ඉඳුනිල් සින්දු සහ බුද්ධික සේනාධීර, ඡායාරූප - චානුක කුලසේකර
මෙවර දෙරණ ‘ඩ්රීම් ස්ටාර්‘ කිරුළ දිනා ගැනීමට සමත් වූයේ ඇඹිලිපිටියේ එම්.ජී.ධනුෂ්කය. වැඩි පිරිසකගේ කතාබහට ලක්වූ යොවුන් තරගකරුවකු වූ ඔහු අවසන් මහා තරගයේ දී ජනතා මනාපයෙන් සිය කිරුළ දිනා ගැනීමට සමත් විය. තමන්ටම ආවේණික වූ ශෛලියකින් ගීත ගායන කරමින් රසික හදවත් වලට ළං වන්නට සමත් වූ ධනුෂ්ක මේ වනවිට බොහෝ දෙනාගේ ආදරණීය චරිතයක් බවට පත්ව සිටියි.
ප‍්‍රශ්නය - ඉරිදා (11) ඔබ ගමට යනවා. එදා ඉඳන් වැඩ කටයුතු කොහොම වෙයිද?
පිළිතුර - ඉරිදා ගියාම ගමේ ටික දවසක් ඇවිදින්න වෙයි. ලංකාවෙම රසිකයන් මං එනකම් බලන් ඉන්න බව මං දන්නවා. ඒ ගැන මතක් වෙද්දි පුදුමාකර සතුටක් දැනෙන්නේ. සමහරු ආරාධනා කරනවා අපේ පැත්තට එන්න කියල. ඒ දේවල් ටික ඉස්සෙල්ල කරන්න ඕනෑ. මේ වන විට දෙරණ ඇතුළෙ මාව සංරක්ෂණය කරල වගේ තියෙන්නෙ. ගොඩක් උදවු කරනවා. මගෙන් අවශය වෙන්නෙ හොඳ දෙයක්. විනාශ වෙන්නෙ නැති දේවල් කළ යුතුයි. සංගීත ක්ෂේත‍්‍රයේ උඩට එන්න හරි අමාරුයි. රඳා පවතින්න නම් යමක් කළයුතුයි. මට ඕනෑ මේ ආදරේ හැමදාම මේ විදියටම තියෙන්නයි. නිහතමානීව මිනිස්සුත් එක්ක එකතුවෙලා හැම කෙනාගෙම අවවාද අරගෙන අඩුපාඩු හදාගෙන කල් පවතින, හැමෝටම ගැලපෙන, අර්ථවත් ගීත නිර්මාණය කරන්නයි මා බලාපොරොත්තු වෙන්නේ.
ප‍්‍රශ්නය - සමහර තරු අපි දකින්නේ පායනවා විතරයි. ටික දවසක් යද්දි හොයාගන්නත් නැතිවෙනවා?
පිළිතුර - මේ තරගයේ මම වැඩි පුර ගායනා කළේ එම් එස් ප‍්‍රනනාන්දු මහත්තයගෙ ගීත. එය එතුමාට උපහාරයක් වෙන්න ඕන. එම් එස් ප‍්‍රනාන්දු, එච්
|
|
|
ආර් ජෝතිපාල ලංකාවෙ හදවත්වලට කතාකරපු ගායකයො. කවදාවත් එම් එස් කෙනෙක් ආයිත් ලංකාවෙ හැදෙන්න ඕන නෑ. මට එහෙම වෙන්න ඕන නෑ. මට මගේ ඇෙඟ් තියෙන හැකියාව දියුණු කරගන්නයි ඕන. මම එතුමා වෙනුවෙන් දෙරණත් එක්ක එකතු වෙලා යමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් නිර්මාණ සමූහයක් කරන්නයි මට ඕන.
ප‍්‍රශ්නය - තරගය අවසන් වෙද්දිම ඔබ හැමෝම අතරින් තාත්තා සොයා දිව යනවා. ඒ බැඳීම ඇත්තම එකක්ද?
පිළිතුර - තාත්ත කියන්නෙ මගේ ආත්ම විශ්වාසය. ඒ නිසයි මේ ගමන ආවෙ. තාත්තව මෙතනින් ගොඩදාන්න ඕන කියල මට ලොකු උවමනාවක් තිබුණා. පුතෙක් විදියට මං ඒ දේ කළා. මට හරි ආඩම්බරයි ඒ ගැන.
