මලයාසියාවේ ක්වාලලම්පූර් අගනුවර අලුත්ම තාලයේ කප්පම් කෑමක් සිදුවෙතෙයි එරට නීතීඥ සංගමයක් කියයි.
එහි දී මුලින්ම සිදුවනුයේ පුද්ගලයකු තවත් පුද්ගලයකුගේ සාක්කුවට දුරකතනයක් හෝ රිංගිට් නෝට්ටු කිහිපයක් සහිත මුදල් පසුම්බියක් හැඳුනුම්පතක් දැමීමයි.
මිනිත්තු කිහිපයකට පසු අයිතිකරු ඉදිරිපත් වේ.
‘ඔබ හොරෙක් වේ‘.
ඔහුගේ මුදල් පසුම්බිය සොරකම් කළැයි ඔබට කෑකෝ ගසති.
ඒ ගැන කිසිවක් නොදන්නා ඔබ පැත්තකට රැගෙන යන අයිතිකරු වැඩේ ගොඩින් බේරාගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරයි. ඔහු පොලිසිය කැඳවයි. මුදල් දුන්නොත් වැඩේ හමාරලු. මෙවැනි සොරකම්වලට හැම විටම සාක්කිකරුවෙක් සිටී.
ක්වාලලම්පූර් ගුවන්තොටුපොළ හෝ දුම්රියේ දී විදේශිකයෝ මේ සූත්තරේට බොහෝ විට අමුවේ.
මහ දවාලේ සිදුවන මේ කප්පමට අසු වන්නන් කප්පම නොගෙව්වහොත් ඔහුට පොලිසියේ ලගින්නටත්, නිරපරාදේ උසාවියේ නඩුවකට මුහුණ පාන්නටත් සිදුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙත් පටන්ගනීද දන්නෙ නැහැ (නි)
ප්‍රදීප්, එක්සත් අරාබි එමිරයේ මුදල් ඒකකය දිරාම් හෝ රියාල් නෙමෙයි (නදී)
මටත් ඔය වැඩේම වුණා ඩුබායි ඉඳලා ශර්ජාහ් වලට එනකොට. ඒකෙ හිටියේ කළු අප්‍රිකානු මිනිසුන් තුන් දෙනෙක්. රියදුරා කිවුවා එයාගේ පසුම්බිය නැහැ කියලා. එයාලා මගේ පසුම්බිය උදුරලා බැලුවා මම සල්ලි හොරකම් කරලද කියලා. මට ගහන්නත් හැදුවා. අතරමඟින් මාව බැස්සුවා. මම පසුම්බිය බලනකොට ඒකෙ තිබුණ රියල් 500 අරගෙන (නි)
ඔය වැඩේ අපේ ලංකාවේ අය පටන්ගත්තොත් එහෙම ඕකේ අනෙක් පැත්ත තමයි වෙන්නේ එහෙනම්. (නදී)
සමන් පෙරේරා, ඉතින් ලංකාවටත් කෝල් කරලා කියන්නකෝ තෑග්ගක් තියෙනවා,දැන්ම මෙච්චර ගාණක් ඊසි කෑෂ් කරන්න කියලා (නි)
අහපු හින්ද බේරුනා. (නදී)
එවැනි අවස්ථාවල අදාළ ද්‍රව්‍ය අතපත නොගා සිටිය යුතුයි. අවසානයේ ඇඟිලි සළකුණු පරීක්ෂා කිරිමෙන් සත්‍ය පෙන්වා,අදාළ හොරුන්ට අමතක නොවෙන පාඩමක් උගන්වන්න පුළුවන්. (නි)
දිලාන්, දෙන්නකෝ නැන්දම්මාගේ දුරකතන අංකය (නි)
මලයාසියාව ගැනනම් අහන්න එපා,කෙනෙකුට උදවු කරන්න ගිහින් මස 2ක් හිරෙත් ඉඳල අාවේ, නීතිඥයාට ගෙව්වා රුපියල් 75,000ක්, වැරදිලාවත් යන්නනම් එපා ඔය රටට, එහේ ඉන්නවා පොලිසි දෙකක්; හොර පොලිසිය සහ ඇත්ත පොලිසිය,හොර පොලිසිය තමා ඔය වැඩේට එන්න,ඇත්තෙ. පොලීසියත් ඔය බව දන්නවා, එයාලටත් කොටසක් යනවා, වෙනත් රටකට යන ගමන් යානය මාරු වීම සඳහා වත් යන්න නම් එපා, (ස)
