ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වැනි දා පැවැත්වීමට නියමිත රැළිය සඳහා කොත්මලේ නව නගරයේ පිහිටි මහජන ක්‍රීඩාංගනය ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නුවරඑළිය තේරීම්භාර නිලධාරීට ලිඛිතව දැනුම් දී ඇත.
එම රැලිය කොත්මලේ මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කළින් අවසර දී තිබූ අතර පසුව එය අවලංගු කළ බව කියමින් එජාපයේ නීති ලේකම් මැතිවරණ කොමසාරිස්ට දන්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකෝ පිට්ටනි සොයා දීම මැතිවරණ නීතියක්ද? එය මැකෝට අයිති වැඩක්ද ? (හේ)
සමහරු පිට්ටනි තියාගෙන ඉන්නේ මොනවගේ වැඩවලටද දන්නෙ නැහැ (නි)
මැකෝගේ රාජකාරිය පිට්ටනි හොයා දීම කියල මම දන්නේ නැනේ. (ර)
කමක් නැහැ. සාධාරණයක් වෙන්න එපායැ (නි)
වැල යන පැත්තට තමයි මකොත් මැස්ස ගහන්නේ. (ර)
මේ යන ක්‍රමයට විපක්ෂයට රැස්වීමක් තියාගන්න පිට්ටනියක් වෙන්කර දීමට මැකෝ මැදිහත් වෙන්න වෙන්නේ, (හේ)
අනේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මහිමය?(හේ)
කොමසාරිස්තුමනි ඔබට ගොඩක් පින් (බ)
දැන් මහජන ක්‍රීඩාංගනය පුද්ගලික වෙලාද එතකොට ? (නදී)
"රැවුලයි" කැඳයි දෙකම බේරාගන්න එපායැ. (නදී)
ඔය තියෙන්නේ ක්‍රම සහ විධි.(නදී)
මේක යකාගේ ප්‍රජතන්ත්‍රවාදයක්නේ. මෙහෙව් පාලනයකට ආවඩන මිනිස්සුත් ඉන්නවනේ තවමත්. (බ)
රැස්වීම් තියන්න පිට්ටනිය දෙන්නේ නැති නම් අවලංගු කල හේතුව දන්වන්න ඕන නේද ? (ර)
මැකො මෙදා පාර වැඩේට බැහැල වගේ. නියමයි. සධාරණ මැතිවරණයක් තියන්න. (ර)
අපොයි මෙහෙමත් ප්‍රජාතාන්ත්‍රික රටක් !(හේ)
දැන් මහජනතාවට පොදු ස්ථාන පාවිච්චි කරන්න තහනම් ද ? (හේ)
අපිත් එනවා ඔබේ සහායට කොත්මලේට (නි)
මැකෝ දන්නවා හුළඟ හමන පැත්ත . (අ)
සාධාරණය ඉෂ්ට කරන්න නම් මැකෝතුමා අවශ්‍යමයි (නි)
මහජන ක්‍රීඩාංගනය කාටත් පොදුයිනේ (නි)
අද සාධාරන මැතිවරණයකට පහසුකම් ලබා නොදුන්නහොත් එය අපිට පමණක් නොව අපේ තව පරම්පරා ගණනාවක දු දරුවන්ට කරන අපරාධයකි. හෘද සාක්ෂියට එකඟව වැඩකළහොත් සියලු රටවැසියන්ගේ ආශිර්වාදයට ඔබතුමා නිසැකවම පත්වනු ඇත. (නි)
ජය නියතයි.(හේ)
මේ සිද්ධිය දිහා බලනකොට ප්‍රජාතන්ත්‍රවාදය නෑනේ.(හේ)
මැතිවරණ කොමසාරිස්තුමා ගත් එඩිතර තීරණය ගැන නිදහස්ව හිතන සියලුම දෙනා ඔබට ගෞරව කරනු ඇති. ගරා වැටෙන ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට කොයිතරම් දුරට ඔබට දිගින් දිගටම මැදිහත් වෙන්න සිදුවේදැයි හිතාගන්නත් අමාරුයි. (නදී)
දැන් මැකෝ හොඳද ? (නදී)
ඒ උනාට පැරදුනාට පස්සේ කියාවි මැකෝ ආණ්ඩුවේ ඉත්තෙක්, මැතිවරණය දූෂිතයි කියා (නදී)
මැකෝ හිතුවට වඩා හොඳ කෙනෙක් නේද ? (නදී)
එක අතකින් සාධාරණයි. මෙහෙම වෙන්නත් ඕනා (නදී)
මැකෝ පිට්ටනි සොයා දීම මැතිවරණ නීතියක්ද? එය මැකෝට අයිති වැඩක්ද ? (නදී)
ඔබ සියලු දෙනා යමක් තේරුම් ගන්න කාලය ඇවිත් (බ)
සැමට සමානව සලකනවා කියන්නේ මේකද ? ලැබෙන්න තියන එකත් නැතිවයනවා මේ වැඩ වලින්. (නදී)
ජනවාරි වලින් පස්සේ කවුරුවත් අවශ්‍ය වෙන එකක් නැහැ පිට්ටනි හොයලා දෙන්න. රටම එතුමාට බාරයි (නි)
මැකොත් එහෙනම් දන්නවා වැල යන්නේ කොයි බටද කියල. යනවිදිහට අපිත් මැස්ස ගහමු. (බ)
අද හම කෙනෙක්ම කියන්නේ මෛත්‍රී මහත්තයා දිනේවා කියලා තමයි (දිල්)
අපිත් එනවා ලංකාවට ඔබතුමාට ඡන්දෙ දෙන්න (නි)
මේක පුදුම ප්‍රජතන්ත්‍රවාදයක්නේ! සැමට සමානව සළකනවා කියන්නේ මේකද?රටවල මානව හිමිකම් සංවිධාන කියලා දෙයක් තියෙනවා නේද? අපේ ලංකාවේ ඒවා නිදිද? (නි)
වැරැද්දක් කරනවිට එය වැරද්දක් ලෙස දැකිය යුතු වගේම හොඳක් කරන විට එය හොඳක් ලෙසත් දැකීමට අපි පුරුදු පුහුණු විය යුතුය. නමුත් පුද්ගලයෙක් ජීවිතයේ වැඩිපුර වැරදි කලොත් ඉතිහාසයේ ඔහුව කුනු කුඩයට විසිවන්නේ නරක පුද්ගලයෙකු ලෙස බව කවුරුත් සිතා බැලීම වටි. (නදී)
මේකවත් නොතේරෙන බන්දුල පෙරේරා වගේ අය තමයි බහුතරය කියන ඡන්දදායකයෝ. මාධ්‍යයටවත් නිදහසක් නැති කල තව කතා කුමටද? ලංකාදීපෙට පින්සිද්ධ වෙන්න බන්දුලලාට අදහස් දක්වන්නවත් පුළුවන්. (නි)
මැ.කො. කරලා තියෙන්නේ ජනාධිපති වරණ නීතිය අනුව කළ හැකි සහ කළ යුතු දෙයක්. ඒක එතුමාගේ 'රාජකාරියක්'. දැන් සමහරු එතුමාව 'හුළං හමන පැත්තට' තල්ලු කරලා ඔහුව දේශපාලන ගැත්තෙක් කරන්න හදනවා. අනේ අපේ මිනිස්සු! (බ)
රටක මැතිවරණ කොමසාරිස්ට රැස්වීමක් තියන්න තැන හොයල දෙන්න වෙලා.මහින්ද චින්තනය මේකද? (බ)