පොඩි කාලෙ තාත්ත නංගිලදෙන්නට තමයි ආදරේ කළේ. මම සාමාන්‍ය පෙළ කරන්න හදන කාලෙ වගේ තමයි තාත්ත මට ගොඩක්ම දැනෙන්න ගන්නෙ. සමහර වෙලාවට ඔහු මට සින්දු පොත් ගෙනත් දෙනවා . සමහර වෙලාවට දන්නේ නැතුව එකම පොත තමයි ආයිමත් ගේන්නෙ. තරගවලට යද්දි පොල් කඩලා විකුණලා රුපියල් දාහක් හදල දෙනවා යන්න. නැත්තම් අපි දෙන්නා එකට වැඩකරලා සල්ලි හොයා ගන්නවා තාත්තා ගැන කියන්න වචන නෑ.
අවුරුදු හතරක් ආපු ගමනේ මට ගමට අරන් යන්න ගොඩක්දේවල් තියෙනවා. එක බෑග් එකයි කලිසමයි ටී ෂර්ට් දෙකයි අරගෙන ආවෙ. ඒ ඇවිත් කොටුවෙ නිදාගෙන සුන්දර කාලයක් තමයි ගෙව්වෙග. මේ ජයග‍්‍රහණය අයිති මට වඩා මගේ තාත්තටයි.
ප‍්‍රශ්නය - දුක මාකට් කරන එක රියලිටිවල එක අංගයක් වෙලා. ඔබත් කළේ එයමද?
පිළිතුර - මං කවදාවත් දුක මාකට් කරල නෑ. එහෙම කරන්න මට උවමනාවක් තිබුණෙ නෑ. මට අරක නෑ, මේක නෑ කියල නෑ. මම පුහුණුවීම්වලට ඇන්දෙ එක කලිසමයි. අවසාන දොළහට එනකම්ම තිබුණෙ එක කලිසමයි. නිල්පාට ඩෙනිමක් තිබුණේ. ඕක තමයි හැම තැනටම ඇන්දෙ. ඒත් කවදාවත් කිව්වෙ නෑහැනේ. අවසානෙදි මට හුඟක් අය උදවු කළා. මම අනිත් අයටත් උදවු කළා. නිල්පාට එකම ඩෙනිම හැම තරගෙටම ඇන්දට කාටවත් කිව්වෙ නෑ. කොහොමහරි මම ඇවිත් තරගය ඇතුළෙ මට කරන්න පුළුවන් දේ කළා. මං කොහොමද ආවේ කියලා දන්නෝ දනිති.
ප‍්‍රශ්නය - සිහින තරුව ඔබ වෙයි කියල හිතුවද?
පිළිතුර - අවසන් තරගකරුවන් තිදෙනා අතරට යනකොට ලොකු විශ්වාසයක් තිබුණා මෙවර කිරුළ අනිවාර්යයෙන්ම හිමිවෙන්නේ මට කියලා. මොකද, එදා තරගය නරඹන්න ඇවිල්ලා හිටිය පිරිස ලබාදුන් ප‍්‍රතිචාර මත මට ඒ බව තරගය අතරතුරදී දැනුණා. නමුත්, තෙවැනියා වුණ ළහිරුගේ ඉවත් වීමත් එක්ක ටිකක් බය හිතුණා අවසන් තීරණය ගැන. ඒත් රසිකයින් කෙරෙහි මා තබා තිබුණ විශ්වාසය ඒ ආකාරයෙන්ම අවසන් මොහොතේදී ඉටුවුණා.
ප‍්‍රශ්නය - ගමේ හිටිය ධනුෂ්කමද මේ?
පිළිතුර - මුදල් අතින් අද මම තරමක ධනපතියෙක්. නමුත් මගේ තිබුණ මනුස්සකම, ගතිගුණ එදා වගේම අදත් නොවෙනස්ව පවතිනවා. ඒක ඉදිරියටත් එහෙමමයි. සල්ලි ලැබුණ පලියට මම මුල අමතක කරන්නෙ නැහැ.
ප‍්‍රශ්නය - මෙවැනි තරඟයකට එන්න ඔබ කොහොමද යොමුවුණේ?
