මහා නායක හිමිවරුන් ප්‍රධාන සංඝරත්නය රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ථේරවාදී භික්ෂු කතිකාවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එහි අරමුණ භික්ෂූන් පාලනයට රජයෙන් නීති පැනවීමක් නොවේ යැයි ගලගම අත්ථදස්සී අස්ගිරි මහ නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියති.
නිවේදනය මෙසේය.
‘ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ මේ දිනවල පක්ෂව සහ විපක්ෂව රටපුරා විවිධ මතවාද පැතිරෙමින් පවතී. මෙම පනත් කෙටුම්පත දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේලා රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බව කිව යුතුය.
මාධ්‍ය මගින් මේ පනත පිළිබඳ අනාවරණය කළ ස්වරූපය නිසා ගිහි පැවිදි බොහෝ දෙනා තුළ යම්කිසි කැළඹීමක් ඇතිවී තිබෙන බව පෙනී යයි. මෙය භික්ෂූන්වහන්සේලා පාලනය කිරීම සඳහා රජය මගින් නීති පැනවීමක් නොවේ. ඒ ඒ භික්ෂු නිකාය හා පාර්ශව මගින් සම්පාදනය කරනු ලබන භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක් බව අවධාරණයෙන් කිව යුතු ඇත.
එසේ වුවත් භික්ෂු කතිකාවත් තුළ අන්තර්ගත විය යුතු ඇතැම් කරුණු මෙම පනතට ඇතුළත් කර තිබීම නිසා මෙම ගැටළුකාරී තත්ත්වය ඇතිවූවාය යනු අපගේ හැඟීමයි. ඒ පිළිබඳ අප අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක මහා සංඝ සභාව තවදුරටත් අධ්‍යයනය කොට අපගේ අදහස රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම පනත කාලීන අවශ්‍යතාවයක් බව අවධාරණය කර සිටිම්හ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර හාමුදුරුවරුන්ගෙන් බුද්ධ ශාසනයට වන හානිය ගැන බලනවිට නායක හාමුදුරුවරු ඉල්ලන නීති අවශ්‍යතාවයන් සම්පාදනය කර දෙන්න ඕනෑ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඕනෑ. එහෙම නේද? ගොඩක් හාමුදුවරු ශාසනය දියුණු කරන්න කැපවෙනෙවා. අතළොස්සක් විනාශ කරනවා. අන්‍ය ආගම් වලට බැනලා වෛරය වපුරලා මේක කරන්න බැහැ (නි)
බුදුදහම යනු මනුස්ස හදවත් පිරිසිදු කරගන්නට මඟ කියාදෙන යථාර්ථවාදී දර්ශනයකි. (නි)
දෑතින්ම අරගෙන තෝන්ඩුව ඔබවන්සේලම දාගන්නවනම්, අපි මොනවා කරන්නද (කෞ)
දැන් එහෙනම් ප්‍රශ්නයක් නැහැනේ.(අ)
මොනව කරන්නද. (අ)
බෞද්ධයා විසින් බෞද්ධයාම මරා ගැනීම! (අ)
අනේ මන්දා අපිට මේවා තේරෙන්නේ නැහැ (නි)
බෞද්ධ දර්ශනය තුළින් සසර ගමන මේ ආත්ම භාවයෙන් අවසන්කර ගැනීමට අදිටන් කරගනිමු. සමාජය දිනෙන් දින පරිහානියටයි යන්නේ. නැවත ඉපදීමක් බලාපොරොත්තු නොවෙමු. (නි)
