(යොහාන් භාසුර)
භික්ෂූන් වහන්සේගේ සහ සිල්මෑණියන් වහන්සේලාගේ ගුවන් ගමන් බලපත්‍රයේ සහ ජාතික හැදුනුම්පතේ විශේෂ ගෞරව නාමයක් යෙදීමට තීරණය කළ බවත් ඒ අනුව භික්ෂූන්වහන්සේලා සඳහා ‘ VENERABLE ’ ලෙස සහ සිල්මෑණියන් වහන්සේලා සඳහා ‘ REVEREND ’ ලෙස යෙදීමට නියමිත බවත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යය පැවසීය.
මෙරට සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සෑම ආගමකටම පොදු විදියට භාවිතා කරන්න ඕනෑ නේද?
ඉංග්‍රීසි දන්න කෙනෙක් නම් දන්නවා මේ දෙක අර්ථ දෙකක් බව. පුරුෂ පක්ෂය විතරක් "වන්දනීය" හා "ගෞරවනීය" වෙලා ස්ත්‍රී පක්ෂය "පැවිදි" වුණේ කොහොමද? ඔන්න අපේ රටේ කෙරුවාව...!
ඒ මොකද දෙකක්...?
කරන්නේම මෝඩ වැඩ.
ගොඩක් අයට දාන්න වෙන්නේ ඕක නෙවෙයි...!
සියුරේ පාට කහ නිසා, කහ පාට පාස්පෝර්ට් එකක් නිකුත් කරන්න වෙනම මැෂින් එකක් ගෙනෙන්න පුළුවන් නම් කෝටි 50-60 ගියත් කමක් නෑ. ඡන්දේ ළඟ නිසා සිංහල බෞද්ධ ඡන්ද තොග පිටින් ලැබෙයි. කන්න නැතුව මැරුණත් නෑ.... කහ පාස්පොර්ට් තියෙන එකම රට නිසා. සාදු සාදු සාදු !!!
හරියට වැඩක් කරගන්න අමන පාලකයින්ගේ අනිත් වැඩත් ඔහොම තමයි. ඔවුන්ගේ උපදේශකයින් ඊට හපන්.
ඡන්ද කඩාගන්න ගහන බයිලා. උප්පැන්නේ තියෙන නම මිසක් වෙන නම් පාස්පෝට් එකට දාලා අන්තිමේ වෙන රටවලදී කරදර විඳින්නත් වෙන්න පුළුවනි. ඔයිට කළින් අර පිනාගේ පාස්පෝට් එකට නමට ඉස්සරහින් පිනා කියලා දැම්මානම්...?
අදහස් දැක්වීම් පිළිබඳ දුකයි!!! ලංකාවේ ඉන්නේ දසසිල් මාතාවන්! එතුමියන් උපාසිකාවන් මිසක් භික්ෂු භික්ෂුණියන් නොවෙයි! එතුමියන් බ්රහ්මචාරීව දස සිල් සමාදන් වෙලා තියන්නේ! මෙම වෙනසේ සඳහන් කර ඇති සත්‍යය එයයි...!
ඔන්න අප්පේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න?
මේ උපදේශකයෝ කොහෙන්ද දන්නේ නෑ හොයාගත්තේ... අනිවාර්යයෙන් මහාචාර්ය පට්ටමක් ඇති. නැත්නම් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නෑ. දැක්කනේ ගෝඨාභය ලොක්කාගේ බුද්ධි බලකාය කරපු ගොන් වැඩ...