ගංවතුරින් දැඩි පීඩාවට පත්වූ අයට පිහිට වීම සඳහා කලා ශිල්පීන් පිරිසකුත් පසුගිය දවසක, මුල්ලේරියාව, සේදවත්ත වැල්ලම්පිටිය පැත්තට ගියාලු.
ඒ ඒ කලා ශිල්පීන්ගේ මුදල්වලින් මිලදී ගත් දේවල් වගේම, ඔවුන්ගේ හිතවතුන්ගේ හා හිතවත් ආයතනවලින් ලැබුණු දේවල් තමයි අසරණවූ අය අතර බෙදුවෙ. පිසින ලද කෑම බීම හැර අනෙකුත් දේවල් ඒ අතර තිබුණා. එක් කෙනෙක් තුවා බෙදන කොට අනෙක් කෙනා දත් බුරුසු, දත් බෙහෙත් බෙදනවා. තව කෙනෙක් සබන් බෙදනවා.
ඔන්න එක පාරටම මේ අය අතර හිටිය දෙතුන් දෙනෙක් අතර හිකි හිකි ගගා හිනාවෙනවලු.
"මොකද්ද බං විහිලුව?" එක්කෙනෙක් ඇහුවලු.
"නෑ... නෑ... මම සබන් කැට බෙද බෙදා යනකොට එක ගෑනු කෙනෙක් ඒක එපා කියලා කිව්වනෙ."
"මොකා...? ඇයි ඒ?"
"ඒක එයා පාවිච්චි කරන බ්රෑන්ඩ් එක නෙවෙයිලු"

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.