දෙහිඕවිට විවේක සේනාසනාධිපති කෝංකඩුවේ නන්දසිරි හිමියන් ඝාතනය කළැයි සැකපිට කනංගමුවේ ව්‍යාපාරික ප්‍රියන්ත ගුණරත්න හා ඔහුගේ සගයන් වන අජිත් ප්‍රියශාන්ත, නිශ්ශංඛ කුමාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
නන්දසිරි හිමියන්ගේ ඝාතනයත් සමඟ කනංගමුව කැළඹී ගිය අතර ගැමියෝ පිරිසක් සැකකරුවන්ගේ නිවාස යාන වාහන හා වෙළෙදසල් ගිනි ලෑහ.
රුවන්වැල්ල සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්ස ආත්මයක ඉපදෙන්නත්, එය බෞද්ධ උපතක් වෙන්නත් මොනතරම් අසීරුද? ඒත්, එසේ ඉපිද එම මහා පින්වත් උපතම මෙතරම් ආනන්තරීය පවක් කරන්න යෙදෙන්නේ ඇයි කියා කවුරුහරි පහදන මෙන් ඉල්ලා සිටිමි. (නි)
ව්‍යාපාරිකයොත් මෙවන් අපරාධ කරන්නේ මොකද?ආදායම මදිවද? නැත්නම් පන්සල් ගොඩනැගිල්ල ඇතුලෙත් සුපර්මාකට් එකක් දමන්නද? (ස)
ආනන්තරිය පාප කර්ම!(හේ)
ඉඩම් ප්‍රශ්නයක්ද ? (නදී)