කුරිරු ලෙස ඝාතනය කැරුණු තම පියාට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටු නොවුණු බව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවසුවාය.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වීමට ආණ්ඩුවෙන් එළියට ආ ඇය විපක්ෂ නායක කාර්යාලයයේ දී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූවාය.
ඇය මාධ්‍ය සාකච්ඡාවට ආවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය සම චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.
කොළොන්නාවේ පළාත් පාලන ඡන්ද දයා ඝාතනය කැරුණු හිටපු ඇමැති භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන ඇය පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ඇය කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගෙන බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද මේ සිද්ධියෙන් තුවාල ලැබීය. ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ඔහු ද සැක කරුවෙකි.
‘මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂකයා විදියට එනවා කියා දැනගත් දාම මං රාජිත සේනාරත්න මහත්තයට කතා කර ඇහුවා මං කවදද එන්න ඕනෑ කියා. ඔහු කිව්වා හිතෙන දවසක එන්න කියලා.
සමහරුන් යන්න කියද්දි තව පිරික් කිව්වා යන්න එපා කියා. මා මෙතනට ආවේ කිසිම වාසියකට නොවෙයි. දීර්ඝව කල්පනා කරලයි මේ තීරණය ගත්තේ.
මගේ පියා මේ පක්ෂෙට බොහෝ වැඩ කළා. සතකුටවත් අත් නොවිය යුතු ඉරණමක් ඔහුට අත් වුණා. කුරුරි ලෙස මහ මඟ ඝාතනය කළා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් විපක්ෂය කතා කළත් ආණ්ඩුව ඇතුළේ ඉතා සුළු පිරිසක් තමයි කතා කළේය. ඒ අතරේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න මහතාත් හිටියා.
මගේ පියා වෙනුවෙන් කතා කරද්දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සමහරුන් කතා කරලා බැනලා තිබුණා. ඒත් පහුවදාත් ඔහු මට කතා කර කිව්වා දුවේ මට එන්න කියලා බැන්නා, ඒත් දුවත් එක්ක අපි ඉන්නවා කියා කිව්වා.
මට විපක්ෂෙන් කිසිම කෙනෙකු කතා කළේ නෑ. රෝසි සේනානායක මහත්මියට මීට පෙර කතා කළාම ඇය කිව්වේ මගේ පදනම තියෙනනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා එතැන ඉඳන් තාත්තා වෙනුවෙන් සටන් කරන්න කියලයි.
ජනාධිපතිතුමාත් සහභාගී වෙන ගෙවල් බෙදා දීමේ උත්සවයක් ළඟදි තිබුණා. අපිවත් පරීක්ෂා කරලයි එතනට ගන්නේ. නමුත් මගේ පියා මරා දැමීමට සම්බන්ධ පුද්ගලයකු තවත් හතලිහක් එක්ක විතර මටත් රවාගෙන එතනට ආවා. මං ඒවෙලාවෙ පොලිස් නිලධාරියකුට කතා කරලා ඇහුවාම කිව්වා ඔහුට එහෙම එන්න බෑ කියලා. දැන් මෙතනට ඔහු ආවේ කොහොමද ඇහුවාම රැස්වීමක ඉන්නේ කියා දුරකතනය විසන්ධි කළා.
ජනාධිපති උපදේශක කෙනෙක් විදියට හිටපු මගේ තාත්තාට මේවගේ ඉරණමක් අත් වුණා නම් අහිංසක ජනතාවට කොහොමද.
තාත්තා ඝාතනය කරලා අවුරුදු තුනක්. නමුත් තවම හරි දඬුවමක් දීලා නෑ. මේ පක්ෂයේ තව බොහෝ දෙනකු ඉන්නවා කල කිරුණු. පක්ෂයේ ප්‍රභල චරිතයකට කියා තිබුණා ඔයා ගියාට කමක් නෑ, ඔයාට ඡන්ද පදනමක් නැහැ කියලා. පක්ෂෙන් යන අය තියා ගන්න කිසිම වැඩ පිළිවෙළක් නෑ.
මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවන්න හෙට ඉඳන් උපරිම ආකාරයට වැඩ කටයුතු කරනවා.
මගෙන් බොහෝ දෙනකු ඇහුවා විපක්ෂයට යනවද කියලා. මාධ්‍ය සගයනුත් ඇහුවා. මං ඒ හැමෝටම කිව්වේ යන්නේ නෑ කියලයි. මට එහෙම කියන්න වුණේ ආරක්ෂක හේතුන් නිසයි. ‘
මාධ්‍යවේදියෙක් - ඔබ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුණාද?
හිරුණිකා - අස් වුණේ නෑ. හෙට අස් කරයි.
මාධ්‍යවේදියෙක් - ශ්‍රීලනිපයෙන් යනවද?
හිරුණිකා - නෑ මං ශ්‍රීලනිපයේ ඉඳගෙනමයි මේ සටන කරන්නේ. හිටපු ජනපතිනිය, මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු අපි සියලු දෙනා ශ්‍රීලනිපයේ ඉදගෙනයි මේ සටන කරන්නේ.
මාධ්‍යවේදියෙක් - පසුගිය දවසක ජනාධිපතිතුමා කියා තිබුණා මේ ඡන්ද සටන තියේනනේ චන්ද්‍රිකා සම ජනාධිපතිතුමා සමඟයි කියලා?
