(රොමේෂ් මධුෂංඛ)
ජනතාව බලාපොරොත්තු වූ වෙනස මෙතෙක් වත්මන් ආණ්ඩුවට ඉටු කිරීමට නොහැකී වී ඇතැයි විපක්ෂ නායක ආර්.සම්පන්ධන් මහතා කියයි.
‘‘වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති, ප්‍රකාශ හා ස්ථාවර පසුගිය ආණ්ඩුවට වඩා වෙනසක් ඇති නමුත් මේ වන තුරු අපේ ජනතාවට විසඳුමක් ලැබිලා නැහැ.වත්මන් රජය පත්වෙලා දැන් වසර දෙකකුත් ගතවෙලා ඉවරයි.“
“අතුරුදහන් වූවන්,ඉඩම් ගැටලු හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි දේ වෙනුවෙන් ජනතාව විවිධ ස්ථානවල උද්ඝෝෂණ පවත්වනවා. මේ ගැටලු වලට විසඳුමක් කඩිනමින් දෙන්න ඕන.විසඳුම් දෙන්න රජය අපොහොසත් වුනොත් අපේ ජනතාවට මේ රජයත් එපා විය හැකියි.ඒක ආණ්ඩුව තේරුම්ගත යුතුයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
වසර 25 ක් පුරාවට වව්නියාවේ පූන්තොට්ටම් අනාථ කඳවුරේ සිටි වැසියන්ගෙන් පවුල් 150 කට වව්නියාව සින්න අඩම්පන් ප්‍රදේශයේ අංග සම්පූර්ණ නිවාස ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කීය.



COMMENTS
මේ ආණ්ඩුවෙන් කාටවත් යහපතක් වෙලා නෑ. දැන් ඡන්දෙ දුන්න කෙනෙක් හොයාගන්නත් නෑ.
සම්බන්දන් මහතා අතුරුදන් වූ වන ගැන දැන් මොනවද හොයන්න තිබෙන්නේ ඔබලාගේ බෝම්බ වලින් අපේ සිංහල මිනිස්සු ගිය තැනට ඒගොල්ලොත් ගිහිල්ල ඇති. අපි දේසපාලන සිරකරුවන් හිරකරලා නැත අපි හිරකරලා තිබෙන්නේ පට්ට ත්‍රස්තවාදීන් ඔවුන් එකසැරේ අතුරුදන් කරන්න බැහැ ඒගොල්ලෝ ටික කාලයක් විඳවන්න ඕනේ.
ඒ කියන්නේ දකුණේ කිසිම ආණ්ඩුවකින් උතුරේ දෙමල ජනතාවට සෙතක් උනේ නෑ ඒ නිසා ජාත්‍යන්තරය අපිට ස්වයං පාලනයක් ලබාදෙන්න කියලා කියන එකනේ.ඔය ගෙවල් හදල දුන්නේ ජාත්‍යන්තරයෙන් වෙන්න බෑ.මොකද ඒ දැන්වීමේ ශ්‍රී ලංකා රජයේ ලාංඡනත් තියෙනවා.
ඔබල ඉල්ලන්නේ විසදුම් දෙන්න බැරි දේවල් . එමනිසා ඒගැන කතා නොකොට තමාගේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවන්න වැඩ පිළිවෙලක් ගැන බැලුවොත් හොදයි. නව ව්‍යවස්ථාවක් කොහොමටත් දකුණේ ජන්දය ලැබෙන්නේ නැහැ. මොකද මේ ආණ්ඩුවට ජන්දේ දීපු අය දැන් නැති නිසා.
ඔයා කෙනා ඉන්න පලාතටවත් එනවද? ලොකු කුල වල මිනිස්සුන්ට සැලකුවට දෙමළ සාමාන්‍ය මිනිස්සු එක්ක කතා කරන්නෙ වත් නෑ... මේ ටී.එන්.ඒ. අපිට වෙච්ච අසාධාරණ කාටවත් පේන්නේ නැත්තේ ඇයි. අපිට වෙන රටක් ඕනේ නෑ මහත්තයෝ... කන්න කෑම ටික හොයගන්න වතුවල මිනිස්සුන්ගෙ පඩි තමයි ඕනේ... දැන්වත් සාමයෙන් ඉන්න දෙන්න අඩු ගණනේ...
