තෙරුවන් සරණයි! (නි)
ආඩම්බරයි ගොඩාක්. බණ්ඩාර දිසානායකයන් නිසයි ඉසුරු ගැන දැනගත්තේ. බුදු සරණයි..! ඔයාගේ අනාගතේ මීටත්වඩා ගොඩක් සුන්දර වෙයි (නි)
විශිෂ්ටයි සහෝදරයා! (නි)
ඔබට තෙරුවන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා පුතා! (නි)
දිරියෙන් ඉදිරිය ජයගැනීමට වරම් ලැබේවා! (නි)
මගෙන් සුබ පැතුම්! (නි)
විශ්ව විද්‍යාලයට ආබාධිත සිසුවන් සෑම වසරකදීම ඇතුළු වෙනවා. සරසවි සිසුන් කිසිමවිටක ඔවුන් තනි කරන්නේ නැහැ. දේශනා ශාලා වලට පවා අතින් අල්ලාගෙන යන දර්ශන ඔබට සරසවියකට ගියවිට දැකගන්න පුළුවන් (නි)
ඔයාගේ අනාගතේට මම හද පතුලින්ම සුබ පතනවා. ඒ වගේම මතු උපදින කිසිම සංසාර බවයක කිසිම අඩුවක් නැතුව ඉපදීමට වරම් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.! (නි)
මේ කියන්නේ ඇස් ඇති අයගේ ඇස් පාරවන දෙයක්. මෙවන් දරුවෙක් ඉහළ යනකොට ඇස් වලින් දකින්න පුළුවන් අය ඒ ආදර්ශයට ගතයුතුයි. මේ දරුවා නැති දේ ගැන නොසළකා ඉහළ යාම ගැන හිතා සිතීම ඉතාමත්ම අගයමු. තියෙන අය තමන්ට යන්න පුළුවන් මඟ හිතුවොත් ඒ අයත් ගොඩ! (නි)
ඕනෑම දරුවෙකුගේ යෝධ ශක්තිය වෙන්නේ සෙවණැල්ලක් වන්ව පිටුපස හිඳින අම්මා මිස වෙන කවරෙක්ද? හොරෙකු, වංචාකාරයෙකු හෝ රජෙකු වන්නේ අම්මාගේ යහමඟ පෙන්වීම මතම මිසක් වෙන කිසිවෙකුත් නිසා නොවේ. (නි)
තව තවත් ඉදිරියට යන්න චිත්ත ධෛර්ය ලැබේවා! (නි)
උණුසුම් සුබ පැතුම්! ඔබට තෙරුවන් සරණේ අාශිර්වාදය ලැබේවා! (නි)
මට ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි (නි)
මගේ හදවතින් සුබ පැතුම්! (නි)
ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. තව තවත් ජයග්‍රහණ ලබමින් ඉදිරියටම යන්න ලැබේවා! (නි)
උණුසුම් සුබ පැතුම්! ඔබට තෙරුවන් සරණේ අාශිර්වාදය ලැබේවා! (නි)
ඔබ අභියෝග කර යන විශිෂ්ටයෙක් අනෙකුත් අයට ආදර්ශවත් රත්තරන් දරුවෙක්. මගේ සුබ පැතුම් ! (බ)
ඔයාට උගන්වන්න ලැබීම මටත් ගොඩාක් සතුටක් ඉසුරු . සුබපැතුම් ඔයාට (ම)
හරිම විශිෂ්ට දරුවෙක්. කියන්න වෙන කිසිවක් නැහැ.(අ)
තෙරුවන් සරණි ඔබට (ම)
දයාබර පුතේ, මෙම සටහන තබන මම ඔබට ඉතාමත් සුබ අනාගතයක් පතමි! බුදුසරණයි! අම්මා අම්මා අම්මා මතු බුදු වේවා! (නි)
ඔබ නියමයි ආදි ඇලවීසියානුවෙක් සුබ පැතුම් (බ)
නියමයි ඉසුරු පුතා. මගේ හදවතින්ම සුබ පැතුම් ! තෙරුවන් සරණයි (බ)