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය - මේක මගේ නෙමේ හිරුණිකා මෙනවියගේ අවස්ථාව. මා මෙතනට ආවේ ඇගේ ආරක්ෂාවටයි. මොකද අදත් අයට ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන්ගෙන් තර්ජන තිබුණා. දැන් ආණ්ඩුවට චන්ද්‍රිකා හා බණ්ඩාරනායක භිතීයක් ඇති වෙලා. බණ්ඩාරනායක කිව්වාම කේන්ති යනවා. ඒකට කරන්න දෙයක් නැහැ.‘







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී රාජ්‍යයකට හිරු, සඳු, එකතු වුනු මොහොතක්..බලන්න බොහොම ප්‍රියංකරයි .(ස)
හිරුනිකා, හරි තමන්ගේ තාත්තට සාධාරණය ඉස්ට කරන්න බැරිනම් එතන ඉන්නේ මොකටද.? (ර )
ඔන්න එහෙනම් එයත් ගියා! (නි)
මටත් කියන්න තියෙන්නේ මේ ටික තමයි හිරුණිකා. ඔබ පියා වෙනුවෙන් ගත් තීරණය සාධාරණයි. කොලොන්නාව මත්කුඩු සහ සුරාවෙන් බේරාගැනීම ඔබට බාරයි. ඔබ පියාණන් වූ භාරත ලක්ෂ්මන් ගෙනගිය සටන ඉදිරියට ගෙන යන්නට ඔබට ශක්තිය සහ රටේ ඡන්දදායකයින්ගේ අනුමැතිය ලැබේවා! අපි සැමදා ඔබ සමඟයි (නි)
ජය..ජය..ජයවේවා මැතිනියණි (දිල්)
ඔබ ගත්ත තීරණය නිවැරදියි (නදී)
භාරත ඝාතනය ගැන යුක්තිය ඉටු නොවීම හැමෝම දන්නා දෙයක් තමයි. නමුත් හිරුනිකාගේ පක්ෂ මාරුවෙන් යුක්තිය ඉටුවෙයිද ? එසේත් නැතිනම් පක්ෂය මාරු කලේ පලි ගන්නද? එතකොට භාරත වෙනුවෙන් මරුන අය ගැන කව්රුත් කතා නැත්තේ මොකද, භාරතගේ ජීවිතය විතරද වටින්නේ? (නදී)
දිලාන්, ඔයා තාම නොමේරු ළදරුවෙක් වගෙයි.කළු කළු චරිත හැපුනම සුදු ප්‍රතිඵල ලබන්න බැහැ. මේ දෙපැත්තම කලුයි මල්ලි.ඔයා හිතනවට වඩා කලුයි. එදා පළවන වෙඩිපාර ආවේ කාගේ පැත්තෙන්ද කියලා අපි දන්නවා. ඒකේ අවසානය කීප දෙනෙකුගේ ජීවිත අහිමිවීම. (නි)
හැමදාම ඡන්ද කාලෙට භාරතගේ යුක්තිය ගැන කියා කියා ඉන්න. අවශ්‍ය තැනට ගියාම සද්ද නෑ.(නදී)
රත්නායක,අජිත්,නාවින්න,බන්දුල දුකට කවි කියයි. මෛත්‍රීට ජයවේවා. (නදී)
අවිගත්තෝ අවියෙන් නසිති. බුදුබණ මතක් වෙනවා (නි)
මත්කුඩු නීති විරෝදී උනත් ඒවායින් පවා පවුල් බර ගැටගහගන්න අයත් මේ සමාජයේ ඉන්නවා. ඉන්දියානු දීවරයන්ට සමාව දුන්නා නම් ලංකාවේ අයට සමාව දෙන්න බැරි මොකද? කේ පි කියන්නේ ඉස්සර කොටි ඩයස්පෝරාවේ නායකයා. කොටි තමයි ඉස්ස්සර ප්‍රදාන වශයෙන් අන්තර්ජාතික මත්ද්‍රව්‍ය වෙළදාම කලේ. තාමත් මේ අයගේ පවුල් යැපෙන්නේ මේ මුදල් වලින්. අලුත් රජයක් ඇවිත් මේ ව්‍යාපාර අඩපන කලොත් පවුල් ගණනාවකට යන එන මන් නැති වේවි. මේවා තේරුම් ගන්න හිරුණිකාල තාම පොඩි වැඩියි. (නදී)
ඔන්න ඇත්තම කියනවා යන්නේ පුද්ගලික හේතුවකට කියලා. රට ගැන කිඹුල් කඳුළු පෙරනවට වඩා මේ හොඳයි. (නදී)
අපුර ජයේ, යනවා මනුස්සයෝ යන්න විකාර කියවන්නේ නැතුව. (නදී)
බන්දුලට දැන් නම් යන එන මන් නැතුවා වගෙයි.(නදී)
සුනිල් ගීකියනගේ, ගමේ බෝක්කුව හදාගන්න ඡන්දෙ දීපු කාලේ ගිහිල්ලා ගොඩාක් කල් මහත්තයෝ. ඕවා ඔබ තුමා දුකට කියන කවි. (ර)
අනේ අපරදෙ, එනපාර ප්‍රාදේශීය සභාවටවත් යන්න පුලුවන් වේවිද? (ස)
බන්දුල පෙරේරා 2014-12-08 21:06:42 මගේ අදහසක් නෙමෙයි. අනුකම්පා දේශපාලනය තාවකාලිකයි කියල හිරුනිකා ලබන මැතිවරනේදී තේරුම් ගනීවි. ඊට පස්සේ මේ ලස්සන දුවට ගෙදරට වෙලා දවල් වෙනකම් කරදරයක් නැතුව නිදා ගන්න පුළුවන් වේවි.(නදී)