මේකෙන් කියන්නේ මලයාසියාවට යන අය වැඩිපුර ප්‍රවේශමෙන් සිතුය යුතු බවයි. අතින් වියදම් කරගෙන පිටරට ගිහින් නොකළ දේකට වැරදිකරු වෙන්නේ මොකටද? හිරබත් කන්නේ මොකටද? (නි)
තණ්හාය ජායතී ශෝකෝ කියන්නේ මේවට තමයි (නි)
මේවා වැඩි තණ්හාවට ලැබෙන තෑගි (නි)
අපේ අයියලා දැන්මම වැඩේට බැහැලා ඇති (නි)
ලංකාවේ නම් ඉතින් මුදල් පසුබිම්බියේ මුදල් නැහැ. උගස් බඩු රිසිට් වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා ලංකාවේ ඔය හොරකම සාර්ථක නැහැ. මිනිස්සු ඉන්නේ බොහොම අමාරුවෙන් (නදී)
සෞදියෙත් මීට සමාන සොරකම් සිද්ධ වෙනවා (නි)
නියම ගැටයක්නේ මේක (නි)
මේක වෙන්න පුළුවන්. මා සමග වැඩ කරන මැලේෂියානු කාන්තාවක් මට කිව්වා එහි සංචාරයට යනකොට ඉතා ප්‍රවේශම් විය යුතු බව. කොච්චර සංචාරක ආකර්ශන තිබෙන රටක් වුනත් , මංකොල්ල කාරයන් වැහි වහැලාලු. (නදී)
එහේ පොලිසියත් ඒවා පිළිගන්නවද? මම නම් හිතන්නේ අපේ පොලිසිය ගැන කවුරු මොනවා කිවුවත් දේශපාලුවෙක් ගෑවුණේ නැත්තම් කවදාවත් පිළිගන්නේ නැහැ මේ වගේ කප්පම් ගැනීම්. (නි)
මෙවැනි සිදුවීම් හැම රටකම තියනවා. දැන් සෞදි වල අලුත්ම සෙල්ලම ජංගම දුරකතනයට කිසියම් කණ්ඩායමක් ඇමතුමක් දෙනවා, ඔබට සෞදි රියල් ලක්ෂ 2 සෞදි ටෙලිකොම් ආයතනයෙන් දිනුම් ඇදී බව ඉතාම සුහදශීලීව කියනවා. එය කිසිවෙකුට නොදන්වන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා. අවසානයේ ඔවුන් ඇමතුම ලත් කෙනාගෙන් රියල් 500 පෙර ගෙවුම්පත් කාර්ඩ් 3 ආදායම් බදු හැටියට මුලින් ඉල්ලා සිටිනවා. ඉන්පසුව ඔවුන් බැංකුවට යනවිට අදාල මුදල් ඇනවුම් පතේ නොම්මරය දෙන බවට දන්වා සිටිනවා, මෙයට අසුවුණ අය බොහෝ ඉන්නවා. (නි)
තෑගි දුන්නත් මලයාසියාවේ නම් යන්නේ නැහැ. (නි)
අපිවත් මීට සමාන හොර කල්ලියකට මාට්ටු උනා මීට වසර 3/4 කලින් ක්වාලලම්පූර් දී. මොවුන් හැසිරෙන්නේ මලයාසියානු පොලිසීය විදිහටයි. මොවුන් දකුණු ඇමරිකාණු සම්බවයක් සහිත සංවිධානාත්මක කල්ලියක් බවයි එරට පොලිසිය පවසන්නේ. (නදී)
මේවා බලලා අපේ අයත් පටන්ගනීද දන්නෙ නැහැ (නි)