භික්ෂූන් වෙනුවෙන් නීති රීති මාලාවක් හඳුන්වා දෙමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මහා සංඝරත්නයේ අවසර නොගැනීම රජයේ යම් අතපසුවීමක් බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අමරපුර විද්වත් සංඝ සම්මේලනයේ දී කීවේය.
එම කෙටුම්පත භික්ෂූන් වහන්සේලාට ඉදිරිපත් කර අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ජනපති කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කරපු දේවල් ඔක්කොම එහෙම තමයි. දැන් නම් හැරෙන්න වත් බැහැ හොදටම පරක්කුයි. (ස)
පාර්ලිමේන්තුවේ මැති අැමති වරුන්ටත් නීති මාලාවක් ගෙනාවොත් හොඳ නේද? (ස)
ඔබතුමා ජනාධිපති කිරීමෙන් අපිටත් අතපසුවීමක් සිද්ධ වුණා! (බ)
බෞද්ධ ආගමට සම්බන්ධවෙන පනතක් හදනකොට ප්‍රධාන භික්ෂුවහන්සේලා හවුල් කරගත්තේ නැත්නම් කාගෙන්ද මෙයට උපදෙස් ගත්තේ? (නි)
මොකද අනේ මේ වෙන්නේ? අයවැයේ ඉඳලා සෑහෙන වරදිනවනේ. (නි)
ලොකුම අතපසුවීම තමයි ජනතාවට වෙලා තියෙන්නේ. (නි)
ඔච්චරටම අමතක වෙනවද? (නි)
බජට් එකටත් ඕකමද දන්නෙ නැහැ වුණේ? (නි)
අනේ මන්දා මට නම් මේවා තේරෙන්නේ නැහැ (නි)
මේවා අපි රාජ්‍ය නායකයෙකුගෙන් බලාපොරොත්තු වන උත්තර නොවේ (නි)
ඔබලාට කිසි වැරදීමක්,අතපසු වීමක් වෙලා නැත.ඒ ටික වෙලා තියෙන්නේ මහජනයටයි.(ම)
ඔබතුමා ජනාධිපති කිරීමෙන් අපිටත් අතපසුවීමක් සිද්ධ වුණා! (ම)
අතපසුවීම් කා අතිනුත් වෙනවා (නි)
මම දැනගෙන හිටියේ නැහැ, මට අතපසු වුණා... මේ වගේ ප්‍රකාශ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ (නි)
කලින් නම් කිවුවේ අපේ ගමන බොහොම හිමින් කියලා. එතකොටත් වරදිනවද? අනේ මන්දා! (නි)
සුද්දන්ගේ කාලෙදිවත් බුද්ධාගමට නීතිරීති දැම්මේ නැහැනේ. ඉතින් මේ වැඩේ ගැන නැවත හිතුවොත් හොඳ නැද්ද? (නි)
දැන් එතකොට මෙය කරන්නේ කාගේ උවමනාවකටද? (නි)
හතුරා අපි දන්නවා. එහෙත් මිතුරු වේශයෙන් එන හතුරා වැඩේ ඉවර වෙනතුරුම දැනගන්න අමාරුයි. බුදුබණේත් තිබෙනවනේ " අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං" කියලා. (නි)
මේ සුළු කාලය තුළදී රජය කළ සුළු සුළු වැරදි එකතුකළා නම් විශාල කුණුගොඩක් වගේ වෙයි. (නි)
ඒක නම් ලොකු අතපසුවීමක් (නි)
මේ පනත් ගෙනෙනවාට වැඩිය හොඳ නැද්ද ජනතාවගේ කුසගින්න ගැන හිතුවා නම්? (නි)
වම කරන දෙය දකුණ නොදනීද. (ර)
පහු වෙද්දී තව මොනවා අතපසු වෙලා තියේවිද දන්නේ නැ. (ර)
අතපසුවීම මිනිස් ස්වබාවයක්. නමුත් එ්ක පිළිගෙන නිවැරදි කර ගැනීම බොහොම යහපත් දෙයක් (බ)
මෙහෙම අතපසුවීම නම් අතී භයානකයි, ඇත්තටම මෙහෙම පනතක් ගේනවා කියල අතිගරු ඔබතුමා දැනගෙන හිටියද? නැත්නම් යෝජිත ව්‍යවස්ථාවත් මේ වගේ නොදැනුවත්වම සම්මත වේවි. (බ)
ලංකාව වගේ රටක මේ වගේ දේවල් නිතරම වෙනවා. පස්සේ කියනවා අපිට වැරදුනා/අතපසුවුණා කියලා. (නි)
එතකොට අර විල්පත්තුව කපන කෙනා ළඟ ඉදිද්දීත් දන්නේ නැහැලු නේද? (බ)
විෂය භාර ඇමතිතුමාට ආචාර්ය උපාධි දෙකක් තියෙන නිසා බුද්ධ භාෂණය පිළිබඳව තමා තරම් උගත් භික්ෂුන් වහන්සේලා නැතෙයි කියල හිතාගෙන වෙන්නැති සංඝරත්නයේ අවසර නොගන්න ඇත්තේ. (බ)
රටක් පාලනය කරන එක අමාරුයි කියල තේරෙනවා නේද.(කෞ)
හොරු, මංකොල්ලකාරයෝ, මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ, පාතාලයෝ, මිනීමරුවෝ ථෙරවාද භික්ෂුන් වහන්සේලාට විනය නීති සම්මත කිරීම ඉතිහාසයේ ලොකුම විහිලුව (කෞ)
කිසිම දෙයක් එක පාර හරියට කර ගන්න බැරි ආණ්ඩුවක් සහ නායකත්වයක්. මේගොල්ලන් ත්‍රස්තවාදය කෙළවර කරන්න ගියා නම් ඒකත් අතපසු වීමෙන් බැරි වුණා කියාවි. (ම)
මොනවාද වරද්දගන්නේ නැතුව කරගන්න පුළුවන්? (ම)