භාරත ලක්ෂ්මන් සහ දුමින්ද සිල්වා යන දෙදෙනා එකිනෙකාට විරුද්ධව අවි ඉස්සරකරගත් නිසයි මේ දේ වුණේ. (නි)
ශ්රී ලංකාවේ ගතානු ගතික කාන්තා විමුක්ති වාදීන්ට වඩා ඇයට බොහෝ දුර ගමනක් යා හැකියි. නමුත් කාන්තාව ගේ සුරූපී බව දෙස රාගයෙන් බලන පිරිමියෙකු උනත් පෙරලා ඇය දෙස බලන්නේ ඇයට දේශපාලන ලොවේ තැනක් මිස බලයක් හිමි නොවිය යුතුය යන හැඟීමෙන්. ඒ හැම පිරිමියෙක්ම අමතක කරනවා ලොව හෙල්ලූ හැම පිරිමියෙකුටම කිරි පොවා ඇති දැඩි කර ඒ තැනට ගෙනාවේ ගැහැනියක් වන මව බව. හිරුනිකා! ඔබ ජනතාව සමග ඉන්නා තාක්, ජනතාවද ඔබ සමගයි. එහෙත් රකුසන් ගෙන් පරිස්සම් වන්න. (ස)
විරුද්ධවාදීන්ගේ එකම බලාපොරොත්තුව පළිගැනීම මිස රටට සේවයක් කිරීම නොවේ (නි)
කැස්සකටත් සෙම්ප්‍රතිශ්‍යාවටත් එංගලන්තයේ සුද්දාගේ තුරුලට දුවන සමහරු, තමන්ට බලය ඇති කාලයේ අපේ රට තිබූ අවදානම් තත්වයත්,අපේ කොල්ලන් බුරුතු පිටින් මැරෙද්දී ඒවා කමකටවත් නොගෙන රට අරාජික තත්වයට ඇද දැමූ හැටිත් මිනිසුන්ට අමතක නැහැ.විශ්‍රාම ගියපසු නැවතත් කිසිම ලැජ්ජාවක් නැතුව ජනතාව ඉදිරියට යන්නේ කාට සේවය කරන්නද? (නි)
මම නම් චන්ද්‍රිකා සිටින දිශාව බලා බත්පතවත් අතට ගන්නේ නැහැ. ඇය තරම් ජනතාව මුලාකළ කෙනෙක් මට නම් තවත් නැහැ. (නි)
බන්දුල ඔය දන්නවා නම් ගිහින් බයනතුව කියන්නකෝ උසාවියට. නොදන්නා දේ නොලියා ඉන්නවා නම් වඩාත් හොඳය්. නිකන් ජෝකෙර් කෙනෙක් වෙන්න එපා. (අ)
ආණ්ඩුවෙන් විපක්ෂයට යන අය ගැන ඒක කරන්නේ තමන්ට ලැබෙන වරප්‍රසාද, වරදාන සියල්ල පරිත්‍යාග කරලා එහෙත් විපක්ෂයෙන් ආණ්ඩුවට එන්නේ අඩුගානේ නියෝජ්‍ය ඇමති තනතුරක්වත් බලාපොරොත්තුවෙන් එහෙම එන අයට යාන වාහන ඉන්ධන දීමනා හා වෙනත් පහසුකම් රැසක් ලැබෙනවා. එහෙම බැලුවාම විපක්ෂයට එක්වෙන අය ප්‍රතිපත්ති මත හෝ පුද්ගලික කරුණු මත හෝ විපක්ෂයට එක්වීම යම් කිසි කැප කිරීමක් මත සිදුවෙන කරුණක් වන අතර ආණ්ඩුවට එක්වෙන අය හුදෙක් ලාබ අපේක්ෂාවෙන් එක්වන බව පැහැදිලිය. (ර)
බුද්ධි හරියටම හරි (නදී)
අපි කාට හරි ඡන්දෙ දෙන්නේ අපිට වැඩක් කරගන්න බලාගෙන. ඔයාට ඡන්දෙ ලැබුනේ ගොඩක්ම අනුකම්පාවට. මම හිතන්නේ නැහැ අායෙත් ඒ දවස ඔයාට එයි කියලා. ඉතිහාසේ දිහා බලනකොට කවුද යමක් රටට කළේ කියල කාටත් පේනවා. මෙතැන දැන් පැත්ත නෙවි බලන්න ඕනි කාටද යමක් කරන්න පුළුවන් කියලා. එ්ක නිසා දන්නා යකා හොඳයි නොදන්නා යකාට වඩා. ඔයා මෝඩයි ඉවසගෙන ඉඳලා දිනපු පැත්තට ගියානම් ඔයත් දිනුම් (නදී)
ඔබතුමියගේ තාත්තා මේවා බලන් ඇති ඔබට ජයෙන් ජය මිනීමරුවෝ නැති සාදාරණ මිනිසුන් සමග ඉදිරිගමන යාමට ශක්තිය බලය ජනතාව ඔබ සමගයි ජයෙන් ජය. (ස)