පිළිතුර - තාත්තගේ බලවත් ඉල්ලීම මත තමයි මා නැවත වරක් ඉල්ලූම් කළේ. දෙරණින් මෙවරිඩ‍්‍රීම් ස්ටාර්‘තරගයට එන්න කියල දීපූ දිනයේදී මා අලූත් රැකියාවකට එකතු වෙන්න සම්මුඛ සාකච්ඡාවකට යන්න සූදානම් වෙලා හිටියේ. තාත්තත් නංගිත් කිව්වා තාම රැකියාව ලැබිල නැති නිසා මේ තරගයට යමු කියලා. මගේ තාත්තා කුලී වැඩ කරන කෙනෙක්. මමත් නොකරපු රැකියාවක් නැහැ. රැකියාවක් නැති දවස්වල මම බුලත්, පුවක් කඩාගෙන විකුණුවා. එවැනි වටපිටාවක ඉඳලා තමයි මම මේ තරගයට ආවේ. අද තාත්තට මා ලැබූ තැන ගැන මටත් වඩා ගොඩක් සතුටුයි. එය නිහතමානී හැඟුම්බර සතුටක්.
ප‍්‍රශ්නය - තාත්තා වගේම ඔබට අතහිත දුන් තවත් කෙනෙක් ඉන්නවා නේද?
පිළිතුර - ඉන්නවා. ඒ මගේ පෙම්වතිය. ඇය මට මේ තරගය පුරාවටම උදව් උපකාර කළා. ඇත්තටම, ඇය මා ගොඩක් හොඳින් තේරුම් ගත් තැනැත්තියක්. පසුගිය කාලයේදී මම හිතුවටත් වඩා කාර්යබහුල වුණා. නමුත් ඒ හැම අවස්ථාවකදීම මා දිරිගැන්වුවා.
ප‍්‍රශ්නය - තරගය යන අතරතුර ඔබ වටා බොහෝ පිරිසක් හිටියා. දැන් කොහොමද ඔවුන්ගේ ප‍්‍රතිචාර?
පිළිතුර - ඒකනම් වචනයෙන් කියන්න අමාරුයි. මොකද, මේ ජයග‍්‍රහණය මගේ වුණාට ඔවුන් හිතන්නේ මේක ඔවුන්ගේ ජයග‍්‍රහණයක් කියා. ඇත්තටම ඒක නිවැරදියි. ඔවුන් මනාප ලබා නොදෙන්න මට මේ කිරුළ අද හිමිවෙන්නේ නැහැ. මේ හැම කෙනාටම මගේ නිහතමානී කෘතවේදීත්වය පිරිනමනවා. ඒ වගේම තමයි අද මා මේ තැනට ගෙනාපු දෙරණ ආයතනය. ඔවුන්ට වගේම මා ඉහළට ඔසවා තැබූ සියලූම මුද්‍රිත මාධ්‍යවලටත් ස්තුති කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.
තරුවක් නොවී හඳක් වෙන්නැයි ධනුෂ්කට පියාගෙන් අවවාදයක්
අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර
ඇඹිලිපිටිය පුරවරයම මේ දිනවල කතා කරන්නේ දෙරණ රුපවාහිනියේ ‘‘සිහින කුමරා’’ ගැනය. ඇඹිලිපිටිය මොරකැටියේ, යාය හයේ ඞී හතරෙ ඇලේ පදිංචි විසි හතර වියේ පසුවූ එම්.ජී. ධනුෂ්ක ඒ සිහින කුමරාය.
ධනුෂ්ක මේ ‘‘සිහිණ කුමරා’’ හෙවත් ‘‘දෙරණ ඩ්රීම් ස්ටාර්’’ කිරුළ හිමි කරගන්නට පෙරත් ඇඹිලිපිටියේ ජනතාව ඔහුට ඇලූම් කළේය. කෙසේ හෝ සිහින කුමරා කිරුළ ඔහුට හිමිවනු දැකීම ඇඹිලිපිටියේ සහ රටපුරා බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව විය.
පසුගිය 05දා කොළඹ සුගිතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවති ‘‘දෙරණ ඩ්රීම් ස්ටාර්’’ අවසාන මහතා තර`ගය දිනයේ ඇඹිලිපිටියේ පමණක් නොව රටපුරාම සෑම නිවසකම පාහේ සුසර කර තිබුණේ දෙරණ නාලිකාවය.