විපුල, මැල් ඔබලා නුදුන්නට මේ ආණ්ඩුවට ලක්ෂ හැට පහක් විතර ඡන්දය දුන්නා වගේම ආණ්ඩුවේ හරි දෙයට හරි කියන්නත්, වැරදි දෙයට වැරදියි කියන්නත් අපිට පිට කොන්දක් තියනවා අපි වහල්ලු නොවන නිසා....
අර ශර්ලොක්ගේ කතාවේ පපුවෙන්ම මස් රාත්තලක්ම ඉල්ලුව වගේ ඉල්ලීම් ඔයගොල්ල ඉල්ලනකොට කොහොමද දෙන්නේ? දැන්වත් ඔය බහුභූත අදහස් ඔලුවෙන් ඉවත් කරගෙන ශ්‍රී ලාංකිකයන් ලෙස කල්පනා කරගෙන, අර කොළඹ, කදුකරයේ සහ රටේ අනෙකුත් ප්‍රදේශවල ද්‍රවිඩ ජනතාව ජිවත් වන විදිහට ව්‍යාපාරයක්, රැකියාවක් කරගෙන උතුරේ ජනතාවත් ජිවත් වෙන්න හිතට ගන්න, උතුරේ ජිවත් වෙන්න බැරිනම් එන්න කොළඹට, එන්න දකුණට,....
සහෝදර කමින් ජීවත්වීමට කැමති දෙමළ ජනතාව ලංකාවේ ඉන්දෙද්දී, ජාතිවාදී දෙමල ජනතාව තමිල්නාඩුවට හෝ එයාලා මෙහෙට ගෙනාපු මහා බ්‍රිතාන්‍යටම යායුතුයි...
ඉතින් යනවල ඉන්දියාවට තමිල්නාඩුවේ තමන්ට ඕන විදියට ඉන්න ලැබෙයි. අපිට පව් දිදී මෙහෙටම වෙලා ඉන්නේ මොකටද?
අසින්ත, මේ ගොල්ල හොඳටම දන්නවා උතුරේ ධීවරයන්ගේ මලු ටිකත් කොල්ල කා ගන්න තමිල්නාඩුවේ ඉන්න දෙමළ මිනිස්සු... මෙයාල එහෙ ගියොත් මෙයාලගේ ඇඳල ඉන්න වස්තරෙත් ගලවාගෙන මෙයාලට පාරේ හිඟාකන්න වෙන බව...
ජාතික කොඩියක්වත් නැති උත්සවයක්....
මේ ගොල්ලගේ මුහුදේ මාළු ටික තමිල්නාඩු ධීවරයන්ගෙන් ආරක්ෂා කරලා දෙන්න නාවික හමුදාවට විශාල සටනක් දෙන්න වෙලා, මේ ගොල්ල කියන විදිහට උතුරෙන් ත්‍රිවිධ හමුදාව ඉවත් කලොත් තමිල්නාඩුවේ මිනිස්සු බෝට්ටු වල නැගල ඇවිත් උතුරේ මුහුදේ මාළු ටික විතරක් අල්ලාගෙන ගිහින් නතර වෙන එකක් නැහැ... උතුරට ගොඩ බැහැල පාරවල තිබෙන විදුලි රැහැන්, ගෙවල් වල ඉන්න කුකුල්ලු, එළුවෝ , හරක් සහ ගෙවල් වල ඉන්න ගෑනු පවා අල්ලාගෙන බෝට්ටුවල පටවාගෙන තමිල්නාඩුව ගෙනියාවී.... එහෙම නැත්නම් අර පරණ කොටි (පිල්ලෙයාන් , කරුණ වගේ කල්ලි වලට ) කප්පම් දෙමින් ඉන්න වේවි...