මේකට කොමෙන්ට් දාන සන්ධානේ අයගේ ඇස් තාම ඇරිලා නැහැ වගේ. හිරුනිකා මෙනෙවිය දේශපාලනයට ආවේ පියාගේ මරණෙන් පස්සේ. කවදා හරි පියා වෙනුවෙන් සාධාරණය ඉටු කරනවා කියලා. සමහරු කියනවා හිරුණිකා පක්ෂය හැර යන බව කලින් නොකිව්වේ "බය නිසාලු". තාත්තව ඇමති කෙනෙක් හැටියට ඉද්දි පාරේ මරල දාපු අය තාම නිදැල්ලේ ඉද්දි හිරුනිකාට උන් මරණ තර්ජන කරනවා ඇති. හිරුනිකා ගැනු ළමයෙක් එයාට නිතිය අතට ගන්න බැහැ. මට මේ වගේ දෙයක් උනානම් මිනිමරුවන්ව මරාගෙන කනවා. කවදා හරි සත්‍ය ජය ගන්නවා. වැරදි කරුවන්ට දඩුවම් ලැබෙනවා. ජනතාව හැමදාම ඉවසන්නේ නැහැ. මිනීමරුවන්ට එල්ලුම්ගහ. හිරුනිකා ඔබ සාදාරනව ගෙනයන සටන දිගටම ගෙනියන්න. දෙවියන් ඔබ සමගයි. හිරුනිකා ඔබට ජය!. (නදී)
හිරුණිකා, ඔබ දේශපාලනයට තවම ලාබාල වැඩියි. ඔබ හිතනවා ඇති 'නෑ! මම දන්නවා කියලා'. හැඟීම් වලට බරවෙලා දේශපාලනය කරන්න බැහැ. ඔබේ පියාගේ ඝාතනය ගැන අපිත් දුක්වෙනවා. එක අතකින් මනාප ඡන්ද ක්‍රමය තමයි ඔබේ පියා ඝාතනය කළේ. එවැනි පියවරු තවත් ඇති. එහෙමයි කියලා එක එක කපටි දේශපාලකයන්ගේ පසුපස ගොස් ඔබ දවසක හෙම්බත් වේවි. (නි)
කළු ඇඳගෙන ඉන්න නෝනා ලොකු පටලැවිල්ලක වගේ. ! (බ)
මේක පෞද්ගලික ප්‍රශ්නක්.දැන් ඒ ප්‍රශ්නය මෙතැනට ආදාල නොවේ.(හේ)
හරිදේ කළත් ඉතින් බැණුම් තමයි. ඔබ හරි හිරුණිකා (නි)
ඇත්තටම බැලුවොත් මේකත් පුද්ගලික ප්‍රශ්නයක්. මේ වගේ දේවල් පහු ගිය හැම ආණ්ඩුවකටම වගේ තිබුන. රට ගැන හිතල තීන්දු ගැනීම දැන් තුරන් වී යනවා වගෙයි පේන්නේ..(හේ)
මම නම් හිතන්නේ මේ ලෝකයේ කිසිම රටක දේශපාලනඥයෙක් පහළවෙලා නැහැ, කිසියම් ආකාරයක 'පෞද්ගලික' හේතුවක් පසුබිමේ නැතුව. දේශප්‍රේමය ආදී සියල්ල ඇත්ත වුණත් හීනියට හරි පුද්ගලික හේතුවක් තිබෙන බව සැළකිල්ළෙන් බැලුවොත් පෙනෙයි. ඒකේ කිසි වරදක් නැහැ. ඒක ප්‍රවේශය පමණයි. ඊටපස්සේ මහා ප්‍රවාහයට එකතු වෙනවා. (නි)
කලින් නම් කීවේ රාජපක්ෂ පවුලේ දුව එයා කියල නේ.(නදී)
ඒ වගේ කෙනෙකුටත් මෙහෙම නම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද? හිරුණිකා ගත් තීරණය ඉතා සාධාරණයි. ඒ වගේම ඇය ගත් තීරණය පෞද්ගලික එකක් පමණක් නොවන බව පසුව මිනිසුන්ට තේරෙයි. හැබැයි කල් යයි. (නි)
හිරුණිකා ඔබ පියා වෙනුවෙන් ගත් තීරණය සාදාරණයි. කොලොන්නාව මත් කුඩු සහ සුරාවෙන් බේරා ගැනීමට ඔබට බාරයි. ඔබ පියාණන් වූ භාරත ලක්ෂමන් ගෙන ගිය සටන ඉදිරියට ගෙන යන්නට ඔබට ශක්තිය සහ රටේ ඡන්දදායකයින්ගේ අනුමැතිය ලැබේ. අපි සැමදා ඔබ සමගයි (නදී)
කාන්තාවකගේ නුවණ හැඳි මිටේ කියලා කියනවනේ! අනේ මන්දා! (නි)
හොඳ දෙයක් කළේ හිරුණිකා (නදී)
මන් හිතුවා මේ අපි ගැන හිතලා පැන්නා කියලා.(හේ)
දෙන් මොකක්ද මේ කියන අසාධාරනය. දුමින්ද සිල්වාව හිරේ යවපු නැති කමද. දැන් රනිල් මහත්තයා හරි මෛත්‍රී මහත්තයා හරි ඔය දුමින්ද සිල්වාව හිරේ අරී කියල ඔබතුමිය විශ්වාස කරනවද. (නදී)
බලාගෙනයි පරිස්සමින්! (නි)
බල තණ්හාවෙන් හුල්ලන අය ටිකක් තමයි දේශපාලනයේ ඉන්නේ. (නදී)
හිරුනිකාගේ තීරණය ගැන වරදක් දකින්න අමාරුයි. මොකද තාත්තට සිදුවූ කුරිරු අපරාධයට අපේ රජයෙන් සාධාරණය ඉටුවුණේ නැහැ .ඒ වෙනුවට අපේ ගොය්යෝ කළේ මුළු රටම සසල කළ අපරාධකරයට උදව් කිරීම. මගේ අදහස හිරුනිකා හරි. අපි මහින්දට විරුද්ධ නැත. නමුත් ඔබතුමා යන ක්‍රමය වෙනස් විය යුතුය .කුඩු, එතනෝල් කාරයන්ට සහ මිනිමරුවන්ට දඩුවම් දිය යුතුය. රටේ මහජන මුදල් විනිවිද භාවයෙන් යුතුව නිසි ලෙස වියදම් කළ යුතුය. හිරුනිකාල පක්ෂය හැර යන්නේ මේ දේවල් සිදු නොවෙන නිසා බව අමතක නොකළ යුතුය. (බ)
