භික්ෂු කතිකාවත සඳහා ගිහියන් සම්බන්ධ කර නොගන්නා බවත් බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහාත් චිරස්ථිතිය සඳහා කටයුතු කරන බවත් කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
අද සිවුරු දරාගෙන බුද්ධ ශාසනයට අගෞරව වන ආකාරයෙන් හැසිරෙන චීවරධාරීන්ට එරෙහිව කටයුතු කිරීමේ අවස්ථාව ඇහිරී ඇති බව කී කතානායක කරු ජයසූරිය මහතා මහානායක හිමිවරුන් ඒ සම්බන්ධයෙන් අප දැනුම්වත් කරන බවද කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුව භික්ෂු කතිකාවත සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයන බවත් එහෙත් ඊට ගිහියන් සම්බන්ධ නොකරගන්නා බවත් ප්‍රකාශ කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් කාර්යයක්. ගිහියන් උපදෙස් හෝ නොදිය යුතුයි. (නි)
ගිහියන් එපා නම් කිසිම ගිහියෙක් සම්බන්ධ කරගන්න එපා ඔන්න (නි)
හොඳයි හොඳයි, අපි පැත්තකට වෙලා ඉන්නම්කෝ (නි)
හරියට හරි භික්ෂුන් වහසේලා ගිහියන්ට ඇහුම්කන් දෙන්න ඕන නැහැ. (අ)
මෙහි අදහස් දක්වා ඇති ගිහියෙකුට මේකට සම්බන්ධ වෙන්නම ඕන නං එයාට මහණ වෙලා එන්න කියමු. (අ)
අනේ! අපිට නම් ඕකට සම්බන්ධ වෙන්න කිසිම ඕනෑකමක් නැහැ (නි)
ගිහියන්ගේ දේශපාලනයට භික්ෂුන් සම්බන්ධ කරගන්නෙත් නැත්නම් තවත් හොඳයි. (නි)
අනේ අපිට කරන්න වෙන වැඩ තියෙනවා (නි)
රටේ දැවෙනම ප්රශ්නය විසඳුවට එතුමන්ට ස්තූතියි! (නි)
නීති පනවන්නේ ගිහියෝ. ක්‍රියාත්මක කරන්නෙත් ගිහියෝ. කොහොමවුණත් සසුනේ පැවිද්ද ලැබුවා වූ භික්ෂුවකගේ මානසිකත්වය වට්ටන්න නීති වලින් ශාරීරික හිංසනයෙන් ක්‍රියා කරනවා දකින්න ලැබෙනවා. මේවා අපාගතවෙන වැඩ (නි)
බුදුන් වහන්සේ පෙන්වා වදාළ නිවන් මඟ සාක්ෂාත් කරගන්න භික්ෂුන් වහන්සේලා ගමන් කරනවා නම් මොන කතිකාවක්වත් ඕනෑ නැහැ. මේ ඔක්කොම කතිකා තම තමන් දරන මත ඉදිරිපත් කරන්න දරන වැයමක් පමණයි. අන්තිමට මේකෙන් වෙන්නේ යාන්තම් හරි තියනදේත් නැතිවෙලා කඩු පොලු උස්සන් දුවන අය ඇතිවෙන එක විතරයි (නි)
පක්ෂ දේශපාලනයෙන් සඟරුවන ඉවත් වී එක මතයකට එනතුරු ප්‍රතිපලයක් නොලැබේ. උතුම් චීවරය මහමඟ බිම වාඩිවී කරන වර්ජන නිසා තවත් කෙළෙසීම අනුමත නොකරමි. තෙරුවන් සරණ වේවා! (නි)
භික්ෂුව කියන්නේ චීවරය දරාගත් ස්වාමින් වහන්සේලාට විතරක් නෙමෙයි. සසර ගමන කෙළවර කරගන්න ඇපකැප වෙලා ක්‍රියාකරන සිව්වනක් පිරිස! ඒ නිසා ඔක්කොම ගිහියෝ පෘතග්ජනයි. මහණ වෙච්ච සමහර අයට වඩා හොඳ සිල්වත් ගුණවත් ගිහියෝ ඉන්නවා ඕනෑතරම් (නි)
බුදුන් වහන්සේ සංඝයා වහන්සේලාට විනය නීති පනවා තියෙනවා. ඒවා හොඳටම ඇති භික්ෂුන් වහන්සේලාට. මෙතන අතළොස්සක් හාමුදුරුවරුන්ගේ තාවකාලික හැසිරීමක් නිසා මුළු සඟ පරපුර දිහාම වැරදියට බලන එක අසාධාරණයක් සහ එම හාමුදුරුවරුන් තීරණය කළයුතුයි එවැනි පසුබිමක් අතළොස්සක් හිමිවරුන් හදන එක සඟ පරපුරට කරන විශාල අගෞරවයක් ලෙස (නි)
පහන් හරි. දැන හෝ නොදැන භික්ෂුවක සම්බන්ධයෙන් ගිහියන් නීති පනවා දඩුවම් දෙන්න යන්න අවශ්‍ය නැහැ. විනය නීති මාලාවක් විනය පිටකයේ තියෙන්නේ ඒ සඳහා. මේ ගිහි මැදිහත්වීම් නොදැනුවත්වම අපාගතවිමකට මඟ පාදාගන්නවා. (නි)
අද ගොඩක් ඉන්නේ භික්ෂු කියලා චිවරය පෙරවාගත් ව්‍යාපාරිකයෝ. බෞද්ධයන්ට නිසි මඟ නොකියන බුදුන් වහන්සේ දේශනා කළ විනයට පටහැනිව වැඩ කරන පෘතග්ජන චීවරධාරීන් පිරිසක්. (නි)
ඕකට ගිහියෝ දැම්මත් එකයි. පැවිද්දෝ දැම්මත් එකයි. මොකද ඕක කවදාවත් කෙරෙන වැඩක් නොවන නිසා. (නි)
එතකොට ඔය කියන අය ගිහියො නොවෙයිද? (නි)
භික්ෂු කතිකාවතට ගිහියන් එපා නම් පෘතග්ජන පැවිද්දොත් එපා. මේ දෙගොල්ලොම උම්මත්තකයෝ වගේ. සබ්බේ පෘතග්ජනා උම්මත්තකා! (නි)
මම නම් හිතන්නේ දෙපාර්ශවයේම සහභාගිත්වයෙන් මෙය සිදුවිය යුතුයි (නි)
ඇමතිතුමනි, සමාජය පිළිබඳව ඇතිවන ගැටළු වලට පිළිතුරු සපයන්නට පුළුවන් උගතුන් සිටින්නේ ගිහියන් අතරය. ඔවුන්ගේ අදහස්ද සළකා බැලිය යුතුය. (නි)
හික්ෂුන් දේශපාලනය, ව්‍යාපාර වැනි ගිහියන් ගේ දේවල් වලට ක්‍රියාකාරීව සම්බන්ධ වෙලා ඉන්න කොට අපිත් භික්ෂුන්ගේ වැඩ වලට හොට දැමීමේ වරදක් තිබෙනවද ? (අ)