
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවේ නියෝග පොලිසිය ත්‍රිවිධ හමුදාව පිළිනොගන්නේ නම් මේ අවස්ථාවේදී කළ යුතු හොඳම දේ මහ මැතිවරණයකට යෑම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ආණ්ඩුව සහ විපක්ෂය එකතුවී පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් මේ සඳහා අවස්ථාව උදාකරගත හැකි බව ගැවසූ මන්ත්‍රීවරයා සියලුම පාර්ශවලට එහිදී සිය ජන බලය උරගා බැලිය හැකි වනු ඇති බවද ප්‍රකාශ කළේය.
ඉන්පසුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සකස් කිරීමට හැකිවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
මහා මැතිවරණයක් පැවැත්වීමට කියන තරම් ලොකු මුදලක් නොයන බවත් ඒ සඳහා සඳහා වැය වන්නේ ශ්‍රී ලංකන් එයාර් ආයතනය දිනකදී පාඩුව වන මුදල පමණක් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
පොලීසියට සහ ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාවටත් මේ රජය එපාවී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා මේ ආකාරයට රටකට ඉදිරියට යා නොහැකි බවද පෙන්වා දුන්නේය.
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ නැතිනම් ව්‍යවස්ථාවට ඉදිරි ගමනක් නැතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මහ මැතිවරනයක් පවත්වන්න යන්නේ.
අන්න ඒක හරි දැන් ඉන්න 225 ම තොලොන්චිවෙලා යන්න ඕන.
මේ ඉන්නේ මිනිස්සු අවුස්සලා එකෙන් වාසියක් ගන්න අය.
ඡන්ද පෙට්ටි අරන් යන්නේ කරේ තියාගෙනද?
මැතිවරණ තියන්න රටේ සල්ලි තියෙනවද?
කිරිඇල්ලට මොලේ කියන දෙයක් නැතිද? හැබැයි හොඳම දේ තමයි රජයේ මුදල් ගන්නේ නැතිව, මැති ඇමැතිලාගෙන් මුදල් එකතු කරලා මැතිවරණයකට යාම... හොඳයි...!