(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක් ලෙස ගෙන එන පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සැරසෙන භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් සිදු වන්නේ භික්ෂුන් වහන්සේලා බේද කිරීමත්, භික්ෂුන් වහන්සේලා හට දඬුවම් කිරීමට නව නීති සෑදීමත් පමණක් බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.
අද (19) පැවති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
තව දුරටත් උන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ, අපි බුද්ධ පුත්‍රයන් ලෙස සැවොම බුද්ධ නීතියට යටත්. ඒ වගේම අපි ජීවත් වන රටේ සිවිල් නීතියට කොහොමත් යටත්. අපි එක එක නිකායන් යටතේ විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරනවා, උදාහරණයක් විදියට සමහර ස්වාමීන්වහන්සේලා ඇහි බැම කපනවා, සමහරු නොකපා ඉන්නවා, සමහරු සිවුර අඳින විදිහ වෙනස් , පාත්‍රයේ වළඳන එක , ගොටු අත්ත පාවිච්චි කරන එක , කුඩය පාවිච්චි කරන එක අන්න ඒවා ඒ ඒ නිකායන් වලට අදාල සම්ප්‍රදායන්.
ඒවා නීති විදියට ගෙන්න හදන එකයි මේ භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් ආණ්ඩුව කරන්න හදන්නේ. විනය කියන්නේ සම්ප්‍රදාය නෙමෙයි, සම්ප්‍රදාය කියන්නේ නීතියත් නෙමෙයි. සම්ප්‍රදාය තියෙන්නේ විනයටත් පහළින් තියෙන එකක්.
අන්න ඒ නිසා මේ සම්ප්‍රදායන් නීතියක් බවට පත්කරන එක මොන තරම් වැරදි සහගත ක්‍රියාවක් ද යන්න අපි ප්‍රශ්න කරනවා යැයි උන්වහන්සේ පැවසූහ.
මෙම මාධ්‍ය හමුවට ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියෝද ,ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරු ද එක්ව සිටියහ.
ඡායාරූප හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජයට අග මුල පැටලිලා තියෙන්නේ, රටේ ජනතාවත් අන්ද මන්ද කරනවා
මේ රටේ පන්සල් දැනටම බේදවෙලා තියෙන්නේ.
අපොයි දෙයියනේ, දැන් නම් සංඝ කට්ටියගෙ කිසිම අසමගියක් නැහැ....
අසමගිය තියෙන්නේ හාමුදුරුවෝ අතර විතරද? දේශපාලකයෝ සමගිද? රටේ ජනතාව සමගිද? එතකොට මුස්ලිම් ආගමේ ෂියා, සුන්නි කියලා බෙදිලා මරා ගන්නේ, එතකොට ක්‍රිස්තියානි ආගමේ , කතෝලික ක්‍රිස්තියානි මරා ගන්නේ, හැමදේටම බුද්ධාගමට පහර ගහන්න දැන් කට්ටියක් බලන් ඉන්නවා.. මෙතන හාමුදුරුවරුන්ගේ සම්ප්‍රදාය එයාලට ගැලෙපෙන විදියට කරන්න දීලා රටේ සිවිල් නීතිය සැමට එක විදියට හදන එකයි කරන්න තියෙන්නේ.. ආගම, ජාතිය අනුව නීතිය වෙනස් නොකර. මේ මහණ වෙන්නෙත් , දේශපාලනේ කරන්නෙත් අපේම රටේ සමාජයේ කොටසක්. සමාජය පිරිහෙනකොට හැමදේම පිරිහෙනවා. කරන්න ඕනේ සමාජයේ ගුණධර්ම වර්ධනය කරන්න පටන් ගන්න ඕනේ පාසලෙන්. අද පාසලේ 3 වසරේ ඉදන් ශිෂ්‍යත්වෙට දුවනවා. ගුණ දර්ම ගැන කිසිම කතාවක් නැ.