සුමාත්‍රා දූපත් අසල ඇතිවූ භූමිකම්පාව ශ්‍රී ලංකාව පුරාවටම දැණුන බව අපේ වාර්තා කරුවෝ කියති. කතරගමට තත්පර 10ක් 12ක් හෙලවීම දැණුනු බව අපේ වාර්තාකරු දේවප්‍රිය කියයි. මාතර හෙලවීමත් සමග නගරයේ කඩසාප්පුවල වෙළෙඳුන් එළියට ආ බව අප වාර්තාකරු ක්‍රිෂාන් ජීවක ජයරුක් පවසයි. ගාල්ලේ සාජීව විරේවීර කියන්නේ දේපළ හානි හා ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති බවයි. තිස්සමහාරාමයේ රංජිත් සඳහන් කරන්නේ නගරයේ ගෙවල් දොරවල් තදින් හෙලවී ගිය බවයි. ඇමෙරිකා භූවිද්‍යා වාර්තාවලට අනුව රිච්ටර් මාපකයේ අගයන්වලට අනුව භූචලන වලින් ඇතිවන බලපෑම මෙසේය. 2.0ට අඩු - සුළු භූමිකම්පාවකි. සිදුවූ බව නොදැනේ. 2.0 - 2.9  ඇඟට නොදැනේ. මාපකවල සටහන් නොවේ. 3.0-3.9  සුළු භූමිකම්පාවකි. බොහොවිට දැනේ. එහෙත් හානියක් සිදුවන්නේ කලාතුරකිනි. 4.0-4.9  පොළවේ ගැටෙන හඬ ඇසේ. ලොකු හානියක් සිදුවිය නොහැකිය. 5.0-5.9 ප්‍රමිතියෙන් අඩු ගොඩනැගිලිවලට බරපතල හානි සිදුවේ. 6.0-6.9 ප්‍රභල භූමිකම්පාවකි. ඇතිවූ ස්ථානයේ සිට කිලෝමීටර් 28 දක්වා පෙදෙස විනාශ විය හැකියි. 7.00-7.09 විශාල ප්‍රදේශයක බරපතල හානි සිදුවිය හැකිය. 8.00-8.9 මහා භූමිකම්පාවකි. සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් සිය ගණනක් ඈත පෙදෙස්වලට බරපතල හානි සිදුවිය හැකිය. 9.00-9.9 කිලෝමීටර් දහස් ගණනක් දුර ප්‍රදේශවලට විනාශයක් සිදු විය හැකිය. 10+ මහාම භූමිකම්පාවකි. මෙතෙක් වාර්තා වී නැ. එවැන්නක් ඇතිවීමටද ඉඩකඩ නැත.