නායක නායිකා ඔක්කොම එකතුවෙලා හිරුණිකාව ආරක්ෂා කරන්න. ඒක වගකීමක්.(දිල්)
නුඹ ගත් තීරණය නිවරදියි. ඔබට ජය නියතයි (නදී)
වර්තමාන රජයේ නාස්තිය දූෂණය වැහි වැහැලා. රටේ ධනය සූරාගෙන කනවා. නීතිය ලොකු අයට එක විදිහක් පොඩි අයට තව විදිහක්. හැබැයි ලංකාවේ සාමාන්‍ය ජනතාව ඡන්දයකදි බලන්නේ ඒවා නොවෙයි. ගමේ බෝක්කුව හදලා දෙනවා ද. පාසලට ළමයා දාලා දෙනවාද වැනි පොඩි කාරණා. අනෙක මහින්ද ජනාධිපතිට විරුද්දව ඇවිත් ඉන්න මෙත්‍රීපාල තුමා වටේ ඉන්න අයත් රටට කරපු දෙයක් නැහැ. කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වෙයිද මන්දා (නදී)
මෛත්‍රී පාලනයක් උදාවේවා! (නි)
ගුණරත්න ඩුබායි , හිරේ අරින්න තියා ඒ පුද්ගලයා කටයුතු කල හැටි වැරදියි කියලවත් කිව්වද ? තව හුරතල් කෙරුණා මිසක්. (නදී)
කවදාහරි මේ වෙන දේවල් වගකිවයුත්තන් තේරුම්ගත්තොත් ලොකු දෙයක් (නි)
ඇයගේ අනාගතය කෙබඳු වේවිද? (නි)
හිරුණිකා මෙනෙවිය , ඔබේ පියාට අසාධාරණයක් වෙන්න භාවිත කෙරුනේ වචන තුනයි. "මට මතක නැහැ". දැන් ඔබතුමියත් කියන්න ඔය වචන ටිකම.මම සන්ධානයේ සිටියාද? අනේ මට නම් මතක නැහැ. බලන්න ඒගොල්ලන්ට කියන්න වගඋත්තර තියනවද කියලා (නි)
ඔයා මෙහෙට එනකොට අන්න අරහේ ලොකු පළුවක් ගැලවිලා ගිහිල්ලා. අපේ චන්ද්‍රිකා නෝනා කීවට කෑලි ගලවනවා කියල ආණ්ඩුවේ, අනික් පැත්තේ ලොකු ලොකු කෑලි නේද ගැලවිලා යන්නේ දැන්? (නදී)
බන්දුලාලා සේරම ඒකයි. (නදී)
පීලි පැනලා දැන් නිදහසට කරුණු සොයනවා (නදී)
ලංකාවේ අඩුම තරමේ කුඩු වෙළදාම වත් තුරන් කිරීමට ඔබට වචනයක් කියන්න පුළුවන් නම්.(නදී)
ඔබ වෙනුවෙන් අපි කොලොන්නාවේ සැමදා ඉන්නවා හිරුනිකා දුවේ. ඔබ ගත් තීරණය හරි. පිටින් ආපු අයට වඩා කොලොන්නාවේ ඉපදුන ඔබ කොලොන්නාව දන්නවා. (ර)
ඔබගේ නික්මයාම සහ සම්ප්‍රාප්තිය ගැන ඔබ විසින්ම කරන ප්‍රකාශ දෙස බලන කල ඔබට වඩා සාධාරණයක් ඉටු නොවී නමුත් තවමත් පක්ෂය දමා නොගිය, දමා නොයන මන්ත්‍රීවරුන් පමණක් නොව ඇමතිවරුන්ද ඉන්නා බව කිව යුතුයි. එයට හේතුව පක්ෂය වෙනුවෙන් ඔවුන් කැප වීම නිසාය. ඔබේ පියානන්ගේ දේශපාලනය දෙස බලන කල තමාට බලවත් අසාධාරණ වෙද්දීත් එතුමා තම ආසනයේ මහජනතාව වෙනුවෙන් පමණක් නොව සමස්ත වැඩ කරන පන්තියේ ජනතාව වෙනුවෙන් පක්ෂය තුළ ඉවසා සිටි බව තොරතුරු දන්නා අය දන්නවා. එතුමා පක්ෂය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මියයන තුරුම වැඩකළා. ඔබගේ පියාගේ අවමංගල උත්සවය වෙලාවේදී මෛත්‍රිපාල සිරිසේන සහ රාජිත සේනාරත්න යන මහත්වරුන් කිට්ටුවෙන් උදවු කිරීම සහ ඔබගේ පියාගේ මිනීමරුවන්ට දඬුවම් නොකිරීම යන සරළ කාරනා උපයෝගී කොටගෙන ඔබ ඔබේ පියාගේ කිට්ටුම මිතුරා වන ජනාධිපතිතුමා විසින් පිරිනැමූ පක්ෂ සාමාජිකත්වය හැරදා පිටව ගියා. මා සිතන්නේ ඔබ තව දුරටත් පක්ෂය තුළ රැඳී නිහඬ සටනක යෙදුනා නම් කල් ගිහින් හෝ ඔබ සිතන වරදකරුවන්ට දඬුවම් ලබා දීමට ඔබට ඉඩකඩ තිබුණා. ඔබට මොන්ටක්‍රිස්ටෝ හෝ මාක් ඇන්ටනි කෙනෙක් වෙන්නට තිබුණා. දැන් ඉතින් ඔබ ගියා. ඔබ සිතන පතන ආකාරයෙන් ඔබට විමුක්තිය ලැබේවායි පතනවා හැරෙන්නට කියන්නට දෙයක් නැත. (නදී)
පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රකාශය " මම මගේ තාත්තාට අවමන් කරන්න පක්ෂය දාලා යන්නේ නැහැ." යන්න ඔබට හොඳ උපදේශයක්. (නදී)
නියම කට්ටියක් එකතුවෙලා ඉන්නේ (නදී)
ගමගේ මත්මයා ඔබ හරි ,මේ මිනිස්සු ඔක්කොම ආණ්ඩුවෙන් එන්නේ තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමසාගන්න. නැතිව රටට තියෙන ආදරේට නොවේ. බාරත මහත්මය ගැන මිනිස්සු හොඳට දන්නවා. අවි ගත්තෝ අවියෙන්ම නැසුනා. හිරුනිකා නෝනටත් රෝසි නෝනට වගේ වයසට යනකනන්ම විපක්ෂයේම ඉන්න ලැබේවා! (නදී) ,
ඔයාගේ දේශපාලනයත් ඉවරයි. පබාට උන දේ තමයි වෙන්නේ. (නදී)
මෙහෙන් යනකොට ශ්‍රේෂ්ටයි.එහෙන් එනකොට දුෂ්ටයෝ. මේවට තමා විහිලු කියන්නේ. (නදී)
පහු වෙලා හරි මොළය පෑදුන එක ගැන සතුටුයි. භාරත මහත්මයාගේ දුව වෙලත් හිරුණිකා මැඩම්ට මුලින් නොතේරුණ දේ අපට තේරුණා. (නදී)
මේක රට ගැන හිතලා ගත්තු තීරණයක් නොව ඈගේ පෞද්ගලික හේතු මත ගත් තීරණයක්. මේවා දේශපාලන සේප්ප්ට විජජා. (නදී)
මෙයත් මේ දේශපාලන තීරණ ගන්නේ පුද්ගලික දේවල් වලට. ජනතා නියෝජිත කම ඡන්දෙ ගන්න විතරයි. තාත්තට සාධාරනේ ඉටු කර ගන්න එකද ජනතා සේවය කියන්නේ ? හැඳි මිටේ නුවන. (නදී)
විජය කුමාරතුංග හිටියා නම් අද චන්ද්‍රිකා කෙනෙක් නැහැ.භාරත හිටියා නම් අද හිරුණිකා කෙනෙකුත් නැහැ. (නි)
දෙනෝදාහක් ඉදිරියේ මිනිමරලා නඩු නැතුව මන්ත්‍රීකමෙත් ඉන්න පුළුවන් රටක් මේක (නි)
මොනවා කියන්නද පුබුදු මහත්තයෝ. ඔයාල ගැන අනුකම්පා කරනවා මිසක්. ඔය දෙපැත්ත ගැනම අපි හොඳින් දන්නවා. මේ නඩුව මේ දුව මොන ආකාරයෙන් අරන් යන්න හැදුවත් දුමින්දට ගැටුමක් ඇති කිරීමේ චෝදනාවක් මිස මිනි මැරුම් චෝදනාවක් එල්ල කරන්න අමාරුයි වගේ නේද ? (නදී) මේ සිදුවීමේ සගවන්න දෙයක් නැහැ. ප්‍රසිද්දියේ සිදු වූ රටම දන්නා සිදු වීමක්. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙත් කළු කළු චරිත හැපුනම කට්ටකලු ප්‍රතිපල ලැබෙනවා කියන එක තමයි. (නදී)
ඇය පක්ෂය හැර නොයන බව කියලා තියෙනවා නේද? අනික සාධාරණය ඉටුනොවුණා කියන්නේ සරල කාරණයක්ද?මම එහෙමනම් ඔතනින් නවතින්නේ නැහැ. (නි)
හිරුනිකා මේක ලියල තියාගන්ඩ. 8 වෙනිදට පස්සේ අායෙත් අයිස් බකට් නාගන්ඩ පුළුවන් වෙයි. අවි ගත්තෝ අවියෙන්ම නසී. (නදී)
පක්ෂයක ඉන්නවා නම් මළත් එහි සිටිය යුතුයි. එහි තමන්‍ට හඬක් නඟන්න වරම් නැත්නම් හඬක් නැඟිය යුතුයි. මේ විදියට කාලෙන් කාලෙට තැන් මාරුකිරීමෙන් ඔබ ගැන අපිට කිසිම විශ්වාසයක් ඇති නොවේ. ඔබ පමණක් නොව පිල් මාරුකළ කිසිවෙක් ගැන පැහැදීමක් නැත. (නි)
අපේ මිනිස්සු මේ වගේ ලස්සන කෙනෙකුට ඇහුම්කන් නොදී ඉඳීවිද? රූපෙන් අඩුවක්ද, නුවණින් අඩුවක්ද ,දේශපාලන පවුල් පසුබිමේ අඩුවක්ද? හිරුණිකා තමන්ගේ හැකියාව ඔප්පුකර පෙන්නලා තියෙනවා. පුද්ගලික තරහක් නෙමෙයි නීතිය අසාධාරණයට පත්වූ දහස් ගණන් පවුල් වල තවත් එක ශක්තිමත් හඩක්! පින්න මලේ සුද ඇන්න ගිහින්වද .... මුණ පුරා පින් පිරිලා .... ඉන්න එපා හැන්දෑකරේ දොර ... කන්ද කපා හඳ ගෙට එන්නා....... අනාගතේ රටේ ඉහළම පුටුවට යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!! (නි)
