ථෙරවාදි භික්ෂු කතිකාවතට නෛතික බලය ලබා දීම ගැන පහුගිය ආණ්ඩුවට දීර්ඝ කාලයක් තිස්සේ කරුණු ඉදිරිපත් කළත් දේශපාලකින අරමුණු නිසා ඊට මූලික තැන නොලැබුණු බවත්, වර්තමාන රජයෙන් ඉටු කරන්නේ පෙර රජයෙන් නොසලකා හැරි ඒ ශාසනික මෙහෙය බවත් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නා හිමියෝ කියති.
මාහා නාහිමියන් ඒ බව කියනුයේ බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට ලිපියක් යවමිනි.
ලංකා ඉතිහාසය දෙස බලන විට රජදරුවන් වරින් වර ධර්මධර විනයධර මහතෙරුන්ගේ මූලිකත්වයෙන් කතිකාවතක් ඇති කොට භික්ෂූ ශාසනය ශෝධනය කළ බව මැනවින් පෙනී යන බව ද මහනාහිමියෝ සඳහන් කරති.
‘‘මෙකල පවත්නා ශාසනික තත්ත්වයන් පිළිබඳව හා ඇතැම් භික්ෂූන්ගේ ශාසකින විරෝධී ක්‍රියාකාරකම් පිළිඳව කිසියම් පියවරක් නොගන්නේ මන්දැයි යන ප්‍රශ්නය ගිහි පැවිදි බොහෝ දෙනා අප වෙත චෝදනා මුඛයෙන් නිතර එල්ල කරනු ලබන විවේචන හමුවේ තවදුරටත් නිහඬව සිටීම අපේ වගකීමක් නොවන බව පෙනී යාම නිසා වර්තමාන රජයේ වගකිවයුත්තන්ගෙන් ද මෙකී කතිකාවත් සඳහා නෛතික බලය ලබා දීමට පියවර ගන්නා ලෙස දන්වා සිටීමට සිදු විය.‘‘ යැයි ද මහා නා හිමියෝ සඳහන් කරති.
‘‘මෙකල පවත්නා ශාසනික තත්ත්වයන් පිළිබඳව හා ඇතැම් භික්ෂූන්ගේ ශාසකින විරෝධී ක්‍රියාකාරකම් පිළිඳව කිසියම් පියවරක් නොගන්නේ මන්දැයි යන ප්‍රශ්නය ගිහි පැවිදි බොහෝ දෙනා අප වෙත චෝදනා මුඛයෙන් නිතර එල්ල කරනු ලබන විවේචන හමුවේ තවදුරටත් නිහඬව සිටීම අපේ වගකීමක් නොවන බව පෙනී යාම නිසා වර්තමාන රජයේ වගකිවයුත්තන්ගෙන් ද මෙකී කතිකාවත් සඳහා නෛතික බලය ලබා දීමට පියවර ගන්නා ලෙස දන්වා සිටීමට සිදු විය.‘‘ යැයි ද මහා නා හිමියෝ සඳහන් කරති.
‘පොළොන්නරු මහා පරාක්‍රමබාහු කතිකාත, නිශ්සංකමල්ල කතිකාවත, දඹදෙණි කතිකාවත, හයවන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධිරාජසිංහ කතිකාවත යනාදී කතිකාවත් තුළින් භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂා කළ රජ දරුවෝ කතිකාවත් සම්පාදනයට මෙන්ම ඒවායින් ඇති කර ගන්නා ලද සම්මත ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කර වීමට අදාල වන රාජ බලය ලබා දී සසුන පිරිසිදු කළ අයුරු මනාව පැහැදිළි වන්නේය. අපේ රජදරුවන් එකී කතිකාවත් තුළින් අපේක්ෂා කළේ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනයයි.
භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂාවෙන් පසු කලෙක ශාසනාභිවෘද්ධිවර්ධන කතිකාවත, පරම ධම්ම කතිකාවත, මල්වතු මහා විහාර පාර්ශවීය අභිනව කතිකාවත, ශාසනාරක්ෂක කතිකාවත, අමරපුර හා රාමඤ්ඤ නිකායික කතිකාවත් යනාදී වශයෙන් ඒ ඒ පාර්ශ්ව හා නිකායික කතිකාවත් ඇති කර ගත් නමුත් ඒවාට නෛතික බලයක් නොමැති වූනේ අපේක්ෂා කළ අරමුණු සාධනය කර ගැනීම දුෂ්කර විය.
