කාංචන කුමාර ආරියදාස
ශ්‍රී ලංකාවේ භික්ෂුණි ශාසනය ආරම්භ කොට වසර 800 පසුව මීට වසර විස්සකට ඉහත දී මෙරට ආරම්භ කළ භික්ෂුණි සසුනේ 22 වැනි උපසම්පදා උත්සවය අද දඹුල්ල රජ මහා විහාර උපෝසථාඝාරයේ දී සිදුකෙරිණි.
මෙවැ උපසම්පදා පිංකමේ දී සාමණේර භික්ෂුණීන් වහන්සේලා 20 නමක් උපසම්පදා ලැබූහ.
දඹුල්ල කලුන්දෑව භික්ෂුණි පුහුණු මධ්‍යස්ථානයේ තුන් මාසයක පුහුණුවකින් අනතුරුව සාමණේර භික්ෂුණින් වහන්සේලා සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ උපෝසථාගාරයට වැඩම කොට දින දෙකක කාලයක් එහි විශේෂ විනය හා ධර්ම පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව උපසම්පදා තත්ත්වයට පත් කිරීම මෙහිදී සිදු කිරීම විශේෂත්වයකි.
මීට වසර විස්සකට ඉහත දී ශ්‍රී ලංකාවේ වසර 800 කට පසුව නැවත භික්ෂුණි සසුන ආරම්භ කිරීමේ පුරෝගාමියා බවට පත් වූයේ සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියෝය. ඉනාමලුවේ සුමංගල නාහිමියෝ අද වනවිටත් ශ්‍රීලංකා භික්ෂුණි බලමණ්ඩලයේ සභාපතිත්වය උසුලති.
ශ්‍රී ලංකා භික්ෂුණී සාසන බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී කොත්මලේ සිරි සුමේධ භික්ෂුණින් වහන්සේ ඇතුළු භික්ෂුණීන් වහන්සේලා විශාල පිරිසක් උපසම්පදා විනය කර්මය සඳහා පැමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද තමයි මං දැනගත්තේ ලංකාවෙත් උපසම්පදාව ලබාගත්තු භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා කියලා.
භික්ෂුණී ශාසනය මිහිමතින් අතුරුදහන් වී සියවස් ගණනකි. දැන් මේ උපසම්පදාකර ඇත්තේ කවුරුන්ද?
කෙතරම් භාග්‍යවත් දසුනක්ද. මෙම තෙරණිවරුන්ට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවන් මග සාක්ෂාත් වී මේ ඝෝර කටුක සසරින් අත් මිදේවා.
අතීතයේ සිට මේ දක්වා පරම්පරාවෙන් පැමිණි ථේරවාද විනය පිටකයට අනුව අද භික්ෂුණි ශාසනය පිහිටු විය නොහැකි වන්නේ එය පරම්පරාවෙන් පරම්පරාවට භික්ෂුණීන් හරහාම පැමිණිය යුතු බැවිනි. තවද හික්ෂූන් වහන්සේලාගේ සීමාව තුල භික්ෂුණීන්ට උපසම්පදාව දිය නොහැකිය. එසේ කළත් උපසම්පදාව වලංගු නොවේ. ධර්මය, විනය නොදැන කරන මේ දේවල් සැබෑ ථේරවාදී පිරිසිදු ධර්මයේ පැවැත්මට කෙසේ නම් උපකාර වේද?
මහා ප්‍රජාපති ගෝතමියගේ පරපුර ඉදිරියට පවත්වා ගෙන යාමට ඔබ වහන්සේලාට හැකි වේවා.