(ඩේලි මිරර් ඇසුරිනි - 125)
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය නවීකරණය කිරීම සඳහා නව නීති රැසක් මේ වසරේදී හඳුන්වා දෙන බවත් ,ඒවා රට ඉදිරියට ගෙන යන ඒවා වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 43 වැනි සම්මේලනය හා එම සංගමයේ නව සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ බාර ගැනීම සඳහා ඊයේ (25) කොළඹ කිංස්බරි හෝටලයේ පැවති උත්සවයකදීය.
අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය.
ලංකාවේ තිබෙන වෙළඳපොළ ආර්ථිකය නවීකරණ කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා මෙරට නීතී පද්ධතියත් නවීකරණය කළ යුතුයි.ඒ අනුව මේ වසරේදී අපි නව නීති ගණනාවක්ම ගේනවා.විශේෂයෙන්ම ත්‍රස්තවාදය තුරන් කිරීමේ පනත ,පිටරට බාල භාණ්ඩ මෙරටට ගෙන ඒම වැළැක්වීමේ පනත , ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා ඉවහල් වන නව ඉඩම් පනත මේ නීති අතර වෙනවා.
මේ අතරේ නව දේශීය ආදායම් පනත ලබන මැයි හෝ ජූනි මාසයේදී ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.මෙම නව නීති ගෙන ඒම සඳහා සහාය ලබා දෙන මෙන් මම නීතීඥ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා‘ යයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ගොනා හැරෙන කොට දන්නවා තැබිලි පලේටයි කියල" බලමු ඕක කව සතුටු කරන්නද කියල.ත්‍රස්තවාදය තුරන් කරපු රටේ තව මොන නීතිද? තියෙන නීතිය ඉහටත් උඩින්.ඔය දඟලන්න හදන්නේ ඉතිරි රණවිරුවෝ ටිකටත් කෙලවන්නයි.දැනට කරන එවයි,2002 දී කරපුවයි මටනම් හොඳට මතකයි.
නැතුව නැතුව මොනවා කරලා හරි මුන්ගේ කටවල් වහන්න වෙනවනේ. නැතිනම් කොහොමද මෙව්වා කරන්නේ?
වොක්ස්වැගන් ගේනවා කියලා ජනතාව අන්දපු අයට දඬුවම් කරන්නත් නීතියක් ගෙනෙන්න ගරු අගමැතිතුමනි
මහා බැංකුවේ හොරු බේරාගන්ඩ නීති අමතක කරන්ඩ එපා... ඔය 'පිටරට බාල භාණ්ඩ මෙරටට ගෙන ඒම වැළැක්වීමේ පනත' ට අර්ජුන් මහේන්ද්‍රන් අයිතිද? මෙයාම බාල භාණ්ඩ ගෙනත් අපිට කෙලවලා, දැන් අපිට නීතිදානවා.
ඔය නීති අතරට මරණ දඬුවමත් ගෙනාවොත් නරකද ?
තියෙන නිතිය ක්‍රියාත්මක කොර ගන්න බැරි ආණ්ඩුවට තව අලුත් නීති ගෙනත් මොනවා කරන්නද ? මේක නිකම්ම අවුරුදු 5 ගෙවන්න කරන කපටිකමක්
දේශපාලක වගේ ඉඳගෙන රටේ සල්ලි හොරකම් කරන ඒවා නවත්තන්න නීති ගේන්න. බැරිනම් කරන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න.
මේක කිසි වැඩක් නැති ආණ්ඩුවක්
ඔය නීති සාමාන්‍ය ජනතාවට විතරක් නොදා අපේ බදු මුදලෙන් යැපෙන උදවියටත් පැනෙව්වා තමයි වටින්නේ.
නීති ගෙනාවට වැඩක් නැහැ ඒවා ක්‍රියාත්මක වෙන්නේ දේශපාලකයන්ට ඕන විදිහට නම් අර ව්‍යායාම මං තීරුව කඩපු අයත් තමන්ගේ වාහනෙන් අනතුරට පත් වුන යතුරු පැදිකරුටත් රටේ මුදල් කාල දැම්ම බැදුම්කර වංචාවට අහු වුන අයටත් කෝටි විසි ගණනක් නිකම් පුද්ගලික ගොඩනැගිල්ලකට වියදම් කරපු ලේකම්ලටත් නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ මොකද ?
බටලන්ද වධකාගාර ගෝනි බිල්ලා සෙල්ලම සුදු වැන් සංස්කෘතිය නීති ගත කරමු ආයුබෝවන්ඩ