නේපාලයේ සිදුවූ භූමි කම්පාවෙන් විනාශයට පත් විහාරස්ථාන දෙකක් යළි ඉදිකරදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
එ් අනුව කත්මණ්ඩු අගනුවර හටගත් භූමිකම්පාවෙන් සහ පසු කම්පන තත්ත්වයන් හේතුවෙන් විනාශයට පත් ආනන්ද කුටි විහාරය සහ රටෝ ටැක් හින්දු විහාරය යළි ඉදිකරදීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මෙනවිය සඳහන් කළාය.
ඒ සම්බන්ධයෙන් නේපාලයේ දී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දී නේපාල රජය වෙත දැනුම් දීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහේෂිණී කොළොන්නේ මහත්මිය ප්‍රකාශ කරයි.
භූමි කම්පාවෙන් විනාශයට පත් නේපාලය යළිත් වරක් ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා එක්ව සිටින පාර්ශව සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් පවත්වන එම ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇමැති ඒ.එච්.එම් ෆවුසි මහතා සහභාගි වන බවද ඒ මහත්මිය සදහන් කරයි.
ඒ මහත්මිය මේ බව සදහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
නේපාලයේ ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතටපත් ජනතාවට සහන සැළසීම සඳහා ශ්‍රී ලංකාවෙන් විශේෂ කණ්ඩායමක් කත්මණ්ඩු අගනුවර බලා පිටත්ව ගිය බව සිහිපත් කළ මහේෂිණී කොළොන්නේ මහත්මිය එමඟින් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව පෙන්වා දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ආපදාවන් අහිංසක ජනයාට දුකක් වුණත් සමහරුන්ට නම් ධන උල්පත් ...... (නි)
රත්නසිරි ගමගේ ජීවත්වෙන්න කන මිනිහෙක්ද? එහෙම නැත්නම් කන්නම ජීවත්වෙන කෙනෙක්ද? කොහොම වුණත් ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න බලන්න. (නි)
මෙවැනි සත් බාවයෙන් කරන කටයුතු සඳහා දුප්පත් කුලී වැඩ කරන ජනතාවත් රුපියලක් හෝ පරිත්‍යාග කරනු ඇති (නදී)
තිළිණි මාර දක්ෂකමක් කරලා තියෙන්නේ. විනාඩි කීපයට මහේෂිට කරපු දේ හිතාගන්නත් බැහැ.කොහොම වුණත් වැඩේ හොඳයි.මොකද පහුගිය කාලේ ආධාර දුන්නේ ස්වාසිලන්තය වගේ අයටනේ.නේපාලය අපේ බුදුන්ගේ දේශය. (නි)
මේ මුදල් එම රටේ අවතැන් වී සිටින අයට දුන්නා නම් ලොකු පිනක් මම හිතන්නේ. (නි)
මේ මුදල් වියදම් කරන්නේ පන්සල් ඉදිකිරීමට. (ම)
ගොඩක් අගය කළ යුතු වැඩක් (ම)
අපේ මිනිසුන්ට එදා වේල නෙමෙයි මැරෙන තුරා කන්න දුන්නත් එකේ අගයක් නැහැ. අඩුපාඩු හොයනවා ඇරෙන්න.මෙවැනි සහයෝගයක් දැක්වීම අපේ රට කොච්චර ගෞරවයක්ද කියල හිතන පිරිස ගැන සතුටුයි.(ම)
ඒ වැඩේ හොදයි.(හේ)
බොහොම හොඳ පින් ලැබෙන වැඩක් . රටට ජාතියට මේ පිනම ඇති ,අපි හැමෝටම , යහපතක් වෙන්න (ම)
වැඩේ හොඳ වුණාට ඉසුරන්දිලා කලින් ඔහොම කිව්වේ නැහැ නේද? අනේ අනේ කබරයා තලගොයා කරන හැටි (නි)
අපේ රටේ කන්න නැතිව කුලී වැඩ කරන දුප්පත් මිනිසුන්ට ඔය මුදල් ටික දීල වැඩක් වෙන්නේ නැතිද? මම මෙහේ ඉදන් දුප්පත් අයට දුන්නට රටේ මුදල් පිටරට යනවා. (නදී)
ඉතා හොඳ දෙයක් (නි)
ඉදිකිරීම් මාර්ගයෙන් සාක්කු වලට යන්නේ නැතිනම් හොඳයි. මම මේ කියන්නේ පේනවා නේද එක එක්කෙනා පෝලිමේ කට උත්තර දෙන්න එන හැටි (නදී)
මේ මුදලින් පොඩි රෝහලක් හදා දුන්නනම් වඩා හොදයි. (ර)