(අජන්ත කුමාර අගලකඩ)
යහපාලන රජය මේ වසරේ මුහුණ දෙන පළමු මැතිවරණය ජනමත විචාරණයක් බව රජයේ සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අමාත්‍යංශයේ අද (25) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්ථාව සඳහා මෙම ජනමත විචාරණය පවත්වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුව ජනමත විචාරණයකට යොමු කරන බව පවසා තිබේ.
නව ව්‍යස්ථාව සකස් කිරීම කඩිනමින් කරන බවත් ඒ සඳහා කමිටු පත් කර ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති බවත් සේනාරත්න මහතා පවසා ඇත. පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ජනමත විචාරණයෙන් පසුව පවත්වන බවද ඇමතිවරයා කියා ඇත.
පළාත් පාලන මැතිවරණය එකම දිනකදී සහ සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනකදීද පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇතැයිද ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට ඇරියොත් කියන්නේ පචයක්. පුතත් යන්නේ තාත්තගේ පාරේම තමා. මාස 28ක් ගිහිල්ලාත් තාමත් පුංචි පළාත් පාලන චන්දය තියන්න බයයී. මහා ලොකු කයී දෙන්නනම් හරි දක්ෂයී.
බම්බුව තමයි මීට කලින් ගිහින් FCID එකට කට උත්තරේ දීල එන්න
අනේ මන්ද? අතිගරු ජනාධිපතිතුමා නම් ජනපතිවරණෙට ඉදිරිපත් වෙද්දි පොරොන්දු වුණේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධනයක් විතරයි. දැන් ඇමතිවරු කී දෙනෙක් මේ වගේ ඊට විකල්ප අදහස් කියනවද? අනෙක රටට දැන් බලපාන ආසන්නතම ගැටළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද? මට නම් පේන්නෙ නායකත්වයක් නැති ආණ්ඩුවක්.
කියන විදිහටම කරනවා නම් කෙතරම් අගනේද? මේ රටේ සිංහලයන විවාහ වන්නේ දරුවන්ට ආදරේට නම ඔහෙලාට ඉහලින්ම චන්දය දෙවි. 1987 දී රට ඉන්දියාවට බාර දුන්න.අවුරුදු 40 ක පස්සේ නැවත ඉන්දියාවට රට දෙන්න හදනවා.සිංහලයට වින කරන හැමට සාප වේවා.
සුජීව ඔබ හරියටම හරි.තාත්තගෙයි පුතාගෙයි" කතාව දෝලාවෙන් ගමන පයින්" මෙයාල කාට කාටත් ලබන චන්දෙදි ලැබෙයි මදි නොකියන්න.