ඇඹිලිපිටිය නගරයේ ඇතිවු ගින්නක් නිසා රාත‍්‍රී අටයි තිහට හදිසියේ විදුලිය විසන්ධිවු අවස්ථාවේ තම හිතවතාගේ දස්කම් දැක ගන්නට ලැබෝදෝයි සුසුම්හෙලූ පාරිභෝගිකයන්ගේ ඇම්තුම් වලින් විදුලිබල මණ්ඩලයේ දුරකතනයට ඉස්පාසුවක් නැතිවිය. එහෙත් පැයකට ආසන්න කාලයක් තුල යළි විදුලිය ලැබීමෙන් පසු ඇඹිලිපිටිය නගරයේ ධනුෂ්කගේ රසිකයෝ සැනසුම් සුසුම් හෙලූහ.
ධනුෂ්කගේ ජීවිතය රෝස මල් යහනාවක් නොවීය. දුක කදුල, වේදනාව, පීඩිතබව උරුම කරගත් ධනුෂ්ක සිය පියා වු එම්.ජී. දයානන්‍ද මහතාගේ සෙවන, ආරක්‍ෂාව යටතේ හැදුනේ නංගිලා දෙදෙනා සමගය. ධන්ෂ්කගේ දිවි ගමනේදී අගහිගකම් ඇතිවු අවස්ථා වල ඒවා දරාගෙන ජීවිනමග ගමන් කරන්නට ඔහුට පිටිවහලක් වූයේ පියාය. සෙවනැල්ලක් වූයේ ද පියායය.
ධනුෂ්කගේ මව ජාගොඩ ගමගේ චන්‍ද්‍රිකාය. ඇය පවුලේ අගහිගකම් නිසාම කිහිපවරක්ම විදේශ ගතවුයේ දහසින් බැදි පියළි සොයගෙනවිත් තමන්ටම කියා කැදැල්ලක් තනාගන්නටය. ඇය වසර දොළහකට පසුව සොයා ගෙන ආ මුදලින් මිලදීගත් නිවසක් සහිත අක්කර කාලඉඩම ඔවුන්ගේ ලෝකයයි.
ධනුෂ්කගේ නංගිලා දෙදෙනා විවාහ වී වෙන්ව සිටී. අතීතය අමතක කර අනාගතය ගොඩ නැගිය නොහැකියැයි ධනුෂ්කගේ පියා වු එම්.ජි දයානන්‍ද මහතා රියැලිටි ඉතිහාසයේ වැඩිම කෙටි පණිවිඩ ප‍්‍රමාණයකින් තම පුතා ‘‘සිහින කුමරා’’ කරන්නට අතහිත දුන් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ ලංකාවේ සහ පිටරට වෙසෙන සියලූ දෙනාටම පින් දෙන බව කීවේ කෘතවේදීත්වයේ කඳුලූ බිඳු දෙනෙත් තුලින් කඩා වැටෙද්දීය.
‘‘අපි ලොකු මිනිස්සු නෙවෙයි. ජීවත් වෙන්න පුතාත් මමත් කුලි වැඩ පවා කළා. පුතා රුපියල් දාහට, එක්දහස් පන්සියයට මගුල් ගෙවල්වල ගිහිං සින්දු කිවුවා. ඒ ගැන කියන්න පැකිලෙන්නේ නෑ. ඒක අපිට නම්බුවක්.’’
‘‘ පුතාට ඔය ජයග‍්‍රහණය ලැබුණේ හතරවෙනි සැරේ. පළමුවෙනි සැරේ 96 වෙනියා වෙලා විසි වුණා. දෙවෙනි සැරේ හැත්තෑ දෙවෙනියා වෙලා විසිවුණා. තුන් වෙනි සැරේ තිස් හය වැනියා වෙලා විසිවුණා. මේ සැරේ කිරුළ හිමිකර ගත්තා. ඉතිං පුතා වෙනුවෙන් එස්එම්එස් යවපු හැමෝටම අපි ණය ගැතියි. පුද්ගලිකව ඒ අයට ස්තුති කරන්න පුලූවන්නම් මම ඒකත් කරනවා.’’ ධනුෂ්කගේ පියා පැවසුවේය.
‘‘පුතා අවුරුදු තුනක් ‘‘දෙරණ ඩ්රීම් ස්ටාර්’’ එකට ගියාම එයාට අවශ්‍ය මුදල් හොයා ගන්න මම කොළඹ නැවතිලා කුලී කළා. ඒ කොළඹ ඕ.ටී කරලා වැඩි මුදලක් හොයාගන්න පුලූවන් නිසා. සතියට දෙවතාවක් එයාට කොළඹ යන්න තිබුණ අවස්ථා ඇතිවුණා. මගේ පුතා සංගීතය හදාරපු කෙනෙක් නෙවෙයි. එයා ඇඹිලිපිටිය මොරකැටිය මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ජීවත්වෙන් නොගත් උත්සාහයක් නෑ. ධනුෂ්ක පුතාත් කුලී වැඩ කළා. මේවා කියන්න ලැජ්ජා වෙන්න ඕනැ නෑ.’’
