2016-12-28-ent-96

ටෙලි නාට්‍යය බොහෝමයක දකින ධනංජි තාරුකා නවපරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයක රූපගත කිරීම් සඳහා දායකව සිටින ඇය එළැඹෙන වසරේදීද වැඩි කාලයක් කලා කටයුතු වලට ඉඩ වෙන් කරන බව අපිට පැවසීය.

පසුගිය අවුරුදුවල වගේම මේ අවුරුද්දෙත් වැඩි ඉඩක් මම වෙන් කරලා තියෙන්නේ කලා කටයුතුවලට. මේ දිනවල විකාශය වෙන ටෙලි නිර්මාණවලට අමතරව උදාවෙන අලුත් අවුරුද්දෙත් මම දායක වුණ ටෙලි හා සිනමා නිර්මාණ බොහෝමයක් විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ අතරින් ලකී ඩයස් මහත්මයාගේ "දඩබ්බරී" හා ටිකිරි රත්නායක මහත්මය විසින් නිර්මාණය කළ "සිහින කිරිල්ලී" ටෙලි නාට්‍යය දෙක මට ගොඩක් විශේෂයි. පෞද්ගලික ජීවිතේ නම් වෙනසක් වෙන එකක් නැහැ. මේ අවුරුද්දෙත් මගේ අදහසක් නැහැ විවාහයකට සූදානම් වෙන්න. වෙනදා වගේම මේ උදාවෙන අලුත් අවුරුද්දත් නොදැනීම ගෙවිලා යාවි.