ඔබවහසේලා කතිකා කරලා රජයට බාරදීලා දුන්නා .රජය නා.ගත්තා. (අ)
යකැදුරු උන්නාන්සේවරුන්, සල්ලාල චීවරධාරීන්, බේබදු උන්නාන්සේලාගෙන්, සම්මාදම් වහන්සේලාගෙන් ශාසනය බේරාගත යුතුව ඇත. (නි)
සුනිල් සහ සිරිමලී කියන දෙය සහතික ඇත්ත (නි)
අනේ මන්දා අපේ හාමුදුරුවනේ! (නි)
ජනාධිපති තුමාගේ වචන විශ්වාස කරන්නේ නැද්ද? එතුමා කියනවා මේ පනත මහා නායක හිමි වරුන්ට පෙන්නලා අනුමැතිය නොගත්ත එක ලොකු වැරද්දක් කියල. (බ)
අලි පන්සලේ නායක හාමුදුරුවෝ කියන ඒවා පක්ෂග්‍රාහී වෙනවා බුදුන් වහන්සේගේ පන්සලක් මහනුවර හැදීමට අපි පියවර ගන්නවා (බ)
අනේ මන්දා අපේ රට අවාසනාවන්ත රටක්. අපි කරගත් දෙයක්? ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ මෝඩ වැඩක් අපි කරගත්තේ. (නි)
මොකක් හරි අප්පු ගමන් ඡන්ද ටික ගන්න කෑගහනවා. දැන් සනිපයිනේ. අස්ගිරි මල්වතු මහා නායක හාමුදුරුවෝ කියපු දෙයක් හැදුවමත් කියනවා. බෞද්ධයා නැති වෙනවා කියල. රාජ්‍ය නා ගත්තේ නැහැ. පොදු විපක්ෂය මිනිස්සු ගොනාට ඇන්දුවා. ඔය වගේ තමයි හැමදේම (බ)
රටේ සාමය ඇතිවෙන ඕනෑම දෙයකට මම කැමතියි. (නි)
සාසනය රැකෙන්න නම් මේක අනිවාර්යයි කොටින් යුද්ද කරන කාලේ කෑනොගහපු අය සිවුරට මුවාවෙලා කරන සාසන විනාශය හෙට අනිද්දා වෙනකොට සිවුරක් තියා පාන් කඩයක් වත් නැතිවෙන තත්වෙට වට්ටලා අනිත් ආගම් වලට බැන බැන ඉන්න දුස්සීලයෝ සාසනය වෙනුවෙන් කළ ඉටිගෙඩියක් තියෙනවද? (බ)
අන්‍යාගමීකරණයෙන් ශාසනය රකින්න කතිකාවත් නැද්ද (බ)
මේක ගැන නියම තත්වය දැනගන්න ඔනෑ අය මෙහි තම විද්‍යුත් තැපැල් ලිපිනය සටහන් කරන්න.එයට පී.ඩී.එෆ්.පත්‍රකාව ලැබෙනු ඇත.හෙට දින (26)අනුරාධපුර සාම විහාරයේදී සවස 3.00 ට රජරට මහා සංඝ සංසදය විසින් මේ පිළිබද සම්පූර්ණ තත්ත්වය විග්‍රහ කරනු ඇත.සියළුම සංඝයා වහන්සේලාට මෙයට ආරාධනා කර ඇත. නිතිවේදීන් මහාචාර්ය්‍ය වරුන් ඇතුළුව විශාල භික්ෂුන් පිරිසක් සහභාගී වේ. බුද්ධිමය කතිකාවතකි.පනත සහමුලින්ම නීති විරෝධී බව එහිදී ඔප්පුකර පෙන්විමට සූදානම් කර ඇත. නිකාය භේදය අතහැර සමගිවීමට කැමති භික්ෂුන් වහන්සේලා 98% රටේ ඉන්නවා.නිකාය භේදය කුල භේදය මත සිදුවූ දෙයක්.නිකාය භේදය ආනන්තරික සංඝ භේදයයි. සංඝ භේදය කරන්නා කල්පයක් නිරයේ පැහෙයි. (අ)
මේ නායක හිමිවරු මෙහෙම කියනවා. මීට කලින් ජනාධිපති කිව්වා සංඝරත්නයට කියන්නේ නැතුව මේ වැඩේ කිරීම රජයට වුණ පොඩි අතපසුවීමක් කියලා. දැන් එතකොට කවුද ඇත්ත කියන්නේ (නි)
