
(සුජිත් හේවාජුලිගේ )
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දී ඇත.
ඒ සඳහා කඩිනමින් මුදල් සොයා ගැනීම කෙරෙහිද කොමිෂන් සභාවේ විශේෂ අවධානය යොමු වී ඇත.
නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වැඩි ඉඩකඩක් පවතින බව දේශපාලන විචාරකයෝ විශ්වාස කරති.
ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂද පසුගිය දිනවල වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර ඉදිරි වසර දෙකේදී මැතිවරණ කොමිෂන් තවත් මැතිවරණ හතරකට සූදානම් වෙයි.
මහ මැතිවරණය,ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය එම මැතිවරණ හතරයි.
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කරන්නැයි දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව ගණනාවක් දැනටමත් ඉල්ලීම් කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් නීති අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට ඇත.
එම නාමයෝජනා අහෝසි කරන්නේ නම් පාර්ලිමේන්තුවෙන් නොපමාව යෝජනාවක් සම්මත කරගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීති විශාරදයන්ගේ මතයයි.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
pakeer Saturday, 21 September 2024 08:43 AM
සල්ලි අච්චු ගහපිය
fairoos Saturday, 21 September 2024 01:44 PM
අනිවාර්යයෙන් හොරු ටික පන්නලා දාන්න ජන්දයක් ඔනැ.