මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ඔහුගේ වෘත්තීය සමිති පිළිබඳ උපදේශක වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා මරා දැමීමට තැත් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇත.
මෙම සිද්ධිය සුවිශේෂී අධිකරණ කටයුත්තක් ලෙස සළකමින් එය විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක සහ එස් සී බී එන් මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විභාගයට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු කළු චරිත හැපුනහම සුදු ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.ලැබෙන්නේ කට්ට කළු ප්‍රතිඵලයක්.මේ සිදුවීම එයට හොඳ නිදසුනක්.සමහරු සුදු රෙදි අන්දලා බෝධිසත්වවරු කරන්න හැදුවට මෙතන සිදුවීමේ එක් පාර්ශවයක කෙනෙක් මං හිතන්නේ අනෙක් කෙනාට වඩා ගොඩක් කළුයි.මළමිනී දේශපාලනයේ දකින්න ලැබෙන අතුරු ප්‍රතිඵලයක් වන අනුකම්පා දේශපාලනයෙන් මතුවෙලා ඉහළට ආ චරිතයට මේ සිදුවීම මෙදා පාර මාකට් කරලා අනුකම්පාව්ව දිනා ගන්න නම් මිනිස්සු ඉඩක් තියන එකක් නැහැ ස්ථිරව. (නි)
අපි බලාගෙන ඉන්නේ නම් අවසාන තීන්දුව දෙස පමණි (නි)
අමතකවෙයිද දන්නෙ නැහැ (නි)
අනේ මට මතක නෑනේ.(හේ)
සාක්ෂි පරස්පරවේවිද කියලයි මට බය (නි)
කොහොමත් මේකේ අවසන් තීන්දුව දෙන්න අවුරුදු 10 ක් වත් යයි (ම)
සත්‍ය නම් ඔවුන් සාධාරණ සහ යුක්තිගරුක තීන්දුවක් දේවි. (නි)
අන්තිමට අහිංසකයෙක් ගස් යයිද දන්නෙ නැහැ (නි)
පිවිතුරු යහපාල කියන්නේ නම් මහම මහා මෝඩයෙක්. ජීවත්වෙන්නේ හීන ලෝකයක (නි)
කොහොමත් මේ නඩුව තව අවුරුදු 10කින් විතර අවසන් වෙනකොට පෙරකදෝරුවෝ හොඳ ගණනක් හම්බකරගෙන, දේශපාලකයොත් මෙම නඩුව පෙන්වා හොඳ මනාප ගොඩකුත් ලබාගෙන, අන්තිමට කියාවි නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියලා (නි)
අපි බලා ඉන්නවා වෙන්නේ මොකක්ද කියලා (නි)