ඩුබායිහිදී පැවැත්වෙන ජාත්‍යන්තර වෛද්‍ය සමුළුව සහ ප්‍රදර්ශනයට ශ්‍රීලංකාව නියෝජනය කරමින් ශ්‍රීලංකා වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක ආචාර්ය සුජීව වීරසිංහ මහතා සභගාගී වීමට නියමිත බව එම සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා පැවසීය.
මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත සමුළුවේදී නව සොයාගැනීම්,නව නිශ්පාදන එළි දැක්වීමට නියමිත අතර නව තාක්ෂණික දැනුම ලාංකික භෞත චිකිත්සකයන්ට ලබාදෙන බවද කියති.
ආචාර්ය සුජීව වීරසිංහ මහතා මීට පෙරද ජාත්‍යන්තර සමුළු කිහිපයකටම ශ්‍රීලංකාව නියෝජනය කරමින් සහභාගීව ඇති අතර ලෝක භෞත චිකිත්සක සමුළුවේදී ඔහු හඳුන්වාදුන් හිසරදය සුව කිරීමට භෞත චිකිත්සාව සහ වේදනාව මැනීමේ මිණුම් දණ්ඩයක් යන පර්යේෂණයන් ඉහළ පිළිගැනීමකට ලක්විය.
ආචාර්ය සුජීව වීරසිංහ මහතා යුද හමුදා රෝහලේ හිටපු ප්‍රධාන භෞත චිකිත්සකවරයාද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අඩු පහසුකම් මැද නව නිපැයුම් කරලා රටම දිනවපු ඔබ නව දැනුම අරන් තවත් අලුත් නිර්මාණ කරලා රෝගීන් සුවපත් කරන්න පෙරමුණ ගන්න .ජයවේවා.! (ර)
යුධ හමුදාවේ මහත්වරු හැම අතින්ම අපේ රටට ජයමග පෙන්නනවා . සුබපැතුම් (බ)