(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත මගින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පැවරෙන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (28) සඳහන් කළේය.
මේ හේතුවෙන් විෂයභාර අමාත්‍යවරයාට මෙම බලය අවභාවිත කිරීමට අවකාශ සැලසෙන බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
රජය විසින් පාර්ලිමේන්තුවට මෙම විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය කිරීම අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම විභාගය කැඳවිණි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 10 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන සඳුදා යළි කැඳවනු ඇති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘‘භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතතෙන් ඇමැතිට බලය වැඩි වෙනවා‘‘