මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයෙන් ජයගන්නා බව ඒකාන්තයි. රට තොට බලන විට, සාමාන්‍ය අංක ගණිතය දන්න ඕනෑම කෙනෙකුට එය තේරුම් යනවා යැයි ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි කොළොන්න ආසනයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ රැස්වීමකදී පැවසීය.
‘‘රජය මහජන මතයට එරෙහිව යන බව පේනවා. මේ ගමන හොඳින් අවසන් නොවන බව පේනවා. 89 දි වගේ භීෂණයක් එන හැඩයි. ලේ ගංඟා ගලා යන හැඩයි. එය වැලැක්විය හැක්කේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු විපක්ෂ එකමුතුවට ඡන්දය දීමෙන් පමණයි.“
රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන බවත් එය වැලැක්විය හැක්කේ මෛත්‍රී ප්‍රමුඛ සන්ධානය බලයට පත් කිරීමෙන් බවත් ඒ හිමියෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවා? (නි)
සහතික ඇත්ත කතාව. (අ)
අපේ හාමුදුරුවනේ නැති දේවල් මවන්න එපා (නදී)
මේ ඔක්කොම දවල් හීන දකිනවා,අසු ගණන්වල තිබුණ භීෂණය අමතක වෙලාද? දැන් ඉතිරි වෙන්නේ දුෂණය ,භිෂණය කියන සටන් පාඨ පමණි .(හේ)
හරියට හරි හාමුදුරුවනේ. (ර)
අපිත් කලින් හෙළ උරුමය සමග තමයි හිටියේ. හෙළ උරුමය සමග ඉඳපු 75% දැන් අනිත් පැත්ත ඇරිලා ඉන්නේ. මේ සැරේ හෙළ උරුමයට කලින් ලැබුන සිංහහල බෞද්දයන්ගේ මනාප ගන්න නම් බැරිවෙයි. අපි කවමදාවත් ඉතුවේ නැහැ හෙළ උරුමය මේ වගේ තීරණයක් ගනී කියා. කෙසේ වෙතත් සිරිසේනගේ ජය හීනයක් පමණි. (නදී)
ඔබ වහන්සේ නිවැරදියි. ඔබ වහන්සේලා සමග අප ද සිටින බව අමතක කරන්න එපා. (ර)
ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයෙක්. ඔහොම කියන එක වැරදියි (නදී)
බොහොම ස්තූතියි ඔබවහන්සේලා සත්‍ය වෙනුවෙන් පෙනීසිටීම ගැන. (නි)
රට නිදහස් කර ගන්න නායකත්වය දුන්න කියල ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා. (නදී)
ඔබ වහන්සේ නිවැරදියි අද රටේ සිටින සියලු දෙනාගේම බිය ඔන්න ඕක තමයි.(හේ)
බොන වතුර වීදුරුවේ කිඹුලන් පෙන්වීමට ආණ්ඩුවේ දේශපාලන විචාරකයින්, බුද්ධිමතුන් කියාගන්න අඳබාලයන් සැදී පැහැදී සිටීම කනගාටුවට කාරණයක්. අපි ඔවුනට අනුකම්පා කරමු. මෙත් වඩමු. ඉදිරියේදී මෛත්‍රී පාලන කාලයතුල සත්‍යය අවබෝධ වේවා. (නදී)
ගරු හාමුදුරුවනේ අපිත් බයෙන් ඉන්නේ. කොහොම කළත් අපි ඔබ වහන්සේලාගේ පැත්තේ.අපි කාටවත් කරදර කරන්නේ නෑ. (බ)
බොරු නොකිය ඉන්න හාමුදුරුවනේ. මේ පර ඔයාල ඉවරයි. මහින්ද මහත්තයා 65% ගන්නවා නිකන්ම ඉඳලා. (නදී)
හැමදාම පර්යේෂණ කරමින් අලුත් අය හඳුන්වා දෙමින් අපට බලාපොරොත්තු ඇතිකරවනවාට, වඩා දන්නා යකා නොදන්නා යකාට වඩා හොඳයි කියා හිත හදා ගන්න දෙන්න අපේ හාමුදුරුවනේ. (නදී)
ජය ගන්න නම් ඔයිට වඩා ගම් මට්ටමින් ශක්තිමත් විය යුතුයි.(නදී)
හෙළ උරුමය මේ උගුලට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. (අ)
