(සුජිත් හේවාජුලිගේ)

හම්බන්තොට වරායේද  භාණ්ඩ නිෂ්කාශන කටයුතු ලබන මැයි මාසයේදී ආරම්භ කරන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මේ අතර නැව වරායට පැමිණීමට පෙර නිස්කාශන  කටයුතු කර ගැනීමේ ක්‍රමවේදයක්(Pre Arrival Clearance) හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

එවිට නෞකාව පැමිණි පසු සෘජුවම රේගු පරීක්ෂණවලින් තොරව බහුලුම රැගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.

රේගුව කඩදාසි භාවිතා නොකරන තැනක් බවට පත්කර සියලු කටයුතු ඔන්ලයින්  කිරීමට  කටයුතු බවද   ඔහු පැවසීය.

එවිට ගනුදෙනුකරුවන් ගැන රේගු නිලධාරීන්ට හමුවක් නැතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.