
(අංජුල මහික වීරරත්න)
මේ වර්ෂයේ ගතවූ මාස පහකට ආසන්න කාලයේ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 1,619 දෙනකු පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 96 දෙනකු ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායමට තරුණියෝ 7 දෙනෙක්ද අයත් වෙති.
මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 910 වන කණ්ඩායමයි.
මෑත කාලීනව තරුණියන්ද දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති වී තිබෙන අතර, ඒ අනුව 2025 වර්ෂය තුළදී තරුණියන් 56 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේ මෙම රැකියා අවස්ථා හිමිවන අතර, දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා මෙමගින් හිමිවේ.

2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මේ වසරේ අපේ අය 1619ක් කොරියා රැකියාවට යති