( ඩී.ජී.සුගතපාල)
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනි සිටිම සඳහා මුඛ ආවරණයක් නොමැතිව පැමිණ අධිකරණයේ පොලිස් නිලධාරින් සමඟ බහින් බස්වු පුද්ගලයෙකු ලබන 2 වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ දොඩන්දුව වතුදුරගේ නිශාන්ත කුමාර නමැති සැකකරුවෙකි.
සැකකරු අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනි සිටිම සඳහා පැමිණ මුඛ ආවරණයක් නොමැතිව අධිකරණ ශාලාවට ඇතුලු විමට සුදානම්වු අවස්ථාවේ අධිකරණයේ පොලිස් නිලධාරින් විසින් මුඛ ආවරණය පළඳින ලෙස පවසා ඇත.
එම අවස්ථාවේ සැකකරු එවැනි නීතියක් තිබෙන්නේ කොහේදැයි යනුවෙන් අසමින් පොලිස් නිලධාරින් සමග බහින් බස් වි ඇත.පසුව ඔහු අත් අඩංගුවට ගෙන අතිරේක මහේස්ත්‍රාත්වරියගේ උපදෙස් පරිදි ‘බි“ වාර්තාවක් මගින් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලගෙන කනවා