බෞද්ධ දර්ශනය හා ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින්නේ ඉන්ද්‍රඛීලයක් බඳු සබඳතාවයකි. මේ බව නූතන විද්‍යාවෙන් ලොව හමුවේ සාක්ෂාත් කරලීමේ අග්‍රගන්‍ය පර්යේෂණය ලබන මාසයේදී ශ්‍රී ලංකාවේදී ඇරඹෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ඉසුරි විමලසිරි මෙනවිය පැවසුවාය.
මෙවන් පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය බවත් වෛද්‍ය විමලසිරි මෙනවිය සඳහන් කළාය.
ස්නායු විද්‍යාත්මක, මානසික හා ජාන වෙනස්වීම භාවනාව ඔස්සේ මනා සිහිකල්පනාවෙන් පවත්වා ගැනීම මෙම පර්යේෂණයේ මාතෘකාවයි.
මෙම පර්යේෂණය සඳහා අමෙරිකාවව කේන්ද්‍ර කොට ගෙන ලොව පුරා රටවල් ගණනාවක පවත්වාගෙන යන ‘ධම්මසුඛ භාවනා‘ මධ්‍යස්ථානයේ භාවනාව ප්‍රගුණ කළ තිස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
සමථ විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් දියවැඩියාව, රුධිර පීඩනය පාලනය කර ගැනීමටත් ස්නායුගත පිළිකා, ඩිමෙන්ෂියා, ආඝාත වැනි රෝග සිරුරින් ඉවත් කළ හැකි බවටත් අමෙරිකාව ඇතුළු ලොව රටවල් මේ වන විට සොයා ගෙන ඇත.
එම නිසා මෙම පර්යේෂණය ශ්‍රී ලංකාව අරඹමින් ඒ සඳහා මඟ පෙන්වීම හා උපදේශකත්වය ලබාදෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතාය. මෙවන් පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ සිදු කළ යුතු බවට අදහස ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජිතධම්ම හිමියෝය.
මෙම පර්යේෂණය සිදු කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට වැඩම කර සිටින අමෙරිකා ජාතික ඛේමා මෙහෙණිය ප්‍රධානව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානසික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සමුද්‍රා කත්‍රිආරච්චි මහත්මිය පශ්චාත් උපාධි අපේක්ෂිකා සිතුමිණි විමලසිරි මෙනෙවිය බෞද්ධ දර්ශනය පිළිබඳව පශ්චාත් උපාධියක් හදාරන අමෙරිකා ජාතික මාර්ක් ජොන්සන් මහතා ඇතුළුව වෛද්‍ය ඉසුරි විමලසිරි මෙනවිය ඇතුළු කණ්ඩායමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අගය කළ යුතු වෙනවා අපේ වෛද්‍යවරුන් විදෙස් ගත නොවී අපේ රටේ සිටම මෙවැනි පරීක්ෂණ කිරීම ගැන. ප්‍රශංසා කළ යුතු දෙයක්. (දිල්)
ඔප්පුකරලා පෙන්වන්න පර්යේෂණ කරන්න වෙනවා නමුත් ඇත්ත කතාව නම් භාවනාවෙන් නිදන්ගත ලෙඩ සුව වෙනවාමය එකේ දෙකක් නැත බටහිරයන් මෙය හඳුන්වන්නේ ෆ්‍රී මෙඩිසින් වශයෙන් (දිල්)
ඇත්තටම භාවනාව හැම ලෙඩකටම හොද බෙහෙතක්.(හේ)
ලෝකයේ භාවනාවට සුදුසුම ස්ථානය ලංකා දෙරණ පමණයි. එයට හේතුව ලෝකයේ ගුරුත්වාකර්ෂණය අඩුම රට මේ දෙරණ වන නිසයි. එය අපේ රටේ බොහෝ පිරිසක් නොදන්නා කාරණයක්. ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානයට තමයි විශ්ව ශක්තිය වැඩියෙන්ම ලැබෙන්නේ. අපේ රටේ ආර්ය උත්තමයන්ලා සිටින බැවින් භාවනාව කියල දෙන්න ඇමරිකාවෙන් එන්න අවශ්‍ය වෙන්නේ නැහැ . හොයල බැලුවොත් එහෙම ආර්ය උත්තමයන්ලා හොයාගන්න බැරිවෙන්නේ නැහැ. ඔබලාගේ උත්සාහය උතුම් දෙයක්. මොකද භාවනාවෙන් ලෙඩ සුවවෙනවමයි තෙරුවන් සරණයි ! (නදී)
අපේ දේවල් අද අමරිකාවෙන් ඇවිත් අපිටම කියලා දෙනවා. අපේ අයත් ඒ අය කිවවුවොත් මුදුනින් පිලිගන්නවා. (ර)
සමහරුන්ට සියලුම දේවල් පෙනෙන්නේ අසුබවාදීව. (නදී)
මිත්‍යා මත දරන කට්ටිය මොනවා කියාවිද දන්නේ නැහැ.(හේ)
මානසික, ශාරිරික ලෙඩ රෝග වලට භාවනාව හොදයි.(හේ)
භාවනාව හරියට කළොත් ලෙඩ ගොඩක් සුව කර ගත හැකියි.(හේ)
මිත්‍යා මත දරන කට්ටිය මොනවා කියාවිද දන්නේ නැහැ(දිල්)
මේක ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල කුමන්ත්‍රණයක් නෙවෙයි නේද? (නදී)
පර්යේෂනය කරන්නේ කොහොමද? අනවශ්‍ය සී ටී ස්කෑන්, එක්ස්රේ නැතුව කරනවා නම් කමක් නැහැ. මට අල්ලන්නේ නැත්තේ ළමා රෝහල ඕකට සම්බන්ධ කර ගැනීමයි. අනික ඇයි මේ රටේ කරන්නේ? ඇයි පර්යේෂණය ඇමරිකාවේ කරන්නේ නැත්තේ? මේකේ මොකක් හෝ හොරයක් තිබෙන්න පුළුවන්. බටහිර රට වල රෝගීන් අනවශ්‍ය පරීක්ෂණ වලට ඉඩ දෙන්නේ නැහැ. එනිසා අපේ මිනිස්සු රවට්ටගෙන අනවශ්‍ය පරීක්ෂන කරන්න ලෑස්ති වෙනවා වෙන්න පුළුවන්. සී ටී ස්කෑන් වලින් පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. (නදී)
ඒ කතාව ඇත්ත.(හේ)
මේ වගේ දේවල් අපේ මිනිස්සු පිළිගන්නේ නෑ. ඇමරිකාව එංගලන්තය වගේ රටවල් කිවවුවොත් විතරයි පිළිගන්නේ. අපේ රටේ තිබෙන නිර්මල බුදුදහම භාවනා ක්‍රම ගැන අපේ මිනිස්සුන්ට අගයක් නැහැ. එකයි ඇත්ත. (ර)