රටක නීතිය , සාධාරණත්වය ගැන යන්තම් හෝ දැනීමක් ඇති අයට එය වැටහෙනවා.එය නොතේරෙනවා සේ ඉන්න කොටසකුත් ඉන්නවා. ඉදිරියේදී ඒ අයටත් නුවණ පහළ වේවි. (නි)
කිසි ගානක් නැතුව බොරු කියන හැටි. රටේ තොටේ යන ඕන කෙනෙක් දන්නවා මහින්ද මහත්තය දිනන බව. ස්වාමින්වහන්සේ හෙළ උරුමේ නම් එජාපයේ රැස්වීමේ මොනවාද කරන්නේ ? මෙතෙක් කල් අපව රවට්ටලා නේද ? (අ)
හාමුදුරුවනේ, පසුගිය කාලවල තිබුන භීෂණයක් දැන් තියනවද?ඡන්දෙ පැරදුනාම කියයි පරිගණක ජිල්මාර්ට් භීෂණයෙන් දිනුවා කියලා.ඕවා බොරු කතා. (නි)
අපේ හදවත් වල ඔය බය හීන්සීරුවට ඇතිවෙලා තියෙනවා අපේ හාමුදුරුවනේ. ජනවාරි 7,8 මොනවා වෙයිද කියලා ගොඩක් අය බයෙන් ඉන්නේ. (නි)
හාමුදුරුවනේ ඔයාල සෝම හාමුදුරුවන්ගේ දර්ශනයත් පාවල දුන්න නේද ? (නදී)
89 භීෂණයට හේතුව නම් ජේවිපී සහ එක්සත් ජාතික පක්ෂය (අ)
මේ අපි දැකපු අපි විශ්වාස කළ අපේ ගෞරවය ආදරය දිනූ හාමුදුරුවො නම් වෙන්න බැහැ. (නි)
මට හිතෙන්නේ දැන් ඔබවහන්සේ දේශපාලනමය වශයෙන් ගන්ධබ්බ අවස්ථාවක ඉන්නේ. අලුත් තැනකට යන්නත් බැහැ. හිටපු තැනට යන්නත් බැහැ. (අ)
රටේ මහජන මතය බලහත්කාරය යොදා යටපත් කිරීමට ආත්මාර්ථකාමී, බලලෝභී දේශපාලුවන් කටයුතු කරයි නම්, එය යම් බිහිසුණු ආකාරයකට පුපුරායෑම වැලැක්වීමට කිසිදු ඒකාධිපති පාලකයෙකුට නොහැකිවනු ඇත. ගඩාෆිට, බෙන් අලිට, මුබාරක්ට වුණු දේ අපේ පාලකයො තේරුම් අරන් කටයුතු කලහොත් එය ඔවුන්ටත් රටටත් ජනතාවටත් ඉතාම යහපත් වේවි. (නදී)
ඔය කියන භීෂණය ඇති කල UNP , JVP , LTTE එක්ක නේද දැන් එකතු වෙලා බල ලෝභයට අහිංසක ජනතාව නොමග යවන්නේ. මෙච්චර කල් රැක ගත් ජනතාව නොමග යවා පතන්නේ රට පවා දීමද ? (අ)
ඔබ වහන්සේට මගේ නමස්කාරය (අ)
සාමාන්‍ය අංක ගණිතය දැන් නැහැ දැන් තියෙන්නේ ගණිතය විතරයි. මහින්ද මේපාර ජනාධිපති වෙනවා ඒකාන්තයෙන්ම. නොවුනොත් අපිට ආයිත් පාරට බැහැල නිදහසේ යන්න වෙන්නේ නැහැ හැංගිලා ඉන්න කොටි ඔලුවටත් උඩින් යන්නේ. සෙට් වෙලා ඉන්න කට්ටිය ගහල තියන ගිවිසුම් දැක්කහම. (අ)
ඔබ වහන්සේගේ අදහස ඉතාමත් නිවරදියි. නමුත් අවාසනාවකට දෝ මිනිස්සු ඒ බව තේරුම්ගන්නේ නෑ. මේ කාරණය සම්බන්ධව අදහස් දී ඇත්තේ කී දෙනාද? (නදී)
අනේ හාමුදුරුවනේ බොරු භීෂණ ඇතිකරලා පාප කර්මයක් කරගන්න එපා. (නදී)
පරෙස්සමෙන් හාමුදුරුවනේ (නි)
තේ කෝප්පේ කිඹුලන් දකිනවා(අ)
හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සහ රතන හාමුදුරුවන්ගේ නම් රට නිදහස් කරදුන් ජාතික වීරවරයෝ හැටියට ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා. (නි)
මේ කථාව එක්ක සාමාන්‍ය ගණිත දැනුම ගැන ලොකු ගැටළුවක් මතුවෙනවා. හාමුදුරුවො රටතොට යනුවෙන් අදහස් කළේ මොකක්ද මන්දා? දේශපාලනය නම් මුසාවාද වලින් පිරුණු තැනක්. ඒත් හාමුදුරුවරු දේශපාලනය හා මුහුවුණාම? (නි)
අපි වෛරී දේශපාලනය කරන්නේ නැහැ හාමුදුරුවනේ. අපිත් මේ 8 වෙනිදා වෙනතුරු බලා ඉන්නේ, හරියටම පිළිතුර දෙන්න. (නි)