‘දේශපාලනය භික්ෂුවට සුදුසු නොවේ.කැප ද නොවේ.යම් භික්ෂුවකට දේශපාලනයට එන්නම ඕනෑම නම් ඇත්තේ එකම ක්‍රමයයි සිවුර බුදුන් වහන්සේට භාර දීම පමණයි.
අහුංගල්ලේ සිරි සීලවිසුද්ධි අමරපුර සද්ධම්ම මහා නිකායේ මහා නා හිමියෝ මාදුගඟ කොක්දුවේ පුරාණ රජමහා විහාරයේ උත්සවයකදී එසේ කීහ.
භික්ෂුව දේශපාලන මඩ ගොහොරුවේ නොවැටිය යුතු බවත් භික්ෂුවගේ යුතුකම විය යුත්තේ ඕනෑම පක්ෂයක දායකයිනට එක සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම බවත් සීල විසුද්ධි හිමියෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අදහස උත්සවයකදී ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. එයින් බලන්නේ තමන්ගේ නම කියවා ගැනීම පමණයි. කළහැකි දේ සහ කල යුතු දේ අපට වැටහෙනවා. ලංකාවේ ඇත්තේ ප්‍රදාන නිකාය 3යි. මල්වතු අස්ගිරි රාමංඥ සහ අමරපුර වසයෙන් ප්‍රදාන පාර්සව 4යි. මේ හතර ඇතුලේ ඕනෑ තරම් කුඩා කොටස් බෙදිලා ඉන්නවා. තනි තනිව කරන ප්‍රකාස වලට වඩා මෙම පාර්ශව හතරේ මහනායක හාමුදුරුවරු එකතුවෙලා කරන ප්‍රකාශය සහ ගන්න තීරණය වැදගත්. එහෙම දෙයක් නොවීම තමයි අපට ඇති කණගාටුව. (නදී)
රෝයි,මම හිතන්නේ නැහැ මේ නායක හාමුදුරුවන්ට නම කියවා ගැනීමේ අවශ්‍ය තාවයක් ඇති කියා.උන්වහන්සේ කි දෙය මෙහි පල වුණා. එච්චරයි. (අ)
කවුරු චන්දෙ ඉල්ලුවත් සුදුස්සාට දෙන්න ජනතාව දැන ගන්න ඕනේ. හාමුරුවොත් චන්දෙ ඉල්ලලා කියපු දේවල් නෙමේ කරන්න (දී)
බුද්ධ දේශනාව භික්ෂුවට දේශ පාලකයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාෂණය පමණි. එසේ නැතුව භික්ෂුව දේශපාලනයට අවතීර්ණ වීම නොවේ. ධර්මය උගත් භික්ෂුවට මෙය නොතේරීම මේ උතුම් ධර්මයේ පරිහානියයි. අපේ එදා සිටි භික්ෂුන් වහන්සේ ලා මේ ශාසනය රැක්කේ තම දිවි පරදුවට තබා. එහෙත් අද මන්ත්‍රී හාමුදුරුවෝ නිසා සසුනට ගිය කලක් (නදී)
සම්පත් ඔයා හිතන්නේ ඊලග ජනාධිපති සෝඛිත හාමුදුරුවෝ කියලද ? දැන්වත් ඔයා සිහිනෙන් අවදිවෙලා වට පිට බලන්න (නදී)
ඩැනියෙල්,ඔයා කරලා තියන්නේ සමච්චලයක් ද. එක හොඳ නැහැ. (අ)
ගිහියන් හරියට දේශපාලනය කෙරෙනවා නම් සංගාය වහන්සේලාට මේ වගේ වෙන්නේ නෑ. අද බෞද්ධයාට අත් වෙලා තියෙන ඉරණම බලාගෙන අහක බලන් ඉන්න දේශපාලකයෝ නිසා තමයි සංඝයා වහන්සේලවත් ඉදිරිපත් වෙලා ජාතිය අගම බේරගන්න හදන්නේ. උන්වහන්සේලාත් බන භාවනා කෙරගෙන හිටියොත් මේ ධර්මද්වීපය තව අවුරුදු 25-30 කින් මොනවා වෙයිද දන්නේනෑ. නියම සිංහල බෞද්ධයෝ ඇස ඇරලා හොදට බලන්න. නිදාගෙන ඉන්න උදවියට එක තේරෙන්නේ නෑ. මමත් හාමුදුරුවෝ දේශපාලනය කෙරෙනවට කැමති නැති උනාට සිංහල බෞද්ධයෝ රකින්න වෙන කවුද ඉදිරිපත් වෙන්නේ? (අ)