‘‘ විශේෂයෙන් ඇඹිලිපිටිය සහ අවටත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයන් ඇතුලූ විශාල පිරිසක් පුතාට උදව් කළා. ඒය නොහිටියානම් පුතාට මේ ජයග‍්‍රහණය ලැබෙන්නෙ නෑ. ඒක විශ්වාසයි.’’
‘‘ මම පුතාට මේ ජයග‍්‍රහණය අවසානයේ දුන්න අවවාදය තමයි පුතේ මුල අමතක කරන්න එපා කියන එක. හැමෝගෙම ආදාරය කරුණාව පුතාට ලැබුනා. ඒකෙන් සිහින කුමරා කිරුළ හිමි වුණා. ජිවිතය කියන්නේ වාහනයවත්, කිරුළවත් සල්ලිවත් නෙවෙයි. නිහතමානී කමයි මනුස්සකමයි. මොනවා නැතත් මිනිහෙකුට ජිවත් වෙන්න නිහතමානිකමයි මනුස්සකමයි තියනවානම් පුලූවන්. මගේ පුතාගේ ජයග‍්‍රහණය කියා පෑවේ ඒ පණිවිඩය. ඒක අමතක කරන්න එපා කියලා මම පුතාට අවවවාද කළා.’’
‘‘දැන් ඉතින් මට කොළඹ කුලි කරන්න ඕනෑ නෑ. මම මේ පැත්තේ කුලියක් කරගෙන ජිවත් වෙන්නයි අදහස.’’ ධනුෂ්කගේ පියා නිහතමානීව තම පුතාගේ ජයග‍්‍රහණය ගැන සතුටු කදුළු වගුරුවමින් කීවේය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අනාගතයක්. වේවා !!! (දී)
මල්ලි මම ඔයාට ගොඩක් සුබ පතනවා. (ස)
ඔබට සුබ අනාගතයක් පතමි! (නි)
සුභ පැතුම්! (නි)
දනුෂ්ක, සුබ අනාගතයක්. සුබ පැතුම් එවන්නේ රුසියාවේ සිට. මම ලංකාවට ආපු වෙලාවේ දැක්කා රූපවාහිනියෙන් ඔබේ ජයග්‍රහණය. (නදී)
ඔබට ජය! (නි)
ඔබට සුබ පතනවා මුළු හදවතින්ම. 'හිස් ටින් එකක් වගේ' සිංදුවට මම පුදුම ආසයි (නි)
පුතා, ඔයාගේ හැකියාවට අපෙන් සුභ පැතුම්! අතීතය අමතක කරන්න එපා (නි)
අනේ එම්.ජී. අර සමහරු වගේ විකිණෙන්න නම් එපා (නි)
හිස් ටින් එකක් වගේ සින්දුවට හරිම කැමතියි (නදී)
ඇත්තටම පුතේ, ඔබ ඉතා අහිංසක හොඳම දක්ෂයෙක්.මුල අමතක කරන්න එපා.ගොඩක් දෙනා ඔතනින් පස්සේ ජිවත්වෙන්නේ සුපිරි පන්තයට ගැළපෙන විදියට.ආ මග හොඳින් මතක තියාගෙන සංගීතය ගැන අධ්‍යයනය කරමින් යහපත් මනුෂ්‍යයෙක් වශයෙන් ඉදිරියටම යන්න. (නි)
දුක මාකට් කරන්න ඕනෑ නැහැ ලංකාවේ. මාකට් එකේ වැඩිපුරම තියෙන්නේ දුක තමයි. (නි)
රියැලිටි තරුවක් මට තරුවක් නොවුනට උඹ තරම් තරුවක් අපට නැ ධනුෂ්ක ඒක හැමදාමත් රැකගන් කොල්ලෝ (නදී)
ඔබ්ට ජය පතනවා! (නි)
පුතා, ඔයා හොඳ දරුවෙක්. හිස් ටින් එකක් අතින් අරගෙන ඉපදුන මම අද ගොඩක් දුර ඇවිදින්. ඔයාට මගෙන් උණුසුම් සුභ පැතුම් පුතා! (නි)
නියම දක්ෂයෙක් (නි)
දෙරණින් මම දුටු සැබෑ දක්ෂයා නුඹයි (නි)
