(විමුක්ති එස් රුද්‍රිගු)

මෙක්සිකෝවේ නුඒඕ ලියෝන් ප්‍රාන්තයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටීමෙන් අවම වශයෙන් 50 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සැන් පේද්‍රෝ ගාර්සා ගාර්ෂියා නගරයේදී මෙම ප්‍රචාරක රැළිය පවත්වා ඇති අතර වේදිකාව කඩා වැටෙන අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් අල්වාරෙස් මේනෙස් ජනතාව අමතමින් සිට ඇත.නගරයට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් වේදිකාව කඩා වැටෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බව එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති අපේක්ෂක මේනෙස් ප්‍රකාශ කළේය.

මිනිසුන් වේදිකාව මත සිටියදී කොටසක් කඩා වැටෙන අයුරු දිස්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන්හි සංසරණය වන බවත් ජනාධිපති මේනෙස් පැමිණ සිටි ජනතාවට අත වනමින් ආරක්‍ෂිත ස්ථානයක් කරා දිව යන අයුරු එහි දිස්වෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.