බන්දුල පෙරේරා මහත්තයට නං දැන් හොදටම පිස්සු තද වෙලා. කුඩු කාරයන්ව සදාරණීය කරන්න එපා. ඔහෙලා වගේ මොලේ කළදක් නැති පිස්සෝ නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (නදී)
මේකප් දාලා. හරි ලස්සනයි (නදී)
මිනිස්සුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන දේශපාලකයෝ රටට වැඩක් නොකර තම තමන්ගේ පුද්ගලික කෝන්තර සහ වාසි ගැන පමණක්ම සිතා කටයුතු කරනවා (නදී)
ගමගේ උන්නැහේ දැන් රටේ සිදුවෙන දේවල් දන්නවද ? (නදී)
බන්දුල මහත්තයා, ඔයා දැන් මත්කුඩු වෙළදාම සාදාරනිකරණය කරනවද ? ආණ්ඩුවට කත් අදින එකෙත් සීමාවක් තියෙන්න ඕනේ නේද ? (නදී)
තමන්ගේ පියා මරා දාපු අය අතහරින්නේ නැතිව උන් සමග සිටීම පියාට කරන ගෞරවයක්ද? අන්ද දේශපාලනය නොකර සත්‍යට වඩා විශ්වාසය තහවුරු කරන මනුෂ්‍ය ගතිය ගැන නොදන්නා නිසාම එය තුල සිටින ඔබලා වැන්නන් ගැන දුක හිතෙනවා (නදී)
හොඳ තීන්දුවක්. බස්නාහිරම ඒ වෙනුවෙන් යුතුකම ඉටු කරාවී (නදී)
ඔබට මාගේ අවවාදය නම් සියලු ඊනියා "සටන්පාඨ" අතහැර දැමුවත් "රියලිටි ස්ටාර්" කෙනෙක් නොවන ලෙසයි. (නි)
දේශපාලනය කියන්නේ මේකට තමයි. හොඳම දේ තමයි මේ පනින හැම කෙනෙක්ම මතක තියාගෙන ඡන්දය නොදී හිටියා නම් හරි (නි)
මොන හේතු නිසා ආවත් බලය තිබෙන ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දෙන්න ඉදිරිපත්වීම විශාල පරිත්‍යාගයක් කියායි මම දකින්නේ. (නි)
ඇයගේ කෝපය සාධාරණයි (නි)
අද හිරුණිකා හරි ලස්සනයි (නි)
කොළොන්නාවේ මිනිස්සු දන්නවා කොයි කවුරුත් කරපු දේවල්. දුමින්දත් හොඳ නෑ භාරත මහත්තය කරපු දේවලුත් අපි දන්නවා. (නදී)
යන්න තිබුන මඟ ඔයා විසින්ම වනසා ගත්තා. මොකටද දුවන කෝච්චියකට බෙල්ල තිබ්බේ? අපරාදේ.....! (නි)
මෛත්‍රීට '' හිරු'' පායා ඇත. (බ)
ඇත්තටම භාරතට මහත්මයට සාධාරණයක් උනේ නෑ. දුමින්දගේ බලයට නීතියත් යටයිද? (නදී)
ප්‍රශ්ණ තිබුනත් භාරත මහත්තයා නම් දිගටම හිටියා. (නදී)
ගමගේ මේක පුද්ගලික ප්‍රශ්ණයක් වගේ පෙනුනට රටෙන් 85% කගේම ගැටළුවක්. නීතිය සමානව ක්‍රියාත්මක නොවීම. (නදී)
රෝසි නම් ටිකක් අප්සෙට් වගේ. (නදී)
හිරුණිකා පක්ෂය හැර යන බව කලින් නො කිවුවේ "බය නිසාලු". යනවා කියලා බය නැතුව කියන්න පුළුවන්කමක් නැති ඔබ තුල ඇත්තේ කුමන දර්ශනයක්ද.? ඔබේ පියා බයක් නැතිව හැම දෙයක්ම කතා කල කෙනෙක් බවයි අපි දන්නේ. යන්න කලින් කියන්න බය තිබුන ඔබ ගියේ රටින් පිටද..? ගියාට පස්සේ කියන්නෙත් ලංකාවේම ඉඳගෙන නේද.? පියා වෙනුවෙන් ජීවිතය පුජාකොට හෝ සටනක් කරනවායැයි පළාත් සභාවට පත් වෙන්න බොහොම කාලෙකට පෙර කිව්ව ඔබ අද ඉන්නේ කොතනද.? පියාණන් මතක් වෙන්නේ වේදිකාවෙදි පමණක්ද.? (නදී)
රට වෙනුවෙන් හරි තීරණයක් !(නදී)
අනේ හරිම දුකයි... (නි)
ජනාධිපති උපදේශකයෙක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට සැළකුවේ එහෙමනම් සාමන්‍ය ජනතාව වූ අපට කොහොම සළකයිද නේද ? (නි)
ඔය නම් හරි නරකයි හිරුණිකා (නි)
