IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


’’මේ දේශපාලනයෙන් අපිට ලැබෙන ඇටි කෙහෙලක් නෑ’’

(සුජිත් හේවාජුලිගේ)

"මේ දේශපාලනය කළා  කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ" යැයි  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ  නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.

"දේශපාලනය කළා කියලා එක රුපියලක් අපේ සාක්කුවට වැටෙන්නේ නැහැ" යැයිද ඇය කීවාය.

කොට්ටහච්චි මහත්මිය මෙසේද පැවසුවාය.

මාලිමාවට වෙඩිතියන්න කලින් හොඳට කල්පනා කරන්න ඕනෙ. මාලිමාව කියලා කියන්නෙ අපට ඡන්දය නොදුන්, අපිව අවිශ්වාස කළ සහ අපට ගල්මුල් ගසන බොහෝ දෙනෙකුට ලේසියෙන් ඉලක්ක කරන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි. ඒක මේ වෙලාවෙ කියන්න ඕනෙ.

ඒ කණ්ඩායම තේරුවෙ ඔබ. ඒ නිසා ලේසියෙන් පස්සට හැරිලා යන්නෙ නැති කණ්ඩායමක් ඔබෙන් බලය ඉල්ලනවා නැවත වතාවක් ගම හදන්න බලයක් දෙන්න කියලා. මේ රට හදමු කියන පරම පැතුමෙන් ඔබ ළඟට එන ඒ  කණ්ඩායමට බලය දුන්නාට  පව් පිරෙන්නෙ නෑ”

බණ්ඩාරගම මෛත්‍රිශාලාවේ පැවැති මැතිවරණ රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරිය මෙසේ පැවැසීය.



අදහස් (16)

’’මේ දේශපාලනයෙන් අපිට ලැබෙන ඇටි කෙහෙලක් නෑ’’

යෝගා Saturday, 26 April 2025 05:16 PM

ඇත්ත වෙන්නැති. සියලුම මාලිමා මන්ත්‍රී පඩි සහ දීමනා පක්‍ෂ අරමුදලට අරන් අනුරයි ටිල්විනුයි සුර සැප විඳිනවා ඇති. ඔයගොල්ලෝ උද්ඝෝෂණය කරලා කීයක් හරි ඉල්ලාගන්න.

:       110       205

JanahithaSaturday, 26 April 2025 08:59 PM

එය ඔබගේ පොහොට්ටු, සිලින්ඩර් යහපාලන දූෂකයන්ගේ දේශපාලනය...

:       0       0

C.K.Lankaputhra Saturday, 26 April 2025 05:23 PM

නිලන්ති නංගියේ (සහෝදරියේ) අපි ඔයාගේ පැත්තේ නමුත් වැදගත් යමක් කියන්න ඉස්සර දෙපාරක් නොවෙයි, තුන් හතර පාරක්ම හිතලා ඒක කටින් පිටකරන්න. ඔප්පු කරන්න බැරි කිසිම දෙයක් ආවාට ගියාට කියන්න එපා. ගල් අතේ තියාගන ඉන්න අය ඔයාගේ වටේ...

:       134       115

ගුණරත්න Saturday, 26 April 2025 05:38 PM

ඉහි ඉහි අනේ පව්, අපට තියෙන ආදරේට නේ අර තරම් පච හලලා රාජ්‍ය බලය ගත්තේ...!

:       86       154

JanahithaSaturday, 26 April 2025 09:02 PM

ඇත්ත කියපු අය ඔබගේ දරුවන්ගේ වත්කම් සූරා කා ඇත. භාණ්ඩාගාරය හිස්කර ඇත. ඔබට ඇත්තේ ඔවුන් ගත් ණය ගෙවීම පමණි..

:       0       0

නිමල් පෙරේරා Saturday, 26 April 2025 06:33 PM

ඇටි කෙහෙල් නම් කාටවත් හම්බුනා කියලා මමත් අහලා නෑ, හැබැයි පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම එකේ ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස වාහන වරප්‍රසාද බොහෝමයක් දැන් කට්ටිය පොර කකා භුක්ති විඳිනවා කියලා නම් දැකපු අය ඉන්නවා. එතැන ඔයත් හිටියාලු ඉස්සරහින්ම. ඊට පස්සේ ජනතාවට අවධානයෙන් බොරු කියනවා, හැබැයි එයාලා ඒවාට රැවැටුණාට ඒකට කොට්ටහච්චි සහෝදරිය පලිනෑ තමයි...

:       82       139

බටලන්දේ ප්‍රේමලතා Saturday, 26 April 2025 06:44 PM

හොරුන්ට, මැරයින්ට වැඳුම් පිදුම් කරන, වන්දිභට්ටකම් කරන අයට ඔය කතා දිරවන්නේ නෑ.

:       122       91

Nandana Saturday, 26 April 2025 07:10 PM

නංගියේ ඔයා ආවේ ඇටිකෙහෙල් කන්න බලාගෙන..., අනේ ගෙදර ගිහින් වැඩක් බලාගන්න.

:       57       100

කෝරළේ Sunday, 27 April 2025 06:02 AM

ඇටිකෙහෙල් චතුමධුර හදන්න ගන්නවා කියන පළතුරක් කියල අහල තියෙනවා. දැන් ඒවා වඳ වෙන තත්වයෙන් තියෙන නිසා උගුඩුවන්ටවත් ලැබෙනෙ නැතුව ඇති ඇටි කෙහෙල් නොවේ සහෝදරී ඔයැයිලාට අපි ඡන්දෙ දුන්නෙ උගන්ඩාවට රටේ ධනස්කන්ධය ගෙනගියා. අපි ඒවා සියල්ලම ආපසු ගේනවා ගෙනවිත් රට හදනවා කියපුනිසා පමණයි එනිසා දැන්වත් කියපුදේ කරන්න

:       0       0

රන්බෝඩ Saturday, 26 April 2025 10:36 PM

ඇයි උගණ්ඩාවෙ සල්ලි? ගෙනැල්ලා බෙදාගමුකෝ. පච කියලා කියලා බලයට ඇවිත් දැන් ගලේ පහරපු බළලුන් වගේ. මාලිමා එන්කෙෆලයිටිස් රෝගීන්ට නම් මේවා ලොකු දේවල්. මොකද ඔවුන්ගේ මොළේ උණ...

:       0       0

Aruna Saturday, 26 April 2025 11:18 PM

මාලිමාවේ ඡන්ද කන මැසිම...

:       0       0

Vimal Sunday, 27 April 2025 12:05 AM

බොරු කීම මූලික මිනිස් අයිතිවාසිකමක් කිව්ව අයද? දැන් එනවා පව් පින් ගැන කියවන්න...

:       0       0

Erandarhie Sunday, 27 April 2025 08:53 AM

උගන්ඩාවට ගෙනගියා කියලා කෙනෙක් කියපු ඩොලර් ටික ගෙන්වා ගත්තොත් ඇටිකෙහෙල් මොකටැයි කුමාරිහාමි...!

:       0       0

suran Sunday, 27 April 2025 10:08 AM

ඇටිකෙහෙල් නැතිවට ප්‍රාඩෝ එකක් ලැබුණා නේද? මෙයාට වෙන්නෙත් අර ඇරඹේපොලට වුණා වගේම කිච වෙලා අන්තිමට පාරේ යනකොට මිනිස්සු හූ කියන තැනට වැටෙන්නයි. ටිකක් ලොකුවට කට තිබුණාට එක පරිස්සමෙන් පාවිච්චි නොකළ නිසා තමයි දැනටමත් කිච වෙලා ඉන්නේ.

:       0       0

prasanna Sunday, 27 April 2025 11:22 AM

උගන්ඩා සල්ලි ගෙනැල්ලා බෙදාගන්න.

:       0       0

fairoos Sunday, 27 April 2025 11:43 AM

වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ... රටට මෙච්චර වෙලත් තාමත් කඩේ යන්නේ රනිල් රාජපක්ෂලාටමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site