සාදු සාදු !!!!! අපේ පාන්සකුලය ඔබවහන්සේලාගේම දෑතින් සිදු වීම කිනම් ආශ්චර්යක්ද , සාදු සාදු !!!!!! (ම)
අපි නම් මේවට මැදිහත්වෙන්නේ නැහැ ඔන්න (නි)
ඔබවහන්සේ තනියමද එම තීරණය ගත්තේ??? රටේ අනිත් සඟරුවන මේ බව දන්නේ නැහැ.. (ම)
ඒකට වග කියන්න ඕනේ අපේ හාමුදුරුවරුන් දුමින්ද මිනිසුන් ඔය තත්වෙට වැටෙන්නේ ස්වමීන්වහන්සේලා ධර්මය දේශනාකරනවා වෙනුවට වෙනත් දේවල් කරන එකට සාසනය විනාශ කරන එකට (බ)
රටට වෙලා තියෙන දේ ගැන නම් පුදුම කළකිරීමක් තියෙන්නේ. කොහෙන්වත් සැනසීමක් නැහැ. රටේ වන සම්පත, දේශපාලනය, රැකියාවන් වලින් රට අගාධයට යනවට අමතරව දැන් බුදු දහමත් අල්ලාගෙන ඒකත් විනාශ කරන්න හදනවා. (නි)
සමන්, භික්ෂුන් වහන්සේලා නම් සංඝ භේදයක් ඇති වෙන්නේ කොහොමද? භික්ෂුන් වහන්සේලා දේශපාලනය නොකර බෞද්ධ ධර්මය පිළිපැදිය යුතුයි. දාමරිකයන් වගේ හැසිරෙන ධර්මය විනාශ කරන භික්ෂුන් පාලනය කිරීමට නීතියක් තිබිය යුතුයි. අදත් ප්‍රසිද්ධ භික්ෂුන් කෙනෙක් හෝමාගම උසාවියේ පිස්සු නටලා. මේවා පිටුපස ඉන්නේ කව්ද? දැන් මහානායක හිමිවරුන් ප්‍රධාන සංඝරත්නයටත් අපහාස කරන අවනත නොවන භික්ෂුන් ඉන්නවා නේද? (නි)
මහානායක හිමිවරුන්ට ශාසනය රැකගන්න බැරිද ? අපි එහෙනම් තවත් මේ ගැන කතාකරලා තේරුමක් නැහැ (නි)
පන්සල් ඇතුලේ පල්ලිය ඇතුලේ ඉදන් කියන්න පුළුවන්. නමුත් පවතින යථාර්ථය අනුව වැඩ කළ යුතුයි නේද ? හාමුදුරුවරු මේ රට විනාශ වෙන කොට ජීවිතය පරදුවට තබා සටන් කළ පන්සල් ඇතුලේ ඉදන් බණ කිය කියා හිටියේ නැහැ. (බ)
භික්ෂු කතිකාවතක් යනු භික්ෂූන් උදෙසා සකස් කරන ලද විනය නීති මාලාවක්. මෙය ප්‍රාතිමෝක්ෂයේ එන විනය නීති 227 ට අමතරව කාලානුරූපව සකස් කරන ලද්දකි. ඉතින් එය ක්‍රියාත්මක කිරීමට නම් එය පාර්ලිමේන්තු පණතකින් සම්මත විය යුතුයි. මහානාහිමිවරුන් වහන්සේලා මෙම ඉල්ලීම කර ඇත්තේ චන්ද්‍රිකා නෝනාගේ කාලයේ සිටයි. මහින්ද මහතාගේ කාලයේ දී තෙවරක් ඇමති මණ්ඩල අනුමැතිය මේ සඳහා හිමි වුණත් එය ක්‍රියාත්මකළ නොහැකි වුණේ අද වගේ බොහෝ දෙනා තුළ ඇතිවී තිබෙන අනවශ්‍ය කලබලය වගේ දෙයක් එදා ඇතිවේවි යැයි රජය බිය වූ නිසයි. (බ)
අනේ සමන්, දැන් ඔක්කොම මහින්ද සරණ ගිහින් වගෙයි (නි)
ආදරණිය අසාද්, සාමයක් හීනෙකින්වත් නොහිතපු අපි කවුරුත් දැන් ආයෙත් යුද්ධ කරනවද? මටනම් මේ "සංහිඳියාව " කියන වචනේ මෙලෝ දෙයක් වැටහෙන්නේ නැහැ. (බ)