මේ වසර අග වන විට ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාව හෙවත් එට්කා අවසන් ගිවිසුම අත්සන් කිරීම දෙරටේම බලාපොරොත්තුව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාප කටයුතු පිළිබඳ ඒකාබද්ධ ලේකම් සන්ජේ පාණ්ඩේ මහතා ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ ෆයිනෑන්ෂියල් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.
එට්කා ගිවිසුම් සම්බන්ධයෙන් මේ වන විට දෙරට අතර සාකච්ඡා වට හතරක් පවත්වා ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළ බව එම පුවත් වාර්තාවේ සඳහන් වෙයි. යථාර්ථවාදී ලෙසින් ශ්‍රි ලංකාවට පහසුවන ආකාරයෙන් මෙම අවසන් ගිවිසුම අත්සන් කෙරෙන බව ද ලේකම්වරයා පවසයි.
කෙසේ හෝ මේ වසර අගදී අවසන් ගිවිසුම සකස් කර හැකි පමණින් ඉන් ඵල ප්‍රයෝජන ගත යුතු බව ද ලේකම්වරයා පෙන්වා දී සිටී.
2000 වසරේදී අත්සන් තබන ලද ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට සහනදායි කොන්දේසි රැසක් පිරිනැමුණු අතර 2015-2016 වසරේදී දෙරට අතර ඇමෙරිකා ඩොලර් බිලියන 6ක වෙළඳ ගනු දෙනු සිදු වී ඇත.
- 125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ රුකඩ පාලකයින් ඉන්නකන් ඉන්දියාවට, ඇමරිකාවට විතරක් නෙවේ ඉතියෝපියාවට වුනත් එයාලට කැමති විදියට අණ කරලා කැමති දේ කරගන්න පුළුවන්! අනේ අපේ රට...
ඔය වෙලයි කියල බිලියන 6 වෙළඳාමෙන් අපේ රටට ලැබුන අදායම කීයද, ඉන්දියාවට ලැබුන අදායම කීයද? අපේ රටට ඉන්දියාවට ලැබුන ප්‍රතිලාභෙන් 10% ක් වත් ලැබිල තියනවද? නැහැ නේද? එහෙනම් ඊටත් භයානක එට්කා හොඳද? ඇයි අපේ පාලකයෝ මෙච්චර නිවට? රටට නොගැලපෙන රටට අලාබ වන ගිවිසුම් වෙන රටවල බලපෑමට අත්සන් කරන්න තරම්, ඇයි අපේ පාලකයින්ට රට ගැන රටේ හෙට දවස ගැන හැඟීමක් නැත්තේ?
වෛද්‍ය වරයාගේ පටන් කම්කරුවා දක්වා විශාල රැකියා හිගයක් හා එම රැකියා සඳහා නුසුදුසු වෘත්තිකයින් මේ ක්ෂේත්‍ර තුල නියැලීම හේතුවෙන් විශාලා අර්බුධයක් මෙරට තුල නිර්මාණයවී තිබෙනවා. මෙම අවාසනාවන්ත තත්වය සමනය කර ගැනීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් රජය ගත යුතු වෙනවා. සමහරවිට එට්කා ගිවිසුමත් මෙයට පිලියමක් විය හැකියි. . දේශපාලනයයි, ත්‍රී වීලර් රස්සාවයි,කපටිකමයි හැර වෙනත් කිසිම වෘත්තිය දක්ෂ කමක් නැති නිකමුන් පිරිසක් වර්තමානයේ බිහිවී තිබෙනවා. වැඩ බැරි කට කයිවාරුව පමණක් ඇති මේ නිකමුන් සමග රටකට ඉදිරියට යා හැකිද?
මෙම ගිවිසුම සදහා රජයට ජන වරමක් ලැබී නොමැත. රජය සෙල්ලම් කරන්නේ මේ රටේ අනාගත පරපුරේ ජීවිත සමගයි. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුපක් සමග ඔවුන්ගේ අනාගතය සුරක්ෂිතයි. එහෙම අයට මේ ගැන සිතාබලිමවත් සදාචාරාත්මක අයිතියක් තිබේද?
