2017-01-02-ent-21

නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරන තනාෂා සතරසිංහ පසුගිය කාලයේ වඩාත් ජනප්‍රිය වු‍යේ නලීන් රාජපක්ෂගේ "රන් දේදුන්න" චිත්‍රපටය හරහා. එළැඹෙන වසරේදී තවත් චිත්‍රපට කිහිපයකින්ම ඔබ හමුවට පැමිණිමට සුදානමින් සිටින තනාෂා ඒ පිළිබඳව අපිට මෙසේ තොරතුරු පැවසුවෙමු. අලුත් අවුරුද්දෙ මා රංගනයෙන් දායක වුණ චිත්‍රපට 3ක් එන්න තියෙනවා.

මේ වසරේ මා රඟපෑ පළමු චිත්‍රපටය තිරගත වුණා. නලීන් රාජපක්ෂ මහත්මයාගේ "රන් දේදුන්න" තමයි මගේ පළමු චිත්‍රපටය. පළමු රංගනයට ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා. මම හිතනවා ලබන වසරේ තිරගත වීමට නියමිත අනෙකුත් චිත්‍රපට 3ටත් ඒ හා සමාන රසික ප්‍රතිචාර ලැබෙයි කියලා. ඊට අමතරව ලබන වසරේ නිරූපණ වැඩවලටත් ලොකු ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික ජීවිතේ පැත්තෙන් නම් වෙනසක් සිදු වෙන්නෙ නැහැ.

 

2017-01-02-ent-20
2017-01-02-ent-22