IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘‘මගේ අරගලය තවම අවසන් නෑ‘‘

(ඩයනා උදයංගනී)

ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක සේයා ඇති බවත්, ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පවා ඇතැයි කී කොළඹ අගරදගුරුතුමෝ තමන් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නේ ඒ සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කළහොත් පමණක් යැයි ද සඳහන් කළහ.

කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යූරෝ ලක්ෂයක (රුපියල් කෝටි හතරක පමණ) මුදල පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙත ලබාදීම වෙනුවෙන් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී අද (14) පැවති උත්සවයට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස පාප්වහන්සේ ද කිහිප වරක් ඉල්ලා ඇතත්, ශ්‍රීලංකාවේ යුක්තිය ඉටුවීම ඉතාමත් දුර්ලභ බවත් එයට හේතුව දේශපාලන නායකයන් නීතියට ඇඟිලි ගැසීම බවත් කාදිනල්තුමෝ කීහ.

පොලීසියේ උසස් නිලධාරියෙක් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට සුදානම් ව සිටියදී බලගතු පුද්ගලයන් මරන්න කුමන්ත්‍රණය කළ බවට බොරු චෝදනා එල්ල කර එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රහාරකයන්ට ඉදිරියට යාමට නිදහස දුන් අය ද සහරාන් හෂීම් මෙන්ම මෙම ප්‍රහාරයට වගකිව යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

 



අදහස් (11)

‘‘මගේ අරගලය තවම අවසන් නෑ‘‘

ruwan Sunday, 14 August 2022 02:23 PM

අර අරගලයට නම් අපේ සහයෝගයක් නැහැ. හැබැයි ඔය අරගලයට අපිත් ඉන්නවා. එකම අර අරගලය වගේ ඕකත් අල කරගන්න එපා..

:       53       19

fairoos Sunday, 14 August 2022 03:29 PM

අරගලයට ජයවේවා.. රනිල් ගෝ හෝම්

:       54       15

Vijitha Sunday, 14 August 2022 03:45 PM

අරගලය සාර්ථකයි. රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දුන් බෞද්ධ ඡන්දවලින් පත්කළ ජනාධිපතිතුමා පැන්නුවා

:       7       57

ranjith Sunday, 14 August 2022 04:01 PM

ඔය කුරිරු අපරාධය කරපු සහ සහයෝගය දුන්නු හෝ එමගින් වාසි ගන්න කටයුතු කරා නම් ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබෙයි.

:       3       78

ලලිත් අම්බලන්ගොඩ Sunday, 14 August 2022 05:28 PM

ඔබවහන්සේගේ ක්‍රියා කලාපය අන් අයට ආදර්ශයක්.

:       111       12

chandima Sunday, 14 August 2022 07:38 PM

ඒ මොකද? රාජපක්ෂල ආයෙත් එයි වගේද?

:       4       5

mahasen Sunday, 14 August 2022 09:09 PM

අලුත් ගිවිසුමද පරණ ගිවිසුමද පිළිගන්නේ. මට පේන්නේ පරණ ගිවිසුම පිළිගන්නවා වගේ.

:       2       17

Bhatiya Monday, 15 August 2022 04:24 AM

එකක් මතක තියා ගන්න කාදිනල්තුමා අරන්තලාවේ භික්ෂු ඝාතනයවූදා හෝ ශ්‍රීමහා බෝධිය ළඟ, ඝාතන හමුවේ හෝ ශ්‍රී දළදා මාලිගාවේ බොම්බ සිද්ධියේදී ඔය හඬ කොටි හිතවාදී රායප්පු පාදිලි උන්නාසේට එරෙහිව අවදි උනාද? පාස්කු ප්‍රහාරය හමුවේ ලංකාවේ සියලුම බෞද්ධ ජනයා කතෝලික ජනතාව සමග සිටි හැටි ඔබ වහන්සේට මතකද? හාමුදුරුවරු පල්ලි ශුද්ධ පවවිත්‍ර කරපු හැටි අපට මතකය. තවද සාමකාමී අරගලකරුවන් නිසා ජාතියට අහිමිවු කෝටි ගණනක දේපොළ හානිය සහ නැතිවුණු ජීවිත ගැන ඔබ වහන්සේ මොනවද කිව්වේ?

:       3       8

Hira Monday, 15 August 2022 07:58 AM

ඇයි ඔබතුමා සර්වබලධාරී දෙවියන්ටත් මෙය හා සමාන පීඩනයක් එල්ල නොකරන්නේය. පල්ලි ඇතුලටම ඇවිල්ලා දෙවියෝ මත්තෙම නහින මෙය ජනතාව බෝම්බ වලට හසුවේ කුඩුවෙලා යනකම් දෙවියෝ නිවාඩු ගිහිල්ලද හිටියේ. දැන් කියයි මේකත් දෙවියන්ගේ කැමැත්ත කියලා. දෙවියන්ට පුදුම ආසාවල්නේ තියෙන්නේ.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site