අත්‍යවශ්‍ය භාණ්ඩ පහක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරීය පවසයි.
ඒ අනුව සුදු සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 93 ක්ද, මයිසූර් පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 159 ක් ද, අර්තාපල් (ආනයනික) කිලෝවක් සඳහා රුපියල් 115 ක්ද, මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 205 ක්ද, වියලි හාල් මැස්සන් (තායිලන්ත) කිලෝවක් සඳහා රුපියල් 490 ක්ද , වියළි හාල්මැස්සන් (ඩුබායි) කිලෝවක් සඳහා රුපියල් 405 ක්ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
මෙම උපරිම සිල්ලර මිල පෙරේදා (27) සිට ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සම්මානලාභී මුදල් ඇමැතිතුමාට ජය වේවා...! (ම)
උපරිම සිල්ලර මිල යනු වෙළෙන්දාට හිතේ හැටියට විකිණිය හැකි උපරිම මිලයි. පහුගිය කාලේ පනවපු කිසිම පාලන මිලක් මේ වෙනකොට ක්‍රියාවට නැගෙන්නේ නෑ. ඒවා හොයා බලන්න කිසි කෙනෙක් නෑ. තනිකරම ජනතාව මුලාවට පත් කිරීමක්. (ම)
මේ විදියට මිල පාලනය වෙනවා නම් විවෘත ආර්ථිකය අවශ්‍ය නැහැනේ (නි)
උපරිම සිල්ලර මිල කී වතාවක් ගැසට් කළාද? ඒකෙන් වෙන්නේ “උපරිම සිල්ලර මිල“ විහිලුවකට පත්වීම පමණයි (නි)
අනේ මේ මිලට මේවා ගන්න පුළුවන් තැනුත් නිවේදනය කරන්නකෝ. නැත්නම් කඩකාරයෝ කියන්නේ ඒ මිලට ඔයගොල්ලන්ගේ කඩ වලින් ඉල්ලා ගන්න කියලා. (නි)
මේවා මේ කියන ගානටම දෙයිද? මේ කියන විදිහටම රටේ වැඩ සිද්ධවෙයිද? (නි)
හොඳයි. ඔහොම යමු (නි)
මිනිස්සු දිනපතා ආහාරයට ගන්න හාල් මිල පාලනය නොකර මොනවා කලත් වැඩක් නෑ. සුදු සිනි ඇරුනහම මෙතන තියන අනිත් ඒවා දිනපතාම ජනතාව ආහාරය ගන්නේ නෑ . (අ)