(අංජුල මහික වීරරත්න)
ආර්ථිකය අර්බුදය වසා ගන්නට අසීමාන්තිකව මුදල් අච්චු ගැසුවොත් පාන් ගෙඩියක් ගන්නට විල්බැරෝවකින් සල්ලි ගෙනියන්නට වන දවස වැඩි ඈතක නොවෙි යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ආණ්ඩුවට රටේ ප්‍රශ්න කළමනාකරණ කර ගැනීමට නිසි වැඩපිළිවෙලක් නැති කමෙි විපාක විඳින්න සිදුවී ඇත්තේ රටෙි අසරණ ජනතාවට බවද විජයවර්ධන මහතා කීය.
රාජපක්ෂ පවුල විසින් සිඟමනයට ඇද දැමූ රට ගොඩනැගීමට ඇති එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය පමණකියි ද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කයිවාරු ගහන්නේ එජාපය අවුරුදු 5 ක් රට කරල මොකක්ද දන්නේ නෑ මේ රට ගොඩ දාන්න පෙන්නපු අරුම පුදුම සමීකරණ. මහ බැංකුවත් අබලන් කරලා , රටේ ආරක්ශාවත් විහිලුවකට පත්කරලා, අහිංසක මිනිසුන් 300 ගානක් නැතිකරලා , තව 300කට අත් පා දෙමාපියන් නැතිකරලා , 160 ට තිබ්බ ඩොලරය 200 ට නග්ගවලා , රටේ මිනිසුන් පයින් ගහලා එලෙව්වා නේද කියන එක විතරයි අපට නම් මතක.
එහෙම වෙන්නේ නම් නැහැ .හැබැයි ඔබතුමන්ලාගේ කාලෙත් ඔය දේ කළා කියලා මතක නැතුව ඇති නේද ?