අපි මේ රටේ සාමාන්‍ය ජනතාව ආණ්ඩුව ඇතුලේ තියන දුෂණ වංචා අපිට ආරංචි වෙන්නේ එක්කෝ නිව්ස් වලින් නැතම් කට කතා වලින් නීතියෙන් අසාධාරණයක් වෙනකම් අපිට තේරෙන්නෑ නීතිය දේශපාලනිකරණය වෙලා කියලා එහෙම අත්දැකීම් තියන මිනිස්සුන්ට විතරයි ඒවායේ තියන බයානකකම දැනෙන්නේ මේ රටේ වැඩිපුර ඉන්නේ තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න මිනිස්සු යම්කිසි දවසක තමන්ට අසාදාරනයක් උනොත් තේරෙයි අපි ඉන්නේ මොනතරම් භයානක සමාජයකද කියලා.කොහොම වුණත් මේ වෙලාවේ විපක්ෂයට එකතුවෙන හැමදෙනාටම අපි ගෞරව කළ යුතු වෙනවා ඒ කැපකිරීම ගැන (බ)
ලස්සන, උගත්කම හැමදේම ඔබ සතුයි.සමහරු කිව්වත් මේක පෞද්ගලික ප්‍රශ්නයක් කිව්වත් ඒ තුළ තියෙන පොදු ගැටළුව තමයි මේ රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවීම. වීධායක බලයට අධිකරණය යටකර දැමීම. අපි ඔබ සමගයි. ජයවේවා! (බ)
දිලාන් මල්ලි, ඔයා තාම හිරුනිකා වගේම නොමේරු ළදරුවෙක්. කළු කළු චරිත හැපුනම සුදු ප්‍රතිපල ලබන්න බැහැ. ලැබෙන්නේ කට්ට කළු ප්‍රතිපලයක්. (නදී)
භාරත සිද්ධිය පෞද්ගලික ආරවුලක්. දෙපිලේම අය කළේ එය පොදු ආරවුලක් බවට පත් කර ගැනීම. මෙතුමිය කරන්නේ චන්ද්‍රික නෝනට කොස් ඇට බාන එක (බ)
ඔබේ රුව ගුණ රැකගෙන අනාගත දේශපාලන කටයුතු කරගෙන යන්න ලැබේව කියල සුබ පතනවා මොකද ඔබට ලැබිල තියන්න සාමාන්‍ය ගෑනු ළමයකුට කවදාවත්ම ලැබෙන්න නැති අවස්ථාවක් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න (දිල්)
ඔබ දේශපාලනයට හරියන්නෙ නැහැ. දුමින්දට අපි කැමතිත් නැහැ. අපිත් ඔබට සහය දුන්නා. ඔයාගේ තාත්ත ගැන ඔයාට දුකයි වගේම. ඔයාගේ තාත්ත නිසා අදත් දුක්විඳින අය ඉන්නවා. ඒ ගැනත් සොයා බලන්න (නදී)
ලොකු ඉවසීමක් නැතුව තාත්තට සාධාරණයක් කරන්න බැහැ. කලබල වුනොත් කොරොස් කටෙත් අත දාගන්න බැරි වෙනවා. (නදී)
දැන් ඉතින් 8 වෙනිදට පස්සේ කට්ටියම එකතු වෙලා සාධරණය ඉෂ්ඨකරාවි බලන් ඉන්න මැඩම් (ස)
ඔබට අප වෙනුවෙන් සේවයක් කිරීමට ලැබේවා! (නි)
හිරුණිකා දුවට මොකද මේ වුණේ? (නි)
කල්පට කියන්න තියෙන්නේ ලස්සන ගැන විතරද? (නි)
මට තේරෙන්නේ නැහැ ඇයි ලංකාවේ අය කාන්තාවකගේ ස්වාධීන තීරණයක් ගැන මේ තරම් පටු විදියට හිතන්නේ කියලා. පිරිමි කෙනෙක් පක්ෂයෙන් ඉවත් වුණානම් කියයි අසාධාරනකම් වුණ නිසා ගියා කියලා. ගැහැණු කෙනෙක් ඉවත්වුණාම ඇයි ඇයව සමහරු වෙළඳ භාණ්ඩයක් බවට පත්කරන්න හදන්නේ. (නි)
චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඔබට ආදර්ශයක් දී ඇත (නදී)
ජයවේවා ඔබ සැමට බිය නොවන්න අපි සැමදා ඔබ සමගයි. හොඳ තීරණයක්. (ස)
ජයවේවා! ජයවේවා!!
ඔබේ නිර්භීත තීරණය ගැන අපි ස්තුතිවන්ත වෙනවා (නි)
අනේ එහෙනම් ඔයත් යන්න ගියා? (නි)
ඇයට බය වෙන්නට වෙලා තියෙන්නේ රටේ නීතියක් නැති නිසානේ නේද අපුර ජයේ. බයක් නැතුව හැම දේම කල පියාට අත් උන ඉරණම මේ තරුණ දුවට අත්විය යුතුයි කියා ඔබ සිතනවද? ඇය ගත් තීරණය ඉතා නිවරදිය (නදී)
අර බන්දුලගේ කතා වලට පස්ස පැත්තෙන් හිනා යනවා (නදී)
කියන්න කනගාටුයි බන්දුල පෙරේරා වගේ අය තමයි අපේ රට කන්නේ. (නධී)
මෙයා අපි ගැන හිතලා ගිය කෙනෙක් කියලා කොහොම හිතන්නද ? (නදී)