අද ලොව ගමන් කරන්නේ අමුතුම දිශාන්තියකට අපේ හාමුදුරුවනේ.ලඟදි පාප් වහන්සේත් සමාව ඉල්ලා සිටියා, ඒ වතිකානුවේ ඇතැම් භික්ෂුන්ගේ අපචාර ක්‍රියා සම්බන්ධයෙන්.ඒ වගේම ඔවුනට දඬුවම් ද ලැබුනා.දේශපාලනය බෞද්ධ භික්ෂුවට අකැප බව ඔබවහන්සේගේ මතය හරි, නමුත් පාප් වහන්සේත් රාජ්‍ය නායකයෙක්.අතීත සයිප්‍රස් රටේ ජනාදිපති වෙලා හිටියේ අගරදගුරුතුමෙක්. (දී)
බොහෝ දෙනෙක් නම් මඩ ගොඩට වැටිලා ඉවරයි. ගොඩ ඉන්න අපිට ඒක පෙනුනට මඩේ ඉන්න අයට, ඒ අය ඉන්නේ මඩේ කියල නොත්රෙන එක තමයි ප්‍රශ්නය. (දී)
පවොදෝ කමයි දේශපාලනයයි දෙකක් මොකටද පිරිසිදු බුදු දහම රැකලා සිව්ර පැත්තකින් තිබ්බොත් හොඳයි (දී)
හරි හෝ වැරදි හෝ වේවා දේශපාලනයට යොමුවීමෙන් සමස්ත භික්ෂු පරපුරටම ආරක්ෂාව සම්බන්දව ගැටලුවකට මූණ පාන්න වෙනවා. එහෙම වුනොත් එය සසුනේ පැවැත්මට හානියක්. කරුණාකර උපැදිව සටන කොට ජයගත් පසු නැවත පැවිදි වන්න. (දී)
වැදගත් තීරණය අපේ හාමුදුරුවනේ මම කලූපේ නාගරුක්කාරාමයේ අවුරුදු 20 කට පෙර ඔබ වහාන්සේ දෙසූ ධර්මදේසනාවට ඉතා ඔනෑ කමින් සවන් දුන්නෙමි (දී)
බෞද්ධ දේශපාලනය ලෝක පාලනයක් .මන්ත්‍රීල හාමුදුරුවෝ. හැමවිටම නායකයෙක්. ජන දේශපාලනය සිමිතයි . තේරී අපු අය එන්න .මේක බලයට බෙදිලා කරන දෙයක්.බුද්ධ දේශනාවට අනුව භික්ෂුවට දේශ පාලකයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාෂණය පමණි. එසේ නැතුව භික්ෂුව දේශපාලනයට අවතීර්ණ වීම හොද නැහැ. (දී)
හරියටම හරි. දේශපාලනය භික්ෂුවට අනවශ්‍යයි. (අ)
නායක හාමුදුරුවන්ගේ මතයට ගොඩක් ගරුකරනවා. හාමුදුරුවරු චන්දෙට යන එක වහාම නතර කල යුතයි. මහනායක හිමිවරු මේ පිලිබදව පොදු මතකට අවොත් ගොඩක් වටිනවා. (දී)
හරි කතාවක්. (අ)
ඒ ප්‍රකාශය සම්පුර්ණ නිවැරදියි (දී)
සෝභිත ස්වාමීන්වහන්සේ දේශපාලනයට කවදාවත් එන්නේ නැත. උන්වහන්සේ විධායක ජනාදිපති කම අහෝසිකරලා එතනින් බැහැල යනවා. දේශපාලන මඩේ ලගින කෙනෙක් නොවේ උන්වහන්සේ. (දී)
හොඳ අදහසක් (දී)
මොනවා වුණත් මේ හාමුදුරුවෝ ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)
සම්පූර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ (දී)
දේශපාලනයද , මහන කමද (දී)
වැදගත් අදහසක් (දී)
එතකොට දැන් දේශපාලනයේ ඉන්න අයට මොකද වෙන්නේ? (නි)
මේ තමයි පිරිසිදු බුදු දහම රකින සංඝයා වහන්සේ ! (දී)
වර්තමානයට අදාළ වන අයුරින් නීති හදන්න සුද්දගේ නීති දැන් යල් පැන ගිහිල්ලා (දී)
සියලු භික්ෂූන් වහන්සේලා අතර මෙම මතය ප්‍රචලිත කළයුතුයි (නි)
සිවුර අතහැර දේශපාලනයට එනවා නම් සංඝයා වහන්සේලාට එපමණ ඡන්ද සංඛ්‍යාවක් නම් ගන්න බැරිවෙයි කියලා මට හිතෙනවා (නි)
