විහාර දේවාලගම් පනත සම්මත කිරීමට රජය උත්සාහ කරන්නේ රටේ භික්‍ෂූන් වහන්සේලා රජය යටතේ පාලනය කිරීමට යැයි ඉනාමළුවේ ශ්‍රී සුමංගල රංගිරි දඹුලු රජමහා විහාරාධිපති සියම්මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහානාහිමියෝ පැවසූහ.
රජය කඩිනමින් කළ යුත්තේ විහාර දේවාලගම් පනත සම්මත කර ගැනීම නොව කතිකාවත් සම්මත කර දීම බව නාහිමියෝ අවධාරණය කරති.
කොළඹ දී ශ්‍රී ලංකාවේ සියලුම භික්‍ෂූන් වහන්සේලා නියෝජනය වන පාර්ශ්වයන්හි ලේඛකාධිකාර හිමිවරුන් කැඳවා බුද්ධශාසන අමාත්‍යාංශය විහාර දේවාලගම් පනත සම්මත කර ගැනීමට කැමැත්ත ලබා ගැනීමට උත්සාහ කර තිබෙන බවත් එහිදී උන්වහන්සේලා එකහෙළා ඊට විරෝධය ප‍්‍රකාශ කර යම් යම් සංශෝධන ඉදිරිපත් කර නික්ම ගොස් ඇති බවත් මහනාහිමියෝ පෙන්වා දෙති.
‘මෙම පනත ක‍්‍රියාත්මක කිරීමෙන් භික්‍ෂූ බලාධිකාරියක් ගොඩ නැඟෙනවා. ඉංග‍්‍රීසි ආණ්ඩුවටත් වැඩිය ආණ්ඩුවේ දැඩි පාලනයට භික්‍ෂූන් වහන්සේලා නතු කරගන්න උත්සාහ කරනවා. ඇයි රජයට බැරි සංඝ කතිකාවන් සම්මත කරලා දෙන්න. සුද්දන් හදපු විහාර දේවාලගම් පනතක් කරේ තියාගෙන යන්න හදන්නේ ඇයි කියලා අපිට හොඳට තේරෙනවා. ඒක හදලා තියාගත්තාට කමක් නැහැ. හැබැයි ඊට කලින් කතිකාවන් සම්මත කරලා දෙන්න.
ඉංග‍්‍රීසින් විසින් ඔය පනත් හැදුවේ නීතිවේදී මන්ත‍්‍රණ සභාවක් මගින්. ඒත් දැන් මේක හදලා තියන්නේ ඡන්දෙකින් පත්වෙලා ඉන්න දේශපාලඥයෙක් විසින් පත්කරන නිලධාරියකුයි ලිපිකාරිනියන් කීපදෙනකුයි එකතු වෙලා. එහෙම කාටවත් මේ රටේ මහා සංඝයා වහන්සේලා පාලනය කරන්න ඉඩ දෙන්න බැහැ‘ යැයි මහනාහිමියෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් ඕනැ එහෙම කතිකාවතක් අපේ හාමුදුරුවනේ (ම)
ඔබ වහන්සේලා දන්නවා ඇතිනේ ඔබ වහන්සේලාව පාලනය කරන්න හදන්නේ කගේ උවමනවකටද කියල.(ම)
සමහර භික්ෂූන් කරන දේවල් දැක්කම නීති ගේන්නම ඕන (බ)
බුද්ධාගම නැතිකරන්නට සියුම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන මේ යුගයේ පෙරමුණේ සිටින්නේ වත්මන් අතීත සිංහල දේශපාලන නායකයින් සහ එන් ජි ඕ සංවිධානයන් බව පෙනීයයි. කිසිවක්ම නොදන්නා ජනාධිපතිතුමා මේ බවක් දන්නේ නැතුව ඇති. (බ)
අපේ හාමුදුරුවන්ට අපේ ආශිර්වාදය තිබෙනවා. (නි)
සනත් කිවුව දේ හරි. සමහර හාමුදුරුවරු රහත් වෙලා උපන්දින සාද පවත්වනවා. ඒවාට එරෙහිව ශබ්ද නගන්නේ නැහැ. දැන් අපි බුද්ධාගමේ කියල කියන්නත් ලජ්ජා හිතෙන තරමටම සමහර හාමුදුරුවරු හැසිරෙන නිසා නීති අවශ්‍ය වෙනවා සාසනේ ආරක්ෂාවට. (බ)
