
(රංජන් කස්තුරි)
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්, අලිගැටපේර,මාළුවර්ග පැස්ටා, නූඩ්ලස්, මස්වර්ග, බිත්තර, ඇපල්, මිදි, සැකසූ පලතුරු, සහ සැකසූ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඒ අනුව ආනයනය කිරීම දැඩි පාලනයකට ලක්කර තිබෙන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
එම භාණ්ඩ ආනයනය කිරීම අවසර හිමිවන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතා සඳහා පමණක් වන අතර ඒ සඳහා විශේෂ අවසරයක් ලබගත යුතු බව ද එහි සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න දන්නේ නැත්නම් හොරකම් කරපු ටිකත් අරන් යන්න, අපිව ගල් යුගේට දක්කන්නේ නැතිව. රටේ ජනතාවට මොනවද කන්න ඕනේ... බොන්න ඕනේ, මොනවාද අඳින්න ඕනේ, පළඳින්න ඕනේ කියනා නුඹලාට අයිති නම් නැහැ.
මේ ප්‍රවෘත්තියේ තුන්වෙනි ඡේදය කියෙව්වා නම් අරමුණ පැහැදිලියි...
අලියාට වුණා වගේ ඊළඟට බිංදුවට බහින පක්ෂය තමයි පොහොට්ටුව. බැසිල් ඒකට ලස්සනට පාර කපාගෙන යනවා...!
ටයර්, සීලිං ෆෑන් දුරකථන උපාංග අත්‍යාවශ්‍ය නැතිද? 70 -77 යුගයට. රට හැර යාම එකම විසඳුම නේද? වඩා හොඳ මේ හොරුන් රට හැර යාමයි.
තව ඉස්සරහට දවසකට එක වේලක් කන්න කියලා මේ අය කියාවි...
සංචාරක කර්මාන්තයට මොකක් වෙයිද?
හොඳ වැඩක්...!
ඕක තමයි හලෝ දොට්ට දාපු අය කිව්වෙත්...
රට බංකොළොත් කරලා පවුල් පිටින් යන්න ඇමෙරිකාවට... හෙණ 7ම වදියි.
ශ්‍රී ලංකාව විශාල සාගතයකින් පෙළෙන රටක් වුණාට කිසිම හිඟයකින් තොරව, ඇල්කොහොල් ස්ටොක් තියෙනවා. ඒවා ගෙවන්න ඩොලර් හිඟයක් නෑ.. කාට හරි හිතුණේ නැද්ද මෙහෙම වෙන්නේ කොහොමද කියලා...?
බොහොම හොඳයි .පුන්නක්කු .පිදුරු සහ තණකොළ වැඩි වැඩියෙන් ගේන්න
ඕක කරන්න මොකටද හලෝ මොළ හතක් ?පිස්සු හැදෙනවා
හොරකම් කරපු ඩොලර්, රුපියල් එලියට දාපල්ලා. උඹලා මැරිලා යන්නේ අපායේ ලෝදිය කල්දේරම්වලටයි.
මොළ හත ගැන හා එය හිමි පුද්ගලයා ගැන පම්පෝරි ගැසූ පොහොට්ටුවාදීන් දැන් මොකද කියන්නේ .. අප කිසිදු දේශපාලනයකට බර නැතිව නිර්භයව ලියන අය. මේ තරම් තත්වයකට රට ඇදදමා තිබියදීත්,රට නිදහස් කරගෙන රටට ජනතාවට සේවයක් කිරීමේ නිසි වැඩපිළිවෙළක් විපක්ෂයටත් නැති බවයි පේන්නේ. මේ රට විනාශ කරන දේශපාලකයන් පන්නා රටේ දුක් විඳින ජනතාවට සැබෑ ලෙසම සේවයක් සැලසීමට හැකි අය පෙරට ඒමට කාලය පැමිණ ඇත.එහෙත්,එවැන්නක් සිහිනයක් පමණක් වී පවතී.
අස්සයා පැන ගිය පසු ඉස්තාලය වැසීම
කන්න බොන්න නැති රටකට සංචාරකයන් ගෙන්වා ගන්න හිතනවනම් ඒක තමා ලොකුම ගොන්කම ඒ වගේම මිල අධික ලෙස හෝටල්වල නැවතී ලංකාවට ඩොලර් ගෙන එන්න කිසිවෙකු පැමිණෙන්නේ නැහැ සංචාරක කර්මාන්තයේ අවසානය උදා වී ඇත සැමටම ජය
දූෂිත පවුල් පාලනේ උදවියට නම් අවුලක් නැතුව ඇති....