100%ක් එකඟ වෙනවා (නි)
100% ඇත්ත. ඔය ටික දැන් ඉන්න කට්ටියට කියල දෙන්න පුලුවන්නම් ඒක තමා කරන ලොකුම පින.(නදී)
භික්ෂුන්ට, සිවුරට දැන් ඉස්සර වගේ සැළකීමක් නැහැ මිනිසුන්ගේ. ජනතාවත් මේ ගැන හිතන්න ඕනෑ. දේශපාලනයට, බලයට යටවුණ අයට මේ ගැන තේරෙන්නේ නැහැ. (නි)
මහා නායක ස්වාමින් වහන්සේගේ අදහසට මමත් එකඟයි (නි)
සහතික ඇත්ත හාමුදුරුවනේ (නි)
ඉතා හොඳයි (නි)
සම්පූර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ (අ)
එක එහෙන්මම තමයි වෙන්න ඕන. බුදු රජාණන්වහන්සේගේ සිව්ර දරාගෙන යමෙක් දේශපාලනය කරනවනම් ඔහු හෝ ඇ ය කවදාකවත් නියම භික්ෂුවක් වෙන්නේ නැහැ (දී)
ඕනෙකෙනෙක් චන්දෙ ඉල්ලපුදෙන්, අපි ඒ ගොල්ලන්ට චන්දෙ නොදී හිටියම හරිනේ. (දී)
දේශපාලනයට බහුතරයක් යන්නේ බල තන්හාවට, මුදල් ගැරීමට, ජනතාවට සෙතක් කරන්න කියල පිරිසිදු සිතකින් දේශපාලනයට යන අය හරිම අල්පයි. ඒ වගේ දුගඳ හමන තැනක් භික්ෂුන් වහන්සේලාට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. සමහර භික්ෂුන් වහන්සේලා සිවුරු ඇඳගෙන සාසනයට කොහෙත්ම ගැලපෙන්නේ නැති වැඩ බොහෝ කරනවා. ඒ නිසයි අද භික්ෂුන්වහන්සේලා දිහා බහුතරයක් වැරදි කෝණයකින් බලන්නේ. මේ අදහස බොහොම වටිනවා. රටේ සිටින සියලුම භික්ෂුන්වහන්සේලා ක්‍රියා කරන ආකාරයට සොයා බලනවා නම් සාසනයට ගැලපෙන චීව්රදාරින් පමණක් ඉතිරි කොට සාසනය විනාශ කරන අය සාසනයෙන් ඉවත් කරොත් අපේ මේ උතුම් බුදු දහමට තිබෙන පිළිගැනීම තව තවත් වැඩිවෙවී. (නදී)
හාමුදුරුවනේ ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිනවා..ඔබවහන්සේ ඇත්තටම බුදුකුලයේ කෙනෙක්.. (දී)
නැහැ..දැන් පවතින සමාජය ක්‍රමය අනුව රට වෙනුවෙන් දර්මය වෙනුවෙන් සාදාරනය වෙනුවෙන් භික්සුවක් මේ ආකාරයෙන් ඉදිරියට පැමිණිය යුතුයි (දී)
ඇත්ත හොඳ අදහසක් (නදී)
භික්ෂුව බෳද්ධ සමාජයේ ඉහලම ස්ථරයයි. වැරදි නිවැරදි කිරීම හා අනුසාශනා කිරීම අප භික්‍ෂුව ගෙන් බලාපොරොත්තු වන සමාජ ශෝධනයයි. දේශපාලනිකව පිල් බෙදීම රෘජු ප්‍රථිපත්ති රැකීමට භාදාවකි. සංඝයා භේදවන පාප කර්මයකි. (නදී)
හාමුදුරුවෝ දේශපාලනයට ඇවිත් මටත් පන්සල එපා වෙලා ඉන්නෙ ඒක බොහොම වැදගත් අදහසක් (දී)
පැවිදිවෙනකොට කියනවා 'සබ්බ දුක්ඛ නිස්සරණ...' (සියලු දුක් නැතිකිරීම පිණිස) කියලා. දැන් තියෙන විදියට කෙනෙකුට හිතෙනවද දන්නේ නැහැ ඒ කියන්නේ පාර්ලිමේන්තුවට යන එක කියලා. (නදී)
එ්ක මතක් වෙලා තියෙන්නේ සොබිත හාමුදුරුවෝ ජනාධිලතිවරණයට එනවා කීවට පස්සේ (නදී)
අද හාමුදුරුවරු තමන්ගේ පැවිදි වීමේ පරමාර්ථ පසෙක තබා වෙන ක්‍රමවලින් පටු ජනප්‍රියවීම උදෙසා දේශපාලනයට එනවා .එකක්වත් හරියට කරන්නේ නැහැ (දී)