මෙම ගීතයේ මුල් "කවාලි" ගීතය 1955 තිරගතවූ "අසාඩ්" හින්දි චිත්‍රපටයට රාජේන්ද්‍ර ක්‍රිෂන් රචනාකළ සී .රාමචන්ද්‍ර සංගීත වත්කල රගුනාත් ජාදෙව් ඇතුළු පිරිස ගායනාකල "මාර්නා භි මහබ්බත් මෙයින්" නම් ගීතයයි. මෙහි රංගපෑවේ දිලිප් කුමාර් ,මීනා කුමාරි සහ ප්‍රාන්. (නදී)
ඔබට සුබ පැතුම්! (නි)
ඔයා ඇත්තටම දක්ෂයෙක්. මම ඔයාගේ දක්ෂ කම අගය කරන වා දනුෂ්ක ඔබට ජයෙන් ජයම පතනවා (නදී)
නියමම කොල්ලෙක්. ජයෙන් ජයම ලැබේවා! (නි)
ඔබ දිනුවේ ඔබේ දක්ෂතාවය නිසා බව දැන් රටටම ඔප්පුවෙලා. අනෙක ඔබ කිරුළ දිනුවට පසු කිවයුතු දේවල් දිනන්න පෙර කිවුවේ නැති එකත් ඔබේ ජයග්‍රහණයට රුකුලක් වුණා. දැන් ඔබ ජනප්‍රිය ගායකයෙක්. හොඳ දෙයක් කරලා නමක් තියාගෙන දුක විකුණන්නේ නැතුවා වගේම විකිණෙන්නේත් නැතුව ඉන්න පුළුවන් ගායකයෙක් වෙන්න බලන්න. (නි)
ජයෙන් ජයම වේවා! (නි)
එක අතකට කුඩු මාකට් කරනවට වැඩිය දුක මාකට් කරන එක හොඳයි. ඔයා හොඳ කොල්ලෙක්. (නදී)
ධනුෂ්ක, අමිලා නධීශානි විතරක් නෙවෙයි දෙරණින් ජයග්‍රහණය කල ඔශානි සන්දීපා , ශකිනි ධිල්සරා සහ තරුෂි සවුභාග්‍යා කියන්නෙත් ඇඹිලිපිටියෙන් පායපු තරු. මට හරිම ආඩම්බරයි (නදී)
ඔයාට පුලුවන් නම් අම්මවයි, තාත්තවයි නැවත එකතු කරන්න. ඒක තමා ඔය ගන්න ලොකුම දිනුම (නදී)
ඔබට සුබ පැතුම්! (නි)
දනුෂ්ක මල්ලි දැන් එම්.ජී යුගය ඔබට ජයවේවා! (නදී)
ඔබ නිහතමානී දක්ෂ තරුණයෙක්.දක්ෂකමින් ජයගත් කෙනෙක්. ඔබේ අනාගතය ජයෙන් ජයට පත් වේවා! (නි)
ඔබට ජය පතමි..., මුල අමතක නොකර එදිරියටම යන්න. (ස)
දනුෂ්ක, අද රටේ ඉන්න කොල්ලන්ට ඔයා ලොකු ආදර්ශයක්, රටක් බලන තරගයකින් ජය ලබපු ඔයාට, අංක 01 උනේ ඔයාගේ තාත්තා. ඔයා වගේ දරුවෙක් ලබපු තාත්තා වසනාවන්.(නදී)
අමිලා නදීශානිත් ඇඹිලිපිටියෙම නෙවෙයිද? (ස)
ඔබට සුන්දර අනාගතයකට සුභ පතනවා. චරිතය රැකගෙන, හොඳ නම රැක ගන්නට ධෛර්ය පතමි. මව්පියන්ට සලකන දරුවන්ට වරදින්නේ නෑ. ජයෙන් ජයම පතනවා. රියලිට් ස්ටාර් උනාම මුල් ගායකයා අමතක කරන ලෝකයක ඔබ වටිනා දරුවෙක්.(අ)
සුබ පැතුම්! (නි)
මම කවදාවත් ඔය ස්ටාර් තරග බලන්නේ නැහැ එහෙත් එම්.ජී ගැන යු ටියුබ් එකෙන් බැලුවා. අැත්තටම අවංක නිහතමානි කොල්ලෙක් කියල හිතනවා ඔබට ජය. ටිකක් හිතන්න ජෝති නැතිවෙලා අවුරුදු 27 යි. ඒ උනත් ජෝති ට තාමත් මිනිස්සු අදරෙයි (නදී)