එනයින් බලන විට ධර්මධර විනයධර මහ තෙරුන්ගේ සම්මුතියෙන් ඇතිකරගන්නා ලද ශාසනික කතිකාවත්වලට රාජ බලය හෙවත් නෛතික බලය ලබා ගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇති වූවක් නොවන බව පැහැදිළිය.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දණ්ඩනයෙන් විනය හැදීම නීතියක්ද? (ම)
හාමුදුරුවන්ට දේශපාලකයන්ට මෙන් බලය දීමෙන්, දේශපාලකයන් මෙන්ම අධ්‍යාත්මික පරිහානියකට පත්වේවිදැයි බියක් ඇති වේ. (නි)
හැම නිකායේම මහානායක හාමුදුරුවරු දිගින් දිගටම ඉදිරියට විත් ප්‍රශ්න පටන් ගන්නාවිටම ඒවා විසඳීමටත්, ප්‍රශ්න ඉදිරියට ඇති නොවීමටත් පසුගිය කාලයක් තිස්සෙම ක්‍රියාකළා නම් මොන රජයකටවත් ඒවාට මැදිහත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැනේ. (නි)
එහෙනම් මෙච්චර දවසක් ඔය ගැන කතා නොකර රටම ගිනි ගන්නාතුරු බලා සිටියේ ඇයි කියලා ගෞරවපූර්වකව අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න වෙනවා. (නි)
භික්ෂු විනය පිළිබඳ කතිකාවතක් ගෙනඒම ඉතාම හොඳයි. වර්තමානයේ භික්ෂු විනය හොඳටම පිරිහිලා (නි)
ඕවා ආණ්ඩු වලින් වෙනතුරු ඉන්නේ නැතුව අපේ නායක හාමුදුරුවරුන්ම ඒ කාලයේ පටන් ගන්න තිබුණු දේවල්. (නි)
පැවිදි නායක හිමිවරුන් මේක ඕනෑ කියනවා. ගිහියෙකු වූ හිටපු ජනපති මේක එපා කියනවා. එතුමාට මොකද්ද මේක නවත්වන්න තිබෙන උවමනාව? (නි)
සමස්ත භික්ෂුන්ගේ විනය පිරිහීම ගැන කතා කරන්න කලින් මේ ආණ්ඩුවල ඉන්න අයගේ මනුස්සකම් හදන්න ඕනෑ. විලිලැජ්ජා නැතුව එහාට මෙහාට පැන පැන වාසි ලබා ගනිමින් තමන් හිටපු පක්ෂය සහ නායකයින් විවේචනය කරමින්, කිසිම මනුෂ්‍ය ධර්මයක් කළගුණ සැළකීමක් දන්නේ නැති මොවුන්ද භික්ෂුන්ගේ විනය ගැන කතා කරන්න එන්නේ? මොවුන්ගේ අරමුණ සසුන රැකීමවත් බුදු දහම රැකීමවත් නොව ඔවුන්ට විරුද්ධව සිටින භික්ෂුන්ගේ කට වසා භික්ෂුන් නිහඬ කිරීම බවයි අපි හිතන්නේ. ශ්‍රී ලංකාවේ භික්ෂුවගේ ආගමික, සාමාජික, ජාතික දායකත්වය අපරිමිතය. සියලු බෞද්ධයන් මෙය වටහාගත යුතුය. (නි)
ගරුතර මහනායක ස්වාමින් වහන්ස, සිංහලයාත්, බොදු අයිතියත් එකිනෙක බැඳී පවතී. එසේ නොවේයැයි කීමට කිසිවෙකුටත් නොහැක. එහෙත් මේ බලපෙරේත දේශපාලනය නිසා නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය සහ නැතිවූ පුජනීය බොදු බිම් රැකගැනීමටත් ඉදිරිපත් වෙන්න. (නි)
ගෞරවනීය නා හිමියනේ , චේතනාව පාරිසුද්දනම් සාසනික විරෝධී කටයුතු සාසනය තුලම විසඳාගැනීමට මේ කතිකාවත තුලින් හැකිනම් උපාසක උපාසිකා දෙපාර්සවය හැටියට එකහෙලා කැමති මුත් රට ජාතිය වෙනුවෙන් පෙරට එන ධර්මධර විනයධර සුපේෂල භික්ෂුන් වහන්සේලා බිලිබාගැනීමට මර්දනය කිරීමට මෙම කතිකාවත යොදා ගැනීමට පිඹුරුපත් සකසනවානම් අපගේ සාතිසය සංවේගයත් මෙසේ පල කරමු (බ)
මේ වගේම සෑම ආගමකටම රට තුල සාමය නැති වෙන ලෙස හැසිරීම තහනම් කළ යුතුයි.ආගමික නායකයෝ ස්වල්පයක් පෞද්ගලික වාසි තකා මහජනයා මෙහෙයවීම රටකට අනතුරුදායකයි.(ම)