ඒගොල්ලෝ අපිව ගොනාට අන්ද අන්ද අපිව බිල්ලට දීල එයාලගේ වැඩේ කරගන්නවා. අපිව අවුරුදු තිහක් යුද්ධයකට මැදිකරලා ඒ මාර්ගයෙන් ඇමෙරිකාව ඇතුළු රටවල වෙළඳපොළට ඇතුළු වුනා. නමුත් පොරොන්දු වුනු විදිහට ඒගොල්ලෝ අපට එයාලගේ වෙළඳපොල විවෘත කලේ නැහැ. දිනෙන් දින කල්දානවා. නමුත් දඹදිව යන්න ගුවන්යානා යොදවල මෙතෙ කල් වෙනත් නගර හරහා දඹදිව ගිය සියලු මගීන්ගේ වෙළඳපොල අල්ලාගෙන, මාසෙන් දෙකෙන් කැඩෙන ගිලන් රථ වල අමතර කොටස් වලට වෙළඳ පොලක් ඇති කරගෙන , දැනටම අපේ සල්ලි කඩාගන්න පටන් අරන්. ඔය ඉන්දියානු එළුවා පස්සේ ගියා ඇති. දැන්වත් අර චීනය එක්කල එකතු නොවුනොත්, අපේ ප්‍රමාදයෙන් ප්‍රයෝජන අරගෙන, මේ කට්ටිය තවත් වරක් උතුර සහ වතුකරය කුලප්පු කරලා අපේ රට අස්ථාවර කරනවා සිකුරුයි. ලංකාවට ඉන්දියානු වෛද්‍යවරුන් එවන්න අවස්ථාවක් ලබාගන්න ඔය සයිටම් අර්බුධයටත් පොහොර දමයිද කියලයි මට බය.
විභීෂනලා හිටියේ රාවණාගේ කාලේ විතරක් නෙවෙයි බව පේනවා
එට්කා ගිවිසුම අහෝසි කිරීමට නායකයන් අකමැතිනම්, කරන්න තියෙන්නේ අපේ රටේ වසමාගම් හිමියන්ගෙන් අපි ඉල්ලමු රැකියා දීමේදී අපේ රටේ අයට මුලිකත්වය හෙවත් පළමු වන තේරීම දෙනලෙස. ඒ හැරෙන්න වෙන දෙයක් නැත. නමුත් ව්‍යාපාරිකයා සොයන්නේ ලාබය මිස රටේ පැවැත්ම පමණක් නම් පිළිතුරක් නැත. නමුත් දෙවන විරෝධතාවය ලෙස අපිට පුළුවනි එයාලගේ නිශ්පාදන මිලදී නොගෙන විරෝධතාවය පෙන්නවන්න.
වෙසක් එක පෙන්නලා ලංකාවට ඇවිල්ල ගත්ත තීරණයක් වගෙයි. ජනපති කියන දේවල් දැන් නම් කිසිම විශ්වාසයක් නැහැ.
කලින් ආණ්ඩුව ලංකාවේ ශ්‍රමිකයන් කොරියාවට යැව්වා. හැබැයි මේවගේ රටට අහිතකර ගිවිසුම් වලට ගියේ නැහැ.මේකෙන් වෙන්නේ හැමතැනම පෙළපාලි, උද්ඝෝෂණ, පාරවල් වැහෙන ඒවා, වැඩ වර්ජන විතරයි. තවත් රටේ සංවර්දනය පසු බැස්ම වැඩි වෙයි.
හැඟීම්බර නොවී දත්ත දෙස බලන්න , අද ලංකාවේ වඩු ,මේසන් , කාර්මික, පොටි වැඩ, පොල් කඩන, කම්කරු වැනි පුහුණු ශ්‍රමිකයින් අවශ්‍ය තරම් ඉන්නවද, ඉන්න අයගෙත් වැඩවල කිසිම කොලිටියක් තියනවද ,ඔබත් ගෙයක් හදන , කොන්ත්‍රාත් වැනි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මෙහි සත්‍ය දනී. අප රටේ ඉතාමත් උග්‍ර පුහුණු කම්කරු හිගයක් පවතිනවා, ඉන්න හැමෝටම ඕන වෛද්‍යවරු, ඉංජිනේරුවෝ වෙන්න, ඉතිරි අය ත්‍රිරෝද උඩ. මේක රටට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මේ කඩේ යාමක් නොවේ, ඔබල හිතන් ඉන්න විදියේ මහා ශ්‍රේෂ්ට විදියේ උගතුන් මේ රටේ ඉන්නේ නැහැ දැඩි බුද්ධි ගලනයක් රටේ පවතිනවා. මෙවැනි ගිවිසුම් මගින් ගෙන්විය යුත්තේ පුහුණු ශ්‍රමිකයන් පමණයි. මෙමගින් මෙවැනි රැකියාවල හොද තරගයක් ඇතිවෙයි බද්රානි කිව්වා වගේ දක්ෂයන්ට හොඳ කලක් යයි දක්ෂයන් තරගයට බය නැහැ.