හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට කොලොන්නාවේදී වෙඩි තැබීම නඩු දෙකක් වශයෙන් පවත්වාගෙන යා හැකිදැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියෙන් ප්‍රශ්න කෙළේය. නීතිපතිගෙන් ඒ ගැන උපදෙස් පතා ඇතැයි රහස් පෙලිසිය පිළිතුරු දුන්නේය. පොලිසියේ දෙදෙනකු ඇතුළු සැකකරුවන් දස දෙනකු ලබන තුන් වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට තබන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කෙළේය. දැනට රිමාන්ඩ් බාරයේ සිටි පොලිස් කොස්තාපල් ඇතුළු සැකකරුවෝ 15 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටිති. තවත් හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම ගැන නීතිපති උපදෙස් තවම නොලැබුණු බව ද රහස් පොලිසිය උසාවියට දැන්වීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනීප වු වහාම අත් අඩංගුවට ගන්න නියෝග කරන්න....ඇයි ඔහුත් චූදිතයෙක් නොවැ...