2018 වර්ෂයේ වෘත්තීය මාධ්‍යවේදීන් 63 දෙනෙකු රැකියා අතරතුරදී ඝාතනය කර ඇති බව ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
ලොව පුරා ආන්දෝලනයට තුඩු දුන් මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය මේ අතර වෙයි.
මෙම වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා කාලයට අදාළ තොරතුරු සළකා බැලීමෙන් මෙම වාර්තාව සකසා ඇත.
මියගිය අය අතරින් වැඩි පිරිසක් ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන් වේ.
ඝාතනය වූ මාධ්‍යවේදීන් අතර ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන් 15 දෙනෙකු ද, සිරියානු මාධ්‍යවේදීන් 11 දෙනෙකුද, මෙක්සිකෝ මාධ්‍යවේදීන් 9 දෙනෙකු ද, යේමන මාධ්‍යවේදීන් 8 දෙනෙකු ද වෙති.
ගිය වර්ෂයේ මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 53 දෙනෙක් ඝාතනය වී ඇති අතර මේ වර්ෂයේ මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව පසුගිය වර්ෂයට සාපේක්ෂව 8 කින් ඉහළ ගොස් ඇත.
මෙම ඝාතන බහුතරයක් සිතාමතා සිදුකළ ඝාතන බව ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
සෞදි රජය විවේචනයට ලක් කරමින් ලිපි ලියූ ජමාල් කෂෝගි ඝාතනය ඒ අතර වෙයි.
මෙවැනි සිදුවීම් මාධ්‍යවේදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත් යුක්ති සහගත නොවන බවත් ඔවුහු පැවසුහ.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා හට ඇති අද්දැකීම් අනුව කරුණු හරිහටි නොදැන පුවත් පලකරනවා. ඒ නිසා ගොඩක් අයට අවාසි වෙනවා. සීමාව ඉක්මවා අනෙක් අයගේ වැඩවලට මැදිහත් නොවී සිටියා නම් ඔවුන්ට වන අනතුරු අවමයි. මාධ්‍ය සදාචාරය නම් පිරිහිලා.
2018 මේක හරියට ලංකාවට ලොකු ජයග්‍රහණයක් වෙලානේ..
"....අම්මෝ මම නම් නෑ ඕවාට.. මම රස්සාව කලේ මාසයයි.."
ලංකාවේ කිසිම මාධ්‍ය කරුවකු ඝාතනය වුනේ නැහැ... එ් ගැන අපි සතටු විය යුතු නැද්ද?
කොටි උදව්කාරයෝ හැරෙන්නට මේ රටේ කිසිම මාධ්‍යවේදියෙක් ඝාතනය වුනේ නැත..
සෞදි රජය අරාබි ජාතිකයින්ගේ රටක්.. එය අන්ජාතිකයින් විවේචනය කළාට සෞදින් විවේචනය නොකළ යුතුයි.
අපේ රටේ ඇතැම් මාධ්‍ය එ්කාධිකාරයක් වෙලා, ලියන්නෙත්, කියන්නෙත් ප්‍රශ්න අහන්නෙත්, පොත් බෙදාහරින්නෙත් මේ සියලුම දේවල් යම්කිසි මාෆියාවට යටත් කරගෙනයි.