සනත් ඔයා හතර පෝයටම තිය අවුරුද්දකටවත් පන්සලකට යන කෙනෙක්නම් වෙන්න බැඇ .මොන අගමැති වුනත් නුසුදුස්සන් ඉන්නවා ඒකට ඒ අාගමේම කට්ටිය විසදන්නේ නැතුව මේ ඔය වගේ පර්ලිමෙන්ට් එකේ ඉන්න තණකොළ බුදින උන්ට පුලුවන් වේවිද. (බ)
අපේ හාමුදුරුවනේ... කලින් මේක වෙනස් කරද්දී ඔබ වහන්සේ කොහේ හිටියේ??? (බ)
හැමදාම රට විපතින් මුදා ගත්තේ හමුදුරුවරුයි .දැන් නම් ටික දෙනෙක් එහෙම නොවන බව පේනවා .එ්ත් සමස්තයක් ලෙස ගත විට එතුමන්ලා නොසිටින්න රටක් නැති බව පේනවා (බ)
නිවට නියාලු පරගැති නඩය... සංඝරත්නයට බලපෑම් කරන්න ගියොත් තමුන්ට වෙන්නේ මොනවද කියල හිතාගන්නවත් බැරිවෙයි . (බ)
මහා නා හිමිවරුනි බොදු අයිතිය වෙනුවෙන් ඔබ වහන්සේලා පෙරමුණ ගන්න. දේශපාලන ගැති බැවින් තොර සිංහලයන් ඔබ වහන්සේලා සමග ඇති. (බ)
බෞද්ධ ආගම ,සිංහල කියන දෙය ඉදිරිය්දී ඉතිහාස පොතින් පමණක් දැනගන්න වේවි වගේ .සුක්ෂම සැලසුම් (බ)
ඇයි භික්ෂූන් කියන්නෙත් ලංකාවේ පුරවැසියෝ නෙමේද? භික්ෂුවක් රටේ නීතියට අවනත විය යුතු නෑයි කියා කොයි සූත්‍ර දේශනාවේද තියෙන්නේ? පහුගිය ආණ්ඩු කාලයේ සිවුරට මුවාවී නටපු නැටුම් අපි දැක්කා... භික්ෂූන් (හා අනිකුත් පූජකයිනුත් ) රටේ නීතියට හා ආන්ඩුවට යටත් බව මේ හාමුදුරුවෝ දැනගතයුතුයි (බ)
අපේ හාමුදුරුවනේ මේ යහ පාලනය කියන කුමන්ත්‍රණ කල්ලිය ගැන අපිනම් හොඳින් දන්නවා.මේ අය කරගෙන යන්නේ සුද්දාට කරගන්න බැරි වූ දෙය කිරීමටයි.එනිසා ගරුතර මහා සංඝ රත්නය පාලනයට ක්‍රියාකරන නිවට පාලකයින්ව පලවා හරිමු. (බ)
සනත් කියන්නේ මහා සංඝයා කරන කියන දේ පාලනය කරන්න ගිහි අපි නීති ගෙනෙන්න ඕනෑය කියලාද? (නි)
දන්නා දෙයක් පිළිබඳව කතා කළා නම් හොඳ "හින්නිගේ". එකක් කිව්වා කියලා මතෙකෙට ගන්න ,යහපාලනය දින 100ක් නොවී දස වසරක් වුනානම් ලංකාවත් යහපාලනයේ කාලය අවසානයේදී සිංගප්පූරුවක් ඕං කිව්වා මේං ගියා (බ)
අපොයි හින්නිගේ පසුගිය ආණ්ඩුවේ ඉන්දැද්දී එක්කෙනෙක් තම පක්ෂයේ සගයන් සමග අගමැති තනතුරට පොර ඇල්ලුවෙත් සෙල්ලම් බඩුවකට පොර අල්ලන නොදරුවෙක් වගේම තමයි (බ)
අපොයි හින්නිගේ වත්මන් ජනාධිපති මේ ගැන කිසිවක් නොදන්නා නොදරුවෙක් බව මෙතන මොකට කියනවාද? (බ)
මැගී කියන්නා වගේ හැමදාම රට විපතින් මුදා ගත්තේ මහා සංඝරත්නය වුණත් දැන් දැන් රට නහන්න විදෙස් ඔත්තුසේවා සමග එක්වෙන සංඝයා ඉඳීම නම් හරිම අවාසනාවකි. (බ)
නිමල් ලලිත, මෙරට පොදු ජනතාව කවදත් අප රටෙත් බුද්ධ ශාසනයේත් ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගන්නා මහා සංඝරත්නය සමගයි (බ)