මහරගමට නුදුරු නගරයකි. අම්මා හැඩකාරියකි. වයස 45කි. පදිංචිය බස්නාහිරය. සිව්දරු මවකි. ලොකු ගෑණු දරුවන් දෙන්නා ගෙදර නැතිලු. මහත්තයා අසනීපෙන්ලු.
ගෙදර වැඩට, දරුවන්ගේ වැඩට, මහත්තයාගේ වැඩට කාසි හොයන ලේසි ක්‍රමයක් හොයා ගත්තාලු. ගමේ තරුණ කොල්ලන් දෙන්නකු රෑට රෑට ඒ පැත්තට යන්න පටන් ගත්තාලු. උන්ගේ වයස ගෑණිගේ වයසෙන් බාගයකටත් වඩා අඩුලු.
දෙන්නා ළඟම සල්ලිය බාගේ තියෙනවාලු. මව ඉබේම ලොව පැරණිම රැකියාවට බැස්සාලු. ටික දවසක් යන විට 15 දුවත් ඒ වැඩේට එකතු කරගත්තාලු. අවුරුද්දක් පමණ ඇය අකමැත්තෙන්ම වාගේ කාමාතුරයන් දෙන්නාට බිලි වුණාලු. කාසි අම්මාට යන බවත් දැන හිටියාලු. බැරිම තැන මේ බව මිතුරියකට කිව්වාලු. මිතුරිය ඇගේ වැඩිහිටියන් මගින් පොලිසියට දැන්නුවාලු. පොලිසියෙන් අම්මාත් කොල්ලෙකුත් හොයාගත්තාලු. දැරිය දැන් රෝහලකලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම මුදල් නැතිකමක්නේ ගුණදාස මහත්තයෝ. පාරේ හිඟා කාලා සමහරු තමන්ගේ දුවරු රකින්නේ. (නි)
මෙය සමාජ විද්‍යා ප්‍රශ්නයක්. විවාදය බුද්ධිමත් අයට පමණි. (බ)
මෙහෙම අයට අම්මා කියන උතුම් අකුරු තුන නොසුදුසුයි (ම)
කනගාටුදායක පුවතක් මෙවැනි අය කරදරයකට පත්වෙන්නෙ මුදල් නැති නිසා .(හේ)
තම දරුවන් ගණිකා වෘත්තියට යොමු කිරීම ගැන අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. ඇය ජිවත් වීමට ලෙහෙසියෙන් මුදල් සෙවීමට මේ රැකියාවට යොමු වෙලා තියෙනවා. අපි ඇයට ගණිකාවක් යි අවමන් කරනවා. සමාජ රෝග බෝවුවහොත් බෝ වන්නේ ඇයට සහ ඇයගේ පහස සොයන අයටි.නමුත ඇය සිගරට් බොන්නන් මෙන් නොබොන අයට,වටේ සිටින්නන්ට විසබීජ නොමිලයේ දෙන්නේ නැහැ. සමහරු මෙන් අපේ ඡන්දයෙන් ගොස් මහජන මුදල ගසා කන්නේ නැහැ. නමුත් සෙනග මධ්‍යයේ සිට සිගරට් බොන්නන්ට .මහජන මුදල් ගසා කන්නට නොදක්වන විරොදයක් ගණිකාවන්ට දක්වනවා.. මේ වයෙන් වැඩියෙන් විනාසකාරී වන්නේ ,නැවැත්විය යුත්තේ , තම වාසියට, තෘප්තියට මහජන මුදල් ගසා කෑමද, සෙනග මද්‍යයේ සිට සිගරට් බිමද, නැතිනුම් කොහේ හෝ මුල්ලක නැතිනම් නිවසක සැඟවී සිට ගණිකා වෘත්තියේ දීමද? මින් මා අදහස් කරන්නේ ගණිකා වෘත්තියට ඉඩ දිය යුති යන්න හෝ එය හොන්දෛ කීම නොවේ. ගණිකාවන්ට දක්වන පිළිකුල ,අප්‍රසාදය ඉහත සඳහන් අයටද කල යුථුඉ යන්නෛ. නමුත් ගනිකවකට ,ගණිකා වෘත්තියට අපහාස කරන්නන් කි දෙනක් මා ඉහතින සඳහන් කරන්නවුන්ට ගරු සර දක්ව්න්නේන්ද? (ස)
ජයනි , අපි ඉන්නේ මුදල් පසුපස හඹායන සමාජජයකනේ. එතනදී සාරධර්ම ගුණධර්ම වලට වැඩිය ඉදිරියට එන්නේ මුදල්. ඉතින් ලෝකයේ පැරණිම වෘත්තියට බහින්න අකමැති කෙනෙක් කරන්නේ හිඟාකනවා නම්බුයි කියලා මහපාරට බහින එක. හිඟා කනවට වැඩිය මේක පහසුයි ලේසියි කියලා හිතන අය මේකට යනවා (නි)