(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාතලේ රත්තොට වත්තක ජනතාව පලවා හැරීමේ සිද්ධිය නොවිය යුතු දෙයක් බවත් එම සිද්ධියට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
සිද්ධිය ගැන තමා කනගාටු වන බවද ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මාතලේ රත්තොට වත්තකින් ජනතාව පලවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයේ විරෝධතාවක් ඇරඹූ අවස්ථාවේදීය.
රමේෂ් පතිරණ මහතා මෙසේද පැවසීය.
මේ පවුල්වල අය ඉවත් කරන්න සහකාර කළමනාකාරවරයා සෘජුව මැදිහත් වෙලා තියෙනවා. ඔහු වහාම අනිවාර්ය නිවාඩු යවලා පරීක්ෂණයක් කරන්න කියලා මම නියෝග කළා. ඒ අනුව එම නිලධාරියා දැන් නිවාඩු යවලා තියෙනවා. ඒ සිද්ධිය ගැන දැන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ සිද්ධිය දැනගත් වහාම ජීවන් තොණ්ඩමන් ඇමැතිතුමා එතනට ගියා. පැය විසිහතරක් ඇතුළත එතුමා එතනට ගියා. ඒ පවුල වෙනුවෙන් පෙනී හිටියා. සාධාරණය ඉෂ්ට කරන බවට පොරොන්දු වුණා. ඒවගේම සියලු කළමනාකාරවරුන් එතැනට යැව්වා. වතු ජනතාවගේ අයිතීන් අහිමි කිරීම බලවත් ගැටළුවක්. මේ ක්‍රියාව අසාධාරණයි. අපි නිවැරදි නීති ක්‍රියාමාර්ග ගන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික අර්බුදයේ, ජල සහ ආහාර හිඟයෙන් අන්ත දුක්විඳින මේ අහිංසක මිනිස්සුන්ට උන්හිටි තැන් පවා අහිමි කරවීම තරම් පාපකර්මයක් තවත් ඇද්ද?
ඒ සමගම නීතිය අතට ගත් තොන්ඩා ගැනත් බලන්න කොන්දක් තියෙනවා නම්...