
(සනත් ගමගේ)
අම්බලන්තොට මාමඩල මොකුටුයාය ප්රදේශයේ නිවසක දී වෙඩි තබා කපා කොටා පසුව හිස කඳින් වෙන් කර පිළිමකට එල්ලා තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් තිදෙනා, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ සහ දියණිය හම්බන්තොට ප්රධාන මහේස්ත්රාත් වයි .ආර්.බී. නෙළුම්දෙනිය මහතා හමුවේ අද පැවැති හඳුන ගැනීමේ පෙරට්ටුව හඳුනා ගත්හ.
ඝාතනය ලක් වූ පුද්ගලයාගේ බිරිඳ සහ දියණිය යන සාක්ෂිකාරියන් විසින් අපරාධය කිරීමට නිවසට පැමිණි පුද්ගලයන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී මෙසේ හඳුනාගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.
ඉකුත් මැයි මස (12) තංගල්ල විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අම්බලන්තොට පොලිසියට බාර දුන්නේය.
සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට තවත් පුද්ගලයකු අම්බලන්තොට පොලීසිය මගින් පසුව අත් අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම අද (04) සිදුවිය.
හඳුනා ගැනීමේ පෙරටුවෙන් පසු ප්රධාන සැකකරුවන් තිදෙනා සහ සහ ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩවට ගත් තුන්වෙනි සැකකරුද සමග සැකකරුවන් හතර දෙනා මේ මස (18) දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට හම්බන්තොට ප්රධාන මහේස්ත්රාත් වයි .ආර් .බී.නෙළුම් දෙනියමාතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු කපුටෝ ඇප ඉල්ලයි ද ? මේවට දඬුවම් ලැබෙන්න යන කාලය වැඩියි. ඒ නිසා අපරාධ කරන උන් දන්නවා , ඒවායින් බේරෙන්න පුළුවන්, කියල. කළු කපුටෝ කොහොම හරි ඇප අරන් දෙනවත් කියලා දන්නවා. උන් ඉතින්, අළු ගොසුවෝ වගේ , මිනිස්සු මරනවා. මේ වගේ භායනක,නිර්ධය මරා දමීකමක්ට උනත් ඉක්මනට දඬුවම් දෙන්න.