මේ රියලටි ක්‍රියාවලියම මාකටින් එකක් තමයි. (නදී)
ලස්සනයි (නදී)
සුභ අනාගතයක් වෙිවා! (නදී)
ඔයාට ජයෙන් ජයම ලැබේවා ! (නදී)
සහෝදරයා, ඔයා හැම තරුණයෙකුටම ආදර්ශයක් (නි)
නියමයි මල්ලි දුක මාර්කට් කරානම් ඔයත් පරාදයි. ජයවේවා! (නදී)
පුතා ,ඔය හිස් ටින් එකක් වගේ ගීතය ඔයාගේ හඬින් හරිම ලස්සනයි. මම හිතුවේ අලුත් එකක් කියල. එ්ක ජෝති ගේ ඉස්සර ගයපු එකක් දැන් එහි අයිතිය ඔයාටම ලැබිල , මම මුළු හදින්ම සුබ පතමි. (අ) I
අනන්ත දුක් විදින මිනිසුන්ගේ හිත් මොහොතකට හරි සනසන්න පුළුවන් ගීත තෝරාගෙන උසස් මට්ටමේ දෙයක් කරන්න උත්සහ කරන්න. බයිලා සාස්ත්‍රීය කියල ප්‍රශ්නයක් නැහැ. ධනුෂ්ක ඔබට ජයගන්න තවත් දෙයක් ඉතිරිවෙලා නැහැ.ඔබගේ හැකියාව මොකක්ද කියල ඔබ දැන් දන්නවා එතනින් ගොඩ එන්න බලන්න .කාටවත් අතපාන්නවත් විකිණෙන්නවත් එපා අපි ඔබගෙන් ගීත ගොඩාක් බලාපොරොත්තුවෙන්නේ නැහැ හෙමිහිට එකක් කරන්න හදවතට දැනෙන්න. දෙමව්පියන්ව රැකගෙන ඉසුරුබර ජීවිතයක් නොවේ සතුටු පිරුණු ජීවිතයක් ගෙවන්න හැමවිටම උත්සාහ කරන්න . (ස)
දනුෂ්ක මල්ලි ඔයාට සුබපැතුම් (අ)
මුල හොදට මතක තියාගෙන තාත්තගේ ගුණ සුවද අමතක නොකර ඔයාට සැම වෙලාවේදීම අත හිත දුන් සියලු දෙනාට ගරු කරන්න. දනු පුතා ඔයාට නිරතුරුවම ජය සතුට පතන මා සෙනෙහෙබර මවක්. (නදී)
සුභ පැතුම්! (නි)
ශිරාවටම කොල්ලෙක් නිසා ඇස් දෙකට කඳුළු ඉනුවා නම් ඒ ඔබ නිසා. කවදාවත් මුල අමතක කරන්න එපා. එවිට ඉදිරියේදී ඔබ ලබාගන්න ජයග්‍රහණ මීට වැඩිය ගොඩක් වටිනාකම් තියෙන ඒවා වේවි. හදවතින්ම සුබ පතනවා මල්ලි (නදී)
ජිවිතේටවත් මොනම දේකටවත් කෙටි පණිවුඩ නොදාපු මට ඔයා නිසා කෙටි පණිවුඩ යවන්න සිද්ධ වුණා. ඒ සල්ලි අහක ගියේ නැහැ (නි)
ඔයාට සුබම සුබ අනාගතයක් ම වේවා පුතා.(හේ)
ඔයාට ජය වේවා. සුබ අනාගතයක්.මට සීසන් 6 එකේ ලිපිනේ එවන්න පුලුවන්ද? මමත් යන්න ඉන්නේ . (ස)
හොදයි.(හේ)
කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා පුතා. කොච්චර මුල අමතක කරන්නේ නැහැ කීවත් එය එතරම් ප්‍රායෝගික නැහැ. මුලදී බොහොම අමාරුවෙන් හිස ඔසවපු දැන් සුපිරි ක්‍රිකට් තරුවක් වී සිටින අයෙක් මේ මෑතකදී මාධ්‍යට කතා කරපු හැටි අපි දැක්කා. ඔයා ඒවා ගැන හිතන්න ඕනා නැහැ ඔයාගේ ගමන යන්න. සුබ අනාගතයකට ඔබට ඉතසිතින් සුබ පතනවා. (අ)
මේ වැඩසටහන් වලට පුද්ගලිකව අකමැති මම ඔබට කෙටි පණිවුඩ 11ක්ම එවුවා (නි)
මරු(දී)
ඔයාට සංගීතය උගැන්වූ ගුරුවරුන් ගැනත් මතක් කළා නම් හොඳයි නේද?ඔබ නිහතමානී කෙනෙක් බව ගමේ සියල්ලන්ම කියනවා.ඔබ දක්ෂයෙක්.ඔබට ජය! (නි)
මේ වගේ මිනිසුන්ට තමි හරියන්න ඕනෑ. මිනිහෙකුට මනුස්සකම, නිහතමානීකම තිබේ නම් ජීවත්වෙන්න පුළුවන්. මුල අමතක කරන්න එපා (නි)
ඔබේ අධිෂ්ඨානය සහ වීර්යය අපි අගය කරමු. ඔබ ලංකාවේ මිනිස්සුන්ට පාඩම් දෙකක් කියල දුන්න. එකක් තමයි උත්සාහය කවදාවත් අත අරින්න එපා කියන එක. අවසානයේ කවදාහරි ජය ලබන්න පුළුවන් බව ඔප්පු කරලා පෙන්නුවා. ඊලඟට ඕන මිනිසෙකුට තම හැකියාවට ජනතාව දිනන්න පුළුවන් බවත් තම අසරණ කම අම්ම තාත්තගේ අසරණකම දුප්පත්කම මිනිසුන් ඉදිරියේ ඔබ කිසිම විටක පාවල දුන්නේ නැහැ. ඔබේ හැකියාව දක්ෂතාවය සහ ඒවා නිසි පරිදි කළමනාකරණය කරගන මිනිස්සු දිනන්නේ කොහොමද කියල ඔබ රටටම පෙන්නලා දුන්න. අපි ඔබට ආදරය කරන්නේ ගරු කරන්නේ ඒ නිසයි. අපි එදා රෑ ගෙදර ෆෝන් හතරකින් පුළුවන් තරම් එස් එම් එස් දැම්ම. මොකද ඔබ එදා මුළු රටටම ඔබේ දක්ෂකම පෙන්නුවා මිස කිරුළ ඉල්ලලා දුක වික්කේ නැහැ. අනෙක තමයි ඔබ මුලින්ම කීවේ ඔබේ පියාට ඕන උනේ ඔබ අවසන් දොළොස් දෙනා අතරට ගෙනෙන එකයි. ඔබට ඕන උනේ ඔහුව ඉස්සරහ තියාගන අවසන් මහා තරඟයේ ගී කීම පමණි කියල, ඔබ ඔබේ පියාගේ මේ සිහින දෙකම සැබෑ කලා. මේ යහපත් ක්‍රියාව දැකපු මේ රටේ රසික ජනයා වගේම දෙවියන් තීරණය කලා ඔබව ඉහලම ඉහල තැනට ගෙනියන්න. දැන් ඔබ කල යුත්තේ ඔබේ රසිකයා පිනවීමත් ඔවුන්ට ආදරය කරන ගමන් ඔබේ පියාට දෙවියකුට මෙන් සැලකීමත් පමණි. එවිට දෙවියන් සැමදා ඔබව බලා ගනු ඇත. ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම්! (ස)
පුතා, නුඹට මගෙත් උණුසුම් සුභ පැතුම්! (නි)
සුබ ගමනක් වේවා (නදී)
ඔබට ජයග්‍රහණය ලැබුනේ ජෝතිගේ හිස් ටින් එකක් වගේ ගීතය නිසා කියල මම හිතන්නේ. ජෝති අපෙන් වෙන්වෙලා අවුරුදු 27. එ්ත් තවම ඔහු ජීවමානයි. අපි තවමත් ජෝතිට අාදරෙයි. ධනුෂ්ක මම ඔයාගෙන් ඉල්ලන්නේ ජෝති වගේ මිනුස්සු ආදරය කරන ගායකයෙක් වෙන්න කියලයි. (නදී)
අවසන් තරගය දා අපි දැක්කා සමහර අය දුක මාකට් කර දිනන්න හදනවා. ඒත ඔබ එහෙම කථා කලේ නෑ. එ් නිසයි කියන්නේ ඇත්තටම "නියම කොල්ලෙක්". (නදී)
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි.... (නි)