( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ දී ඥානසාර හිමි බලහත්කාරයෙන් පැමිණ ප්රකාශයක් කර පිටවීම මහේස්ත්රාත්වරයෙකු ලෙස තම සේවා කාලයේ තමා දුටු අධිකරණයට අපහාස කිරීමේ බරපතලම සිද්ධිය යැයි හෝමාගම හිටපු මහේස්ත්රාත් සහ වත්මන් කොළඹ අතිරේක මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (19) අභියාචනාධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසීය.
‘‘ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධ නඩු විභාගය හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ පැවති දින බලහත්කාරයෙන් පැමිණ , බලහත්කාරයෙන් ප්රකාශයක් කර විත්තිකාර ඥානසාර හිමිනම පිටව ගියා.අධිකරණ ශාලාවට උන්වහන්සේට එන්න හෝ යන්න මා කීවේ නැහැ. එදින තිබූ කිසිදු නඩුවකට සම්බන්ධ නොවන පුද්ගලයකුට අධිකරණයේ පෙනී සිටීමට ඉල්ලා සිටියත් මා අවසර දෙන්නේ නැහැ. කිසිවකු ඔහුට ආරාධනා කළෙත් නැත්නම් ,ඔහු නඩුවක පාර්ශවකරුවෙකුත් නොවේ නම් කිසිදු පුද්ගලයෙකුට සිය මතය අධිකරණයට ඉදිරිපත් කරන්න බැහැ. එය නිසැකවම අධිකරණයට අපාහාස කිරීමක්‘‘ යැයිද මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් කීය.
හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්රය විභාගයේ දෙවැනි දිනයවූ අද විත්තියේ හරස් ප්රශ්න වලට පිළිතුරු සාක්කි දෙමින් මහේස්ත්රාත්වරයා මේ බව පැවසීය.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්රය විභාග කිරීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය සහ අභියාචනාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ සිදු කෙරිණි.
වැඩිදුර සාක්කි විභාගය හෙටට(20) කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අර මන්නාරම් මහේස්ත්රාත් අධිකරණයට ගල් ගහල විනිසුරුතුමාට දුරකතනයෙන් තර්ජනය කළේ? මොනවා වුණත් සිංහලයා වෙනුවෙන් කතා කරන්න ඉන්නේ ඔය හිමි නම පමණයි !!!
එකකොට උසාවියට ගල් ගහපු අයට කීවෙනි තැනද?
ඔව්,.. ඔව් අධිකරණයට ගල් ගහල හූ කියපුවා අමතකද?
රංග දිසානායක මහතා ඉන්නේ මොන රටේද?...
මේ ගැන අපේ කලබල විය යුතු නැත. ගරු අධිකරණය සාධාරන තීන්දුවක් ලබා දේවි
උසාවියට ගල් ගැහුව එකත් වැරදියි, ඒ ඒවගේම මේකත් ඉතාම වැරදියි, මෙතනදී හැමෝම එක පැත්තකට බරවීම වැරදීයි .
මෙම හිමි නම, රටේ නිතියට අගෞරව කළාට, සඟ අදිකරණය ඉදිරියේ නිදහසට කරුණු ඉදිරිපත් කල යුතුය.
සිංහල අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැනේ .
නුවන් - මෙතන කතා කෙරෙන්නේ අධිකරණ අපහාසයක් මිස වෙන කෙහෙල් මලක් නොවේ.
ඔෂාන් කියන දෙය හරියටම හරි. අපේ රටේ මිනිස්සු හැම දේටම ජාතිවාදෙයි ආගම්වාදෙයි පටලව ගන්නවා. මෙතන අදහස් පලකරන සමහර අය කොළඹ අතිරේක මහේස්ත්රාත් රංග දිසානායක මහතාත්, අධිකරණයේ දෙන සාක්කිත්, අධිකරණයත් අපහාසයට පත් කරනවා.
සාමන්යයෙන් යම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් කලයුතු ගෙවීමක් වෙනුවෙන් ලදු පතක් මුදල් ලබන්නා දිය යුතු වුවත් යමෙකු වෙනුවෙන් යම් මුදලක් අය කර නඩුවකට කතා කරන නීතිඥයන් එහෙම රිසිට් එකක් දෙනවද ? මගේ අත්දැකීම් අනුව නම් අධිකරණ ක්රියාවලි හැම අංශයක්ම පිරිහුණු කුණු ගොඩක්...
අධිකරණයකට කල හැකි බරපතලම අපහාසය වනුයේ එහි තීන්දු නොපිළිගැනීමයි නැතහොත් ක්රියාත්මක නොකිරීමයි
උසාවිය නිහඬයි !
සුද්දෝ මේ රටට නීති හදුන්වලා දුන්නේ ඒ අයගේ පාලනයට විරුද්ද වෙන කොන්ද පණ තියෙන සිංහලයන්ව හංවඩු තියන්න මිසක් වෙන මගුලකට නෙවෙයි.. එහෙව් නිතිය අකුරටම පිළිපදින කලුසුද්දන්ගෙන් මිටවඩා දෙයක් බලාපොරුත්තු වෙන්න බැ..
සුද්දන්ගෙ පාලන කාලෙත් නඩුකාරයො රට ජාතිය සහ බුද්ධාගම රැක ගන්න ඉදිරිපත්වූ හාමුදුරුවන්ට අරියාදු කලා
පවතින නීතියක් නිවැරදී කිරීම රටේ රජ සබාවට අයිති රාජකාරියක්. ඒක තනි පුද්ගලයෙකුට චන්ඩිකමෙන් වෙනස් කරන්න බැ. කෙනෙකු පුජනිය ස්ථානයකට අයිති පොල් ගසක හොරෙන් පොල් කැඩුවොත්, දඩුවම් දෙන්නේද නීතයක් රටේ තිබෙන නිසයි.