මේ ආණ්ඩුවෙ ඉන්න ඇමැති සයිස් මහත්තයෙක් ඊට වඩා උසස් තනතුරක් ලබාගන්න පිඹුරැ පතක් හදලලු.
උඩරට පළාතෙ දිසාවකට නායක කෙනෙක් වුණත් පසුගිය ඡන්දය පැරදුණු මුන්නැහේ පෙර පිනකට ජාතික ලැයිස්තු වාසනාව ලබාගත්ත...
කලින් ඉතාම තදින් මහින්දට බැණපු මුන්නැහේ දැන් එහෙම බණින්නෙත් නැහැ කියලයි ආරංචි... කට නිසා නොයෙක් කරදරවල වැටුණු මේ ඇමැති සයිස් මහත්තය තමන් අපේක්ෂා කරන ඉහළ පට්ටමට යන්න පක්ෂ තුනක පිරිස් එක්ක විටින් විට බත්තරමුල්ල පැත්තෙ ගෙදරක සාකච්ඡා කරන බව තතුදත් අය දන්නව... උන්නැහේගෙ උත්සාහය හරි ගියොත් මට "අහවලා" වෙන්නත් පුළුවන් කියල එයා ඇඟ රත්කරගත්තම කියනවලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd