(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
තමා නිසා හෝ තමාගේ තනතුර නිසා අසරණ ලෙඩුන්ව අමාරුවේ දැමීමට වැඩවර්ජනයකට නොයන්නැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අද(10) ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් පසුගියදා ඉවත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවී එම තනතුරින් ඉවත් නොවන ලෙසත් ඔහු ඉවත්කරන්නේ නම් තමන් වැඩ වර්ජනයකට යොමුවන බවත් කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය හා එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරු අද මහාචාර්යවරයාගේ නාවල නිවසේ දී ඔහු හමුවී සංදේශයක් බාරදෙමින් ඉල්ලීමක් කළහ.
‘‘අනේ මම වැඳලා කියන්නම්.. මං හින්දා වර්ජනය කරලා අසරණ ලෙඩ්ඩු අමාරුවේ දාන්න එපා... මං හින්දා වර්ජනය කරන්න එපා.‘‘ යයි මාහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ දෙසත්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දෙසත් හැරෙමින් දෑත් එක්කොට ආයාචනා කර සිටියේය.
තමා වෛද්‍ය වර්ජනයන්ට අකමැති බවත් කී ෆොන්සේකා මහතා වසර 5ක් වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ බවත් තවත් මාස හයක් කල් ලබාගෙන එම තනතුරේ සිටි බවත් තවදුරටත් එහි රැඳී සිටීමට වුවමනාවක් නැති බවත්ය.



වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වචනයේ පරිසම්ප්තියෙන් වෛද්‍යයවරු දෙවිවරු කියන්නේ මෙවැනි උත්තමයන්ටය.අනිත් අය වෙද මුදලාලිලාය. ඔබට උත්තමාචාරය. මෙය අනිත් වෛද්‍යවරු යැයි කියන උදවියටත් ආදර්ශයක් වේවා.
ඔබ තුමා නිසා නොවේ. ඔබ ගියහොත් ඔතනට එන කෙනා (ඇමතිතුමා විසින් අභිමතය මත පත් කරන) අර හොර කඩය විසින් මුදලට හෝ වෙනත් ක්‍රමයකට ගන්නා බැවින් වන විනාසය නවත්වා ගැනීමටත් නීතියේ පරිදි ඔබට තව කල් තිබෙන නිසාත්ය.
අපේ අය හරිම දක්ෂයි කාව හරි කමක් නැහැ බිල්ලට දීලා තමන්ගේ අරමුණු ඉෂ්ඨ කරගෙන අනුන්ගේ පහනෙන් එලිය බලන්න. එදා හිටිය දෙවි ගොල්ලෝ වගේ වෛද්‍යවරු අද ඉන්නේ අතලොස්සයි... කාලෝ මහත්තයෝ.. රැවටෙන්න එපා ඔය අනුන්ගේ උගුල් වලට.
"තමා වෛද්‍ය වර්ජනයන්ට අකමැති බවත් කී ෆොන්සේකා මහතා වසර 5ක් වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ බවත් තවත් මාස හයක් කල් ලබාගෙන එම තනතුරේ සිටි බවත් තවදුරටත් එහි රැඳී සිටීමට වුවමනාවක් නැති බවත්ය". කාලෝ ෆොන්සේකා මැතිතුමාගේ වදන්වලට ගරු කරමි. ජී.එම්.ඕ.ඒ. එකේ කට්ටිය දැන්වත් කාලෝ මැතිඳුන්ට ගෞරව පිණිසවත් රෝගීන්ගේ ජීවිත පරදුවට තබා කරන වැඩ වර්ජනවලින් ඈත් වෙනවා නම් හොඳයි.
මේ දොස්තරලා නම් හරිම අනුවණ ජාතියක්. සේවා දිගුවක් දෙන්නේ සුදුසු කෙනෙක් පත් කර ගන්න කල් විතරයි. නැත්නම් මොකටද මාස හයක් කල් දෙන්නේ? අවුරුදු 5 ටම පත් කරන්න තිබුනනේ. අනේ මන්දා මේ දොස්තරවරුන්ට කොහොම තේරුම් කරලා දෙන්නද කියලා...
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉතා වටිනා උපදෙස් හා අවවාද ලබාගත හැකිය. ඉතා ආදර්ශමත් වෛද්‍යවරයෙක්. දුප්පත් රෝගීන්ගේ ජීවිතය තුට්ටුවකට මායිම් නොකරන, හදවතක් නැති මේ වෛද්‍ය සංගමයට වැඩ වර්ජනවල් නැතුව පැවැත්මක් නැහැ.
මහාචාර්යතුමාගේ ඉල්ලීම අපි ඉහළින්ම අගය කරමු. රජයේ රෝහල්වලට යන සියලු අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් ඔබට ස්තුති කරමි. පීඩා වින්දේත්, විඳින්නේත් බහුතර දුප්පත් ජනතාව. සල්ලි තියෙන අය පුද්ගලික රෝහලෙන් හරි බෙහෙත් ගනීවි. සංගමයේ ඉන්න බුද්ධිමත් දොස්තරලාට තේරෙන්නේ නැත්තේ ඇයි?
මේක නම් ලොකු විහිළුවක් වගේනේ...
දොස්තරලා කියන උදවිය වර්ජනය කරනකොට ලෙඩ්ඩු අමාරුවේ වැටෙනවා කියාලා කියන්න ලොකු දොස්තර මහත්තයා අවදි වෙලා වගේ!
ආයේ මොකටද වැඳලා ඉල්ලන්නේ? වෛද්‍ය සභාවේ තනතුරු පිළිබද තීරණය කරන්නේ කොහොමද? සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු රජයද? එහෙම නැත්නම්, කොහෙවත් තියෙන මාෆියා සංගම්ද? මේක පාතාල කෙරුම්කාරයින්ට ගිය රට කියලා වෙන්න ඇති... මේ අය හිතාගෙන ඉන්නේ? වර්තමානයේ මේ අයගේ හැසිරීම වෛද්‍ය වෘත්තියට නින්දාවක්.
ඔබතුමා වැනි විධග්දයෙක් වෛද්‍යවරුන් යයි කියාගන්නා ශෛලොක්ලාට වඳින්න යන්න එපා. ඔවුන්ට වර්ජනය කරන්න කියන්න. වර්ජනය කලොත් මෙදාපාර ජනතාව ඔවුන්ට මතක හිටින පාඩමක් උගන්වනවා ඇති.
ඔබතුමා සභාපති කාලයේ වර්ජන කරනකොට මෙහෙම හිතුනේ නැද්ද? නැත්තම් පාදෙණිය මහත්තයා ඔබතුමා පාගගෙනද හිටියේ? මෙතුමා මෙහෙම හිතන කෙනෙක් නම් දොස්තරවරු ගැන මොනවා හිතන්නද?
රජයේ සහ ඇමතිවරයාගේ කොන්ද පණ නැති නිසයි ඔය ප්‍රශ්නේ ඔය තරම් දුරදිග ගියේ. කිව්වා වගේම සෞඛ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කලානම්, ඔය වෙද්දුන්ට දේශපාලන අතකොලු වී ඔච්චර නටන්න වෙන්නේ නැහැ. හැබැයි, දැන් දැන් රටේ පොදු ජනතාව තැනකට ඇවිල්ලයි ඉන්නේ. තවදුරටත් ඔය අමානුෂික වෛද්‍යවරු ටික අහිංසක සහ අසරණ ලෙඩ්ඩු බිල්ලට දීල වර්ජනයකට ගියොත්... වෙන්නේ මොනාද කියලා මෙතන ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සයිටම් ප්‍රශ්නේ ප්‍රශ්නයක් කරගන්න තිබ්බ, ඒක පටන් ගනිද්දිම. ආණ්ඩුවේ ඔය නිදහස නිසයි, ගොඩක් ප්‍රශ්න මතුවුනේ. කලින් හිටපු ජනාධිපතිවරු කාලේදී නම්, ඉඳගනින් කිව්වොත් ඉඳගන්න ඕනේ. එහෙම නොවුනොත් මිනිහ විතරක් නෙමෙයි, පුටුවත් නැහැ.
යාන්තම් මේ සැරෙත් ජාමේ බේර ගත්තා. දැන් අඛණ්ඩ දෙකක්ම වැරදුනා.. ගියපාර කාදිනල්තුමා නිසා, මේ සැරේ කාලෝ මහත්තයා කිව්වා කියලා .. අනේද කියන්නේ..
ජේ ආර් ජයවර්ධන මහතා හිටියා නම් දොස්තරලගේ ප්‍රශ්නේ විසඳලා ගොඩක් කල්.
රටේ පාලනය ජී.එම්.ඕ.ඒ. එකට බාර දෙමු.
වෛද්‍යවරුන්ගේ වෘත්තීය අරගලය පරාජය වුණොත් එය රටේ සෙසු වෘත්තීය සමිති වල අරගල වලටද ඉතා අහිතකර තත්වයක් උදාවන එක නියතයක්.......වැඩ වැරුමෙන් හෝ එය ජය ගත යුතුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දිරිය අගය කල යුතුය. මෙය ඇමතිවරුන්ට හැරෙන්නට මුළු ජාතියටම බලපාන ගැටළුවක්....
මුලින්ම ෆොන්සේකා මහතාට ස්තුතියි. මේ අයටද දොස්තරවරු කියන්නේ. මන් කියන්නේ රටේ ඉන්න සියලුම දෙනා එකතුවී මෙදාපාර පෙන්වන්න ඕනෑ මෙයාලට... ලෙඩ්ඩුන්ට සලකන හැටි... මෙයාල ස්ට්‍රයික් කළාම. මෙයාලාට පඩිත් දෙනවා. නිවාඩුත් තියෙනවා තව හවසට ලෙඩ්ඩුත් වැඩියි. මෙයාලට නම් සැප... දුප්පත් ලෙඩ්ඩු දුක්විඳිනවා. කරොත් මෙදාපාර දෙයියන්ගේ නාමයෙන් එකතුවෙන්න හැමෝම. මෙහෙම දොස්තරවරු වැඩක් තියේද? එයාලට ප්‍රශ්න තියෙනවා නම් එයාලගේ කොටුවට ගිහින් බෝර්ඩ් අල්ලන් ඉන්න. නිවාඩු දලා ඒවා නෑ...
මේ හතර දෙනාගේ මුහුණු දැක්කාම එපා වෙනවා...
අනේ කාලෝ මහත්තයෝ, ලෙඩ්ඩු මේ වෛද්‍යවරුන්ට පතන හෙන ඔබටත් වදීවි... ඒ හින්දා ඔබතුමා පැත්තකට වෙලා ඉන්න...
දැනගත්ත strike කරන්න ගියොත් පල් වෙන්න වෙනවා කියල . දිසාපාමොක්ගේ බෙල්ල කපල හරි කරගන්න බැලුව. දැන් දිසාපාමොකුත් අහුවෙන්නේ නැහැ වගේ. බලමු අය්යල ටික මේ ගමන මොකාටද එන්නේ කියල.
මේක හරියට ප්‍රබාකරන් ගෙන් වෙඩි තියන්න එපා කියල ඉල්ලනවා වගේ.
සෛටෙම් දොස්තරලගෙන් බෙහෙත් ගන්න මේ රටේ මිනිස්සු කැමති නෑ. ඇත්ත කතාව එකතමා . එහෙනම් හරි විදියට එන දොස්තරලව රැකගන්න ජනතාව දැනගන්න ඕන .එහෙම නැති උනොත් ජනතාව හැමදාම පරාද වෙනවා සෛටෙම් දස්තරලා හොර සහතික අරගන්න හදන්නෙත් හම්ම්බකරන්න තමා . එතකොට හොඳද . නැතුව දුප්පත් මිනිස්සුන්ට බෙහෙත් කරන්නද . හොඳට හිතන්න..............................
ජනනි ඔය කියන්නේ දැන් සයිටම් එකේ ඉදන් කරොත් හොර දොස්තරලා එතකොට ඉන්දියාවේ රුසියාවේ ඉදන් ඉගෙන ගෙන එන අය හොද දොස්තරලද . ??
වෛද්‍ය වෘත්තීය වැදගත්, ඒ වගේම සමාජයේ පැවැත්මට අනිත් සියලුම වෘත්තියනුත් වැදගත්. අපේ වියදමින් ඉගෙනගත් වෛද්‍යවරු වර්ජනය කරන කාලයට, අනිත් සියලුම වෘත්තිකයින්, වෙළඳ ව්‍යාපාර ආදිය වෛද්‍ය වරුන්ට සේවය කරන එක නවත්තන්න ඕනේ. එතකොට මේ පිනට ඉගෙනගෙන අපිටම වදදෙන කට්ටිය ගහෙන් බිමට බස්සන්න පුළුවන් වෙයි. තමන් දෙවිවරු නෙවෙයි, අනිත් අය වගේම සමාජයේ තවත් කොටසක